
(කාංචන කුමාර ආරියදාස)
පොහොර සහ කෘමි නාශක නොමැති කමින් දඹුල්ල වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් ද විනාශ වී ඇතැයි ගොවීහු පවසති.
විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ වෑවලවැව ප්‍රදේශයේ ගොවීහු පේර,අඹ,කටු අනෝදා,ගස්ලබු,දෙළුම්,ආදී පලතුරු වගාවන් සිදු කරති.
වසරක පමණ කාලයක සිට පවතින කෘමිනාශක,දියර පොහොර,සහ පලතුරු ගස්වලට අවැසි පොහොර වර්ග නොමැතිවීම හේතුවෙන් තම වගාවන් හි නිෂ්පාදන විවිධ කෘමීන්ගෙන් සහ පිටි මකුණන් නිසා විනාශ වෙමින් පවතින බවත් වසර ගණනාවක් සිට මෙරටට ඩොලර් උපයා දුන් සියලු පලතුරු අස්වැන්න ගස් යට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
වගාවන් අස්වැන්න නෙළන සමය මේ වන විට උදාවී ඇතත් ඔවුන් සඳහන් කර සිටින්නේ ඉතා අලංකාර පෙනුමැති කිලෝ පේර විදේශ රටවලට පැටවීම සඳහා සූදානම් කළ ද මේ වන විට ඒවා ඉතා අඩු මුදලකට මිලදී ගැනීම් සඳහා පැමිණෙන බවයි.
කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමාණයට ද පේර ලබාදීමට නොහැකි බවද කිලෝ හාරදහසක් පමණ එක මුරයකට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වී ඇත්තේ පොහොර සහ කෘමිනාශක දියර පොහොර හිගය නිසාවේ බව ද ගොවීහු පවසති. එක මුරයකට කිලෝ හය හත් සියයක් පමණ සීමා වී ඇතැයි පෙර ගොවීහු පෙන්වා දෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුවා-පට්ටම් මුළු රටේම වගාව කාබාසිනියා කරලා ම දැම්මා. අඩු තරමේ තණ බිම් වල තන කොලවත් නැහැ .යූරියා නැති හින්දා ඉස්සරහට මිනිස්සුන්ට තණකොළ ටිකක්වත් නැති වෙනවා
දැන්වත් මේ නන්දසේනව ගෙදර යවමු , අපේ කෘෂි කර්මාන්තය ඉවරෙටම ඉවර කලා
කබ්රාල්ගේ උපදෙස් මත සර්ගේ මග පෙන්වීම යටතේ ,මහින්දගේ උපදෙස් පරිදි පලතුරු ගම අභාවයට ගියා කියලා සමරු පාලකයක් නිර්මාණය කරමු
තවත් සර්ට කඩේ ගියානම් හරි
දැන්වත් මොලේ පෑදෙයිද? මේ රටේ මිනිස්සුන්ට මේ දෙගොල්ලන්ටම රට හදන්න බැරි විත්තිය...
මෙච්චර කාලයක් වහම නේද කාලා තියෙන්නේ...?
මහින්දානන්දගේ කැපවීම සහ ශෂින්ද්‍රගේ කොමිස් ප්‍රහාරයෙන් යන කොටසත් මේකට එකතු කරමු
දැන් සැපද?මුන් ටික මේ අසරණ ගොවි ජනතාව මුලා කළා. චන්දෙ කොල්ල කාලා. දැන් බුලටි ගහනවා. කාලකන්නි ආණ්ඩුව