ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත්පැතීමේ පිංකමක් කෝට්ටේ රජමහා විහාරයේදී අද (07) පස්වරුවේ පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගි වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වූ අයුරු සහ විහාරස්ථානයේ ඇතෙකුට පලතුරු කැවූ අයුරු.. විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ හිමියෝද වෙති.







(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මෙයත් පටන් අරගෙන පන්සල් යන්න
හාපෝ කොඩිකාරයවත් ලං කරගෙන. හොර තොරණක් හදලත් මෙයාට ප්‍රශ්නත් ඇති කළා නේද?
හාමුදුරුවනේ, රටට සෙත්පතන්න. නායකයින්ට ඒ අය කරපු පින් පව් අනුව තමයි එදිනෙදා පැමිණෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. දැන් මේ කරඩුව විහිළුවක් වෙලා. මෙය අති පුජනිය වස්තුවක්. නායකයින් පන්සලට යන එන හැමවෙලාවෙම මෙයා එළියට අරගෙන හිස මතින් තබනවා. පිරිත් නුලක් බැන්දම මදිද ? ගිහියන්ට නැති අමාරුවක් හාමුදුරුගොල්ලන්ට තියෙන්නේ වැඩ බාර ගන්නකොට ලොකු පුජනිය උත්සවයක් පැවැත්තුවේ ගිය මාසේ නේද ? එහි බලයක් නැතිද ? හාමුදුරුවන් තමයි ගිහියන්ගේ භක්තිය නැති කරන්නේ. පිරිත් පැන් එක බිදක් තොලගෑවුනත් එහි ලොකු ආනිශංසයක් අවුරුදු ගානක් තියෙන බවට ගිහියන්ට තේරුම් කරදෙන්න. ගිහියන්ට තේරුනත් හමුදුරුවන්ටයි නොතේරෙන්නේ. මේ පුජනිය වස්තුව මහගු අවස්ථාවට පමණක් ගන්න.
අපේ රටේ පාලකයන්ගේ දැහැමි බව කවදත් අපි දකිමු. ආගමීක නායකයන් ඔවුන් වෙත ලබා දෙන ආශිර්වාදය අඩුවක් නොමැත. ජනතාවද ඔවුන්ට මාරැවෙන් මාරැවට පුද සත්කාරයේ යෙදෙති. එහෙත් ලෝකයේ අංක එකේ දුෂිත පාලනයක් වගේම හිඟමනෙන් යැපෙන රටක් වුනේ කෙසේද යන්න තේරැම් ගත නොහැකියි. දැහැමි බව වංචාවක්ද? දෙවියන් බුදුන් කාගැනත් සත්‍ය අවබෝධ කර ගෙනද? පීඩිත පංතිය කරුමය ගෙවිය යුතුමද? බොරැව මත යැපෙන්නෝ වාසනාවන්තයෝ වීම පමණක් සත්‍යද?
මෙතුමා බලයට පත් කරන්න විශාල වශයෙන් මහන්සි වුණු සුප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් "අලුත් ආණ්ඩුව පත්වෙලා මෙච්චර කාලයක් ගිහිල්ලත් තවම අපගේ නඩු එකක්වත් අස්කරගෙන නැහැ. දැන් අපට මේ ආණ්ඩුව තිත්තවෙලයි තියෙන්නේ " කියලා කියනවා දැක්කා. එතකොට ආණ්ඩුවක් පත්කර ගත්තේ නඩු අයින් කරගන්න බලාගෙනද?
ජනතාවට වැඩක් කරන්න වෙලාවක් නැහැ... පන්සල් ගානේ යනවා මිසක්...