IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඥානසාර හිමියන්ට කාන්තන්කුඩියේදී උණුසුම් පිළිගැනීමක්

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී ඊයේ (4) පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව එම කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගත්හ.
එම වැඩසටහනට එම බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය, එහි සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්ම මහක්මීහූ ද සහභාගි වූහ.
විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් එම බලකාය පත්කරන ලදි. 



අදහස් (24)

ඥානසාර හිමියන්ට කාන්තන්කුඩියේදී උණුසුම් පිළිගැනීමක්

Lal Sunday, 05 December 2021 03:44 PM

මේ විකාර වැඩවලට මුළු ලෝකෙම ලංකාවට හිනාවෙනවා. අනේ මෙහෙමත් රට පාලනය කරන ගොබ්බ නායකයින්...

:       256       78

JudeSunday, 05 December 2021 05:53 PM

කවුරු හිනා වුණාම අපිට මොකද? අපේ ප්‍රශ්න අපි විසඳගන්න ඕනෑ. මේ ප්‍රශ්න ආයුධ ගන්නේ නැතුව ගහමරා ගන්නේ නැතුව විසඳා ගන්නවා නම් කාට මොන අමාරුව තිබුණත් අපිට වැඩක් නෑ. අනිත් එක ඔය හිනාවෙන එක කාලකන්නියෙක් වත්, යුද්ධයක් ආවොත් ඒක වවාගෙන කන්නයි, අවි විකුණන්නයි බලනවා මිසක් ඒක වළක්වන්න උදව් කරන්නේ නෑ...

:       29       148

යෝගා Sunday, 05 December 2021 06:44 PM

කොතැන හෝ යහපතක් සමාදානයක් වෙනවා නම් එයට ගරහන්නා මානසික ලෙඩෙක්මයි...

:       17       105

BamunuarachchiMonday, 06 December 2021 07:08 AM

අල්ලා විශ්වාස නොකරන කෙනා මරපන් කියලා පොතේ ලියලා දීලා... ඔවුන්ගේම සුන්නි එකා, ෂියා එකා මරණ ගමන් අපි තමයි ලෝකෙට සාමය ගෙනාවේ කියන එකට කොයිපැත්තෙන්ද හිනාවෙන්නේ...?

:       0       0

BamunuarachchiWednesday, 08 December 2021 07:07 AM

හලෝ මෙතන සමාදාන වෙන්න මොකද උනේ? අපිට අමුතු සමාදානයක් ඕනේ නැහැ. අපිට ඕනේ මෙරටට ගම්මිරිස් හොයාගෙන ආපු හමබයෝ රට මුස්ලිම් කරණය කිරීම වැලක්වීමයි. දෙමල්ලු රටෙන් කෑල්ලක් ඉල්ලනව මිස රට හින්දුකරණය කරන්නේ නැහැනේ?

:       0       0

BamunuarachchiWednesday, 08 December 2021 07:10 AM

රටේ මෙලෙච්ච ආගමක් පැතිරෙන්න දෙන එක මානසික ලෙඩක් නොවෙයිද? ඔබ හැරෙන කොට අපි දන්නවා ඊළඟට එන්නේ මොකක්ද කියලා.

:       0       0

BamunuarachchiMonday, 06 December 2021 06:40 AM

ගොබ්බයින්ට හිනා වෙන බව ඩිස්ලයික් වලින් දැක්කා

:       0       0

JayasekaraMonday, 06 December 2021 09:54 AM

ලෝකයා හිනාවුනාට අපිට මොකෝ. අපි රටේ ප්‍රශ්න වෙන්න තියෙන දෙයක් අපි කලින්ම හදාගන්න ඕන

:       0       0

Kanchana Sunday, 05 December 2021 06:04 PM

බොහෝ දෙනෙක් එම දේශනාව අසා පැහැදී බුදුදහම වැළඳගැනීමට කැමැත්ත පළකර තිබෙනවා...

:       42       34

JagathSunday, 05 December 2021 08:32 PM

ඔව් අපටත් ආරංචියි මේ හාමුදුරුවන්ගෙන් බණ අහලා මුස්ලිම්, දෙමළ ජනතාව බෞද්ධයින් වෙන්න කැමති වුණා කියලා. ළඟදීම ශ්‍රී ලංකාව 100%ක් බෞද්ධ රාජ්‍යක් වෙනවා. හරිම සතුටුයි.

:       47       44

BamunuarachchiMonday, 06 December 2021 07:04 AM

මොකක්ද හලෝ දෙමළ ජනතාව බෞද්ධ වෙනවා කියන්නේ? අපිට කාවවත් බෞද්ධ කරගන්න ඕනේ නැහැ. අපි ඒ මේනියාවෙන් පෙලෙන්නෙත් නැහැ. හැබැයි මේ රටේ තිබෙන බෞද්ධ සංස්කෘතිය නැතිවෙන්න දෙන්න බැහැ. එ්ක නැති කරන්න ආවොත් අපිට බෞද්ධකම පැත්තකින් තියන්න වෙනවා. ක්‍රි පු 135දී වුණා වගේ... බෞද්ධ සංස්කෘතිය නිසයි ඔය කියන මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් මෙහි පැළපදියම් වුනේ...

:       0       0

BinukaSunday, 05 December 2021 09:43 PM

උන්වහන්සේ මේ කරන්නේ අනිත් ආගම් වල අය බුදුදහමට හරවගන්න වැඩක් නෙමේ කියන එකවත් තේරුම් ගන්න බැරි තරමට ඔලුව විකාර වෙලාද?

:       0       0

BamunuarachchiMonday, 06 December 2021 06:43 AM

හාමුදුරුවෝ ඔය ගොබ්බ පාට වලට රැවටෙන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු කවුද කියලා. සිංහලයෝ තරම් කාගෙවත් වචනවලට රැවටෙන ජාතියක් ලෝකෙම නැහැ.

:       0       0

nm Sunday, 05 December 2021 06:34 PM

මින්පෙර දේශපාලන වේදිකාවේ සහ සකච්ඡා සඳහා වචනයට පමණක් සීමාක‍ර තිබූ ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දරන උත්සාහය අගය කරමු. රට පුරා ගොස් මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව මුණගැසී සුහදත්වය පලකිරීමට සහ දෙපාර්ශවයේ දැනුවත් වීම අත්‍යාවශ්‍ය වේ..

:       29       165

gagana Sunday, 05 December 2021 10:45 PM

පේනවනේ කියවන්න වෙලා තියෙන සමහර මෝඩ කමෙන්ට්ස්. මොනාකලත් හොඳක් නැති සමාජයක්

:       0       0

Binkunndaa Monday, 06 December 2021 12:06 AM

මුන්ටත් ලැජ්ජා නැත .උන්ටත් ලැජ්ජා නැත

:       0       0

Demuni Uduwara Monday, 06 December 2021 03:18 AM

මෙයද ඉක්මනින් ආපසු හැරෙනු ඇත; නීති ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථාදායකයක් සහ ඇමතිවරයෙක් ඇත.

:       0       0

Demuni Uduwara Monday, 06 December 2021 03:20 AM

නීති සම්පාදනය කිරීමට ව්‍යවස්ථාදායකයක් සහ විශේෂිත ඇමතිවරයෙක් සිටී!

:       0       0

Susantha Monday, 06 December 2021 06:50 AM

මේ ආණ්ඩුව පටන් ගත්දා ඉඳලාම කළේ විහිලු වැඩ... මේකත් ඒ වගේම තව විහිළුවක්...

:       0       1

Bamunuarachchi Monday, 06 December 2021 06:55 AM

අපේ හාමුදුරුවනේ, මතකයි නේද අපිට පොඩිකාලේම කියාදුන් කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල...? කියන කවියක අන්තිම පදය... මටත් මතක ඒ කවිපදය විතරයි. ඒ නිසා ඔවුන්ගේ කාරිය කෙරෙන්න ඉඩ තියන්න එපා. ආදම්ගේ එක පුතෙක් කායින්, අනික් පුතා අබේල්ව මරලා. කුරානය කියන්නේ අල්ලා විශ්වාස නොකර මිනිස්සු මරපල්ලා. ඉතින් සැමට මෛත්‍රි කරන්න කියා උගන්වන බෞද්ධයින් තමයි පළමුව මැරුම් කන්නේ... එම නිසා අපේ හාමුදුරුවනේ රැවටෙන්න එපා...

:       0       0

gunarathna Monday, 06 December 2021 07:54 AM

මේ හාමුදුරුවන්ට භාර දීපු වැඩේ හරියටම කරන්න තමා උන්වහන්සේ උත්සහ ගන්නේ

:       0       0

Bunny Preena Monday, 06 December 2021 08:58 AM

මම බොහොම සතුටට පත්වුනා

:       0       0

Surain Monday, 06 December 2021 11:44 AM

කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි

:       0       0

wimal Monday, 06 December 2021 12:46 PM

හොඳ දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1440 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site