
(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව විසින් ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය අද (2) පස්වරුවේ පිරිනැමීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසනාවේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරයේදී පැවැති ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යමහෝත්සවයේදී මෙම ගෞරව නාමය පිරිනැමීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පට්ටම ඇමෙරිකාවත් පිළිගනීද
අපේ සර්ට තව ලැබෙන්න ඕනෑ. ළඟදී අපේ ජනතාවගෙනුත් සම්මානයක් ලැබුණානේ...
ඊයේ, පෙරේදා ජුබිලි කණුව පැත්තේ කට්ටියකුත් මෙතුමාට ගෞරව සම්මානයක් දුන්නාලු නේද? කිරිපිටි පෝලිමකදී...
කවුද ඕවා ගණන් ගන්නේ?
කවුද ඕවා ගණන් ගන්නේ...? ඇමෙරිකාවල පෙට්‍රල් ෂෙඩ් එකකවත් රැකියාවක් ගන්න බැහැ.
ජනතාව නම් දීලා තියෙන්නේ ‘‘දේශබින්දු‘‘ ගෞරව නාමය...!!!
සපුමල් කුමාරයාගේ කඩුව තිබ්බේ ඔය විහාරයේ නේද?
අනේ සාදු සාදු කොච්චර හොඳ දෙයක්ද? දැන් නම් දෙයියනේ කියලා හැම ප්‍රශ්නයක්ම හරි යාවි. වගාවට නියමිත ශාක පෝෂක අඩංගු පොහොර, ගෑස් වලට නියම සංයුතිය, බදු වංචාවන්ට දඬුවම්, හාල් මාෆියා මහ මෝල් කාරයන්ව මෙල්ල වි පාලන මිලට හාල් ලැබීම වගේ රටේ දහසකුත් ජනතා ප්‍රශ්න වලට දැන් නම් දෙය්යන්ගේ පිහිටෙන් සියලු විසදුම් ලැබේවි. ඔබ වහන්සේලා දිවා රාත්‍රී දෙකෙහිදීම අපි ගැන කොච්චර හිතනවද අපේ හාමුදුරුවේ. සාදු සාදු සාදු.!
මේවා දකින්න තරම් අපි අවසනාවන්ත් වීම ගැන දුක්වෙනවා.
අසාර්ථක පාලකයෝ සහ දේශපාලකයෝ තමන්ගේ නොහැකියාව වහන්න කරන උපක්‍රමය තමයි මහානායක සුවාමීන්වහන්සේළාව හමු වෙලා ආශීර්වාදය ලබා ගැනීම. ඊයේ අසාර්ථක මහින්දානදත් මෙහම ආශීර්වාදය ගන්න ගිහින් තියන්නේ. මේකම තමයි හකීම් රිශාර්ඩ්ලාත් අනුගමනය කරමින් උලමා සභාචේ ආශීර්වාදය ලබා ගන්නෙත්.
රට විනාශ කලාට තමයි දෙන්න ඕනි.
මේ මොකද මේ
දැක්කද මුළු බෞද්ධ ජනතාවම ඉන්නේ අපේ සර් එක්ක... කන්න නැතත් මේක ඇති අපිට...
මෙයාට සම්මාන දෙන්න ඕනේ ලංකාවේ වැඩිම පෝලිම් ඇති කරපු කෙනෙක් නිසා.
මේවගේ වැඩක් ගැන කවුදෝ කෙනෙක් මෙන්න මෙහෙම සටහනක් දාල තියෙනවා දැක්ක. මොකද දන්නේ නැහැ. උපුටා ගැනීම "රටේ සම්පත් විකුණන එකට, අණක් ගුණක් නැතුව ගහපු ගැසට් රිවර්ස් කලාට, රටේ ආර්ථිකය බංකලොත් කලාට, වාර්තා තියමින් ලෝකයෙන්ම ණය ගත්තාට, කෙලකෝටි ගණන් සල්ලි අච්චු ගැහුවාට, අසුචි නැව් ගෙනල්ලා ඒවාට වන්දි ගෙව්වාට, සීනි, සුදු ලුණු, පොහොර, ඇන්ටිජන්, නිරෝධායන වැනි එකී මෙකී නොකී හැම එකකින්ම ගජ මිතුරන්ට ගසා කෑමට ඉඩ සලසා දුන්නාට, මිනීමැරුම් චෝදන්නා ඔප්පුවී එල්ලුම්ගහට නියමවසිටි වරද කරුවන් නිදහස් කලාට, ගොවියාට සුළු වෙළෙන්දාට යන එන මන් නැති කලාට, ළදරුවන්ට කිරිපිටි ගෙනෙන්න නැති ඩොලර් සිවලිංගය කිරෙන් සෝදන්න වියදම් කලාට වගේ වැදගත් වැඩ වලට ගෞරව නාම දෙන පුදුම රටක් ඕයි මේක. " උපුටාගැනීම අවසන්.
කබ්බෝ ෆෝම් කරාට මෙහෙම වෙලා මදි...!
ඔබට තවත් කුමක් අපේක්ෂා කළ හැකිද?
මොන විහිළුවක්ද මේ
තව v8 25ක් වත් ගන්න වෙන සීන් එකක් පේන්නේ. මාදුළුවාවේ සෝභිත ලොකු හාමුදුරුවෝ හිටියා නම් හොඳටම කළකිරෙනවා ආයුබෝවන්..!!!.
දේශපාලුවන්ට ගෞරව සම්මානයෙන් පුදන්නේ අහවල් දේකටද? රටට වැඩදායි ඉමහත් සේවයක් කරපු අය කොතෙකුත් ඉන්නවා. හිරිකිතයි...