ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) හම්බන්තොට වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
‘ඉකසුචී’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වීමෙන් පසුව නෞකාවේ මෙහෙයුම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීහු පිරිසක් දකුණු නාවික විධාන බාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා හමුවූහ.
එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූහ.
මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය බාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා සහභාගී වූහ.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැඳි සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය





2025 දෙසැම්බර් මස 04
251
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
397
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපාන නෞකාවක් හම්බන්තොට වරායට
Bamunuarachchi Thursday, 17 January 2019 01:44 AM
පෙනුමෙන් ඇමරිකන්ස් ලා වගේ හැඩිදැඩි නොවුනාට පර්ල්හාබර් එකටත් වැඩ දුන්නේ මේ මොලවලින් තමයි. පරමාණු බෝම්බයට යට නොවන්න මේ ගොල්ලෝ මේවන විට දකුණු ආසියාවම අල්ලලා.
Bamunuarachchi Thursday, 17 January 2019 01:48 AM
අපේ නාවික හමුදාවේ මීට වඩා ස්මාර්ට් පෙනුම ඇති නාවිකයෝ නැද්ද? ඒකට 1950ස් ගණන්වල. ඒ කාලේ අපිටත් හිතුනා ලොකු උනාම නාවික හමුදාවට බැඳෙන්න.
Bamunuarachchi Thursday, 17 January 2019 01:51 AM
අපේ හාදයා විතරයි දත් පෙන්නලා හිනා වෙන්නේ. හමුදා නිලධාරීන් එහෙම කරනවා මම දැක නැත හමුදා ලොක්කෝ ඒ ගැන මොනවාද කියන්නේ.