(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයන්ගේ පිහිටි දිය ඇලිවල ජල මට්ටම් අධික ලෙස ඉහළ ගොස් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙනු දැකිය හැකිය.
තලවකැලේ-නාවලපිටිය මාර්ගයේ කඩියන්ලෙන නගරය අසල පිහිටි තට්ටු තුනකින් සමන්විත මීටර් 30 ක් උසැති කඩියන්ලෙන දිය ඇල්ල හා තලවකැලේ -හැටන් මාර්ගයේ පතන නගරය ආසන්නයේ පිහිටි මීටර් 97 ක් උසැති ඩෙවෝන් දිය ඇල්ල මෙසේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ වඩාත් සුන්දර වී තිබේ.
ප්‍රධාන මාර්ගයන් අසලම මෙම දිය ඇලි දෙක පිහිටා තිබීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ට කිසිඳු අපහසුවකින් තොරව නැරඹීමේ හැකියාව තිබේ.


ඩෙවොන් ඇල්ල

කඩියලෙන ඇල්ල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර වසන තුරු ... නිවන් දකින තුරු... පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට ... හේතු වසනා... වේවා .. හේතු වසනා....
වෙන රටවල සුන්දරත්වය පිරි ස්ථානවල එයට බලපෑම්වන ඉදිකිරීම් පෞද්ගලික ඉඩම්වල උනත් කරන්න දෙන්නේ නැත. ඩෙවොන් ඇල්ල උඩ මෑතක ඉදිකිරීමක් කර ඇත................ එහි සුන්දරත්වයට බලපෑමක් වෙන. එයට අවසර දුන්නේ කව්ද?
දැන් වැස්ස ඉවරවෙලා දවස් තුන හතරකින් ඇල්ල ලෑල්ල වෙනවා, වතුර පෙනෙන්නේවත් නැත, ඉස්සර ඇල්ල මාස දෙක තුනක් යනකන් කිරිසුදු පාටට ගලනවා, ඇල්ල ඉහල කැලේ එලිකරපු රට පාලුවන්ට දඬුවම් දෙන්න කවුරුවත් නැත.