රජයේ ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව අද(16) සිට රට පුරා ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 351ක් අවට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම ආරම්භ කළේය.
එහි සමාරම්භක වැඩසටහන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල දී පැවැත්විණි.
මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු අකාරය පිළිබඳව විශේෂ චක්‍ර ලේඛයක්ද මේ වන විට දුම්රිය සමාන්‍යධාරිකාරිවරයා විසින් සියලුම දුම්රි ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එම දුම්රිය ස්ථාන පවතින පළාත් පාලන අයතන ඒකාබද්ධව ශ්‍රමදාන අකාරයෙන් ශුද්ධ පවිත්‍ර කිරිමෙන් අනතුරුව මහජනතාව එම ස්ථාන අපිරිසිදු කරන්නේද යන්න පිළිබඳව සෙයා බැලීමට විශේෂ වැඩපිළිවෙළක්ද සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
දුම්රිය මගීන් දුම්රිය මාර්ගයට කැලි කසල බැහැර කිරීම නිසා දුම්රිය මාර්ගත් ඒ අවටත් අපිරිසිදු වන බවත් මින් ඉදිරියට දුම්රිය මාර්ග වල හා දුම්රිය ස්ථාන වල තැන තැන කැලි කසල බැහැර කිරීම වරදක් සේ සලකන බවත් ඒ සඳහා මගීන් හටද දඩ මුදලක් පැනවීමටත් ක්‍රියා කළ යුතු බවද අමාත්‍ය වරයා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර දුම්රියපළේ වැසිකිලියට ගියාම අපිරිසිදු වතුර පිරිලා. කරගන්න හිතාගෙන ගියදේත් කරන්න එපා වුණා.
ලංකාවේ තිබෙන අපිරිසිදුම රාජ්‍ය ආයතනය තමා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. තවම ගොඩාක් තැන්වල වැඩ කරන්නේ එක්දාස් අටසිය ගණන්වල කරපු විදිහට. කොච්චර සේවකයෝ හිටියත් දුම්රිය ස්ථාන, දුම්රිය මාර්ගය සහ දෙපස හරිම අපිරිසිදුයි. දුම්රිය සේවයට අයත් අනෙක් බොහෝ කාර්යාල, නිලනිවාස පවා ගරාවැටිලා නටබුන් වෙලා...