IMG-LOGO

ජනපතිවරණ සටන නිමාවීමෙන් පසු

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති කවුරුන්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා  මැතිවරණ කොමසාරිස් මහින්ද  දේශප්‍රිය මහතා විසින්  සියලු අපේක්ෂකයින් රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවීමෙන් අනතුරුව යළි සියලු දෙනා මැතිවරණ කොමිසමෙන් පිටව යන අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.

නව ජනාධිපති ලෙස තේරීපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අපේක්ෂකයන් එහි පැමිණ සිටි සිය ආධාරකරුවන්ට  ආචාර කරමින් ඉන් පිටව ගිය අතර ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.

රැස්ව සිටින පාක්ෂිකයින් ප්‍රීතී ඝෝෂා නගමින්  සිටින අයුරු දැකිය හැකි විය.
 

 
 



අදහස් (14)

ජනපතිවරණ සටන නිමාවීමෙන් පසු

Chanak los angeles Sunday, 17 November 2019 06:05 PM

ඔය ජයඝෝෂා මාස 6 යි තියෙන්නේ...

:       501       155

Chanak los angeles Sunday, 17 November 2019 06:09 PM

ඔහු දිනුවාට එළියෙන් සතුටු වෙනවා ඇති. නමුත් ඔහු කළ දේ පිළිබඳව සිත තුළින් දැවෙනවා.

:       729       750

RaveendraSunday, 17 November 2019 08:53 PM

චානක් ලොස් ඇන්ජලිස් මයා වෙත, අප ගෝඨාභයට කඩේ යනවා නොව. අප කිසිදු දේශපාලුවෙකුට කඩේ නොයන්නොය. ඔබ සදහන් කර කරුණ ගෝඨාභයට පමණක් නොව සජිත්ට, අනුරට, ඔබට මෙන් මේ අපටද පොදුය. අප අපට අවංක නොවුනොත් අපට දියුණුවක් නැත.

:       1       50

Chanak los angeles Sunday, 17 November 2019 06:09 PM

ඔහු දිනුවාට එළියෙන් සතුටු වෙනවා ඇති... නමුත් ඔහු කර තිබෙන හොර, බොරු, වංචා පිළිබඳව සිත තුලින් දැවෙනවා...

:       574       204

Aris Sunday, 17 November 2019 07:15 PM

පළමුවෙන්ම ඔබ තුමාට සුභ පතනවා. ජනපතිවරණ සටන නිම වුනාට මේ රටේ සිංහල උරුමය රැක ගැනීමේ සටන ජනතාව ඔබට බාරදී තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව තරකරන ගමන් පළමුවෙන්ම රටේ පුරවැසියන් සදහා පොදු විවාහක නීතියක් ඉස්ථාපිත කරන මෙන් ඉල්ලනවා.

:       0       104

සමන් ඔස්ට්‍රලියා Sunday, 17 November 2019 11:17 PM

කෝ අර ජෝතිශ්‍යවේදීන් ?

:       0       58

gonawala sunil Monday, 18 November 2019 12:44 AM

ඔබ ඉන්නේ ලොස් ඇන්ජලිස් වලද එහෙම නැතිනම් විල්පත්තුවේද? මෝඩ කතාමයි කියන්නේ. දන්නා දෙයක් කතා කරන්න.

:       2       63

ChathuriMonday, 18 November 2019 10:58 PM

ඔයාද ඇතුලේ ඉඳලා නිදහස අරන් එලියට ආවේ

:       0       1

Kasaya Monday, 18 November 2019 03:34 AM

සමහරු මේ දවස්වල විකාරෙන් දොඩවනවා. ඒකට පිස්සු කියන එක හරි නෑ.

:       1       29

Kannangara Monday, 18 November 2019 03:36 AM

ලොස් ඇන්ජලීස්ට මාර මොලයක් තියෙන්නේ.. හැබැයි තියන තැන හරි නැහැ.

:       1       128

thushara Monday, 18 November 2019 04:09 AM

සුබපැතුම් නව ජනපතිතුමනි, ඊළඟ ජනාධිපතිවරණයෙන් සිංහල ඡන්ද මෙන්ම දෙමල, මුස්ලිම් ඡන්දත් ලබා ගැනීමට හැකි වුණොත් ඔබ සැබෑ ලෙසම තම කාර්ය නිවැරදිව ඉටු කළ නායකයෙක් වේවි... ඔබේ සැබෑ ජයග්‍රහණය ලැබෙන්නේ එවිටයි..

:       0       52

nicola Monday, 18 November 2019 04:29 AM

ගෝඨාභය ජනපතිතුමනි, ඔබට සුබපැතුම්...! රට නිවැරදි දිසාවට රැගෙන යන්න ඔබට දෙවි පිහිට, ශක්තිය, ධෛර්යය.. සැමගේ සහාය නොමඳව ලැබේවා...!!! ඔබට ජය...

:       0       15

AJANTHA Monday, 18 November 2019 04:43 AM

ජෝතිෂ්‍ය කියන්නේ සම්පූර්ණ බොරුවක් කියල දැන්වත් තේරෙනවනම් ලොකු දෙයක්.

:       0       22

Kumar Monday, 18 November 2019 04:54 PM

වැඩි ඡන්දයට කවුරුත් ගරු කරන්න ඕනෙ කෙනාට තමා අකමැති වුණත් වැඩි දෙනාගේ කැමැත්ත එකඟ නොවී රටක් ගොඩ නගන්න පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මුල ධර්මය. රට දියුණු නොවුණොත් තව වසර පහකින් තව අවස්ථාවක් ලැබෙනවා තමාගේ මතය පලකිරීමට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 799 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site