




(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)



(ඡායාරූප - තුසිත කුමාර ද සිල්වා)
(දයාරත්න ඇඹෝගම සහ තුසිත කුමාර ද සිල්වා )
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 27 වැනි ගුණසැමරුම් උත්සවය අද(08) අනුරාධපුර ශික්ෂණ රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුව අභියසදි පැවැත්විණි.
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා 1992 වසරේ අගෝස්තු මස 08 වැනි දින පෙ.ව.10.08ට යාපනය අරාලි තුඩුවේදි එල්ටීටීඊ ත්‍රස්වාදීන් අටවන ලද බිම් බෝම්බයට හසුවී මියගොස් අදට(08) වසර 27 ක් ගතව ඇත.
ආගමික වතාවත් කොළඹ, කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කදුරුදුව සුගතවංශ නා හිමියන් විසින් සිදුකළ අතර මෙම අවස්ථාවට අභාවප්‍රාප්ත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිදි ලිලී කොබ්බෑකඩුව මහත්මිය, පවුලේ ඥාතීහු, මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ජා බලසේනාවේ සේනාවිධායක මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
එසේම ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ ගුණානුස්මරණ උත්සවයක් අලුත්ගම, කලුවාමෝදර පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරුව අබියසදී ද අද(08)පැවැත්විණි.
මෙම උත්සවය මොරගල්ල සංචාරක ව්‍යාපාරික සංගමය විසින් සංවිධානය කර තිබූ අතර යෝඝාශ්‍රම ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව, මොරගල්ල සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීහු, සංචාරක ව්‍යාපාරක සංගමයේ සාමාජිකවරු කොබ්බෑකඩුව පිළිරුවට පුෂ්පෝපහාර පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාව මැරුවේ කවුද කියලා රටම දන්නවා. ඔබ ජාතියේ වීරයෙක්!!!.
මෑත යුද ඉතිහාසයේ අපිට පහළ වූ එකම රණශූර, අභීත, දේශප්‍රේමී සෙන්පතිතුමා. ජාති ද්‍රෝහී පිරිසක් නිසා අපිට අහිමි වුණා.. එතුමා සිටියානම් යුද්ධය තිස් වසරක් දික් ගැස්සෙන්නේ නැතිවා මෙන්ම තිස් දහසක් හමුදා සෙබළු අප හට අහිමි වන්නේද නැත. යුද උපක්‍රම ගැන දැන සිටි එකම සෙන්පතියා මෙතුමා විය.. වඳුරාට දැලිපිහිය දුන්නාක් මෙන් තමනුත් කපාගෙන අනුන්ද කපාගන්නට ගියේ නැත.
ඔබතුමා වීර රණවිරුවෙක්.. මගේ ප්‍රණාමය!!