
නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති.
රට විශාල ණය බරකට මුහුණ දී තිබේ. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කරමින් ජනතාවට වසංගත බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවකාශය ලබා දීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වා ගෙන යාමට ජනාධිපතිගේ එම වැඩපිළිවෙළ ආත්ම ශක්තියක් ලබා දී ඇති බව ඥානතිලක හිමියෝ පැවසූහ.
නැවත රට වැසීමට ඉඩ නොතබා ස්වයං විනයක් පනවා ගෙන ජීවත් විය යුතුය. එමෙන්ම ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී රට ඉදිරියට ගෙන යාමට ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළට සහාය වීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
අනුරාධපුර අටමස්ථානය වන්දනා කරගැනිමට ගිය ජනපතිවරයාට ආශිර්වාද කරමින් උන්වහස්සේ මේ බව කියා සිටියේය.
මිරිසවැටිය,ලංකාරාමය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය ඇතුළු විහාරස්ථනවලට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
කාබනික පොහොර වගාවන්ට ගොවි ජනතාව දිරි ගැන්වීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා මහා සංඝයා වහන්සේලාට පැහැදිලි කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ,ඒවා විසදන්නේ නැතිව , මල්වට්ටි අරන් පන්සල් ගානේ ගිහින් හිතවත් හාමුදුරුවරු ලවා වර්ණනා කරගනන්නවා, අයිය වෙන්න ඇති කියල දෙන්න ඇත්තේ.
එහෙම නොකරන අයට පොලිසිය සහ හමුදාව යොදා ආශීර්වාද කල යුතුයි.
ඔව් ඉතින් හාමුදුරුවන්ට ඇති ප්‍රශ්නයක් නැහැනේ... ජීවත් වෙන්න කන කට්ට දන්නේ අපිනේ..
මේ දවස්වල ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් වල හිටගෙන ඉන්න ගමන් අපි එතුමාටත්, එතුමාගේ දෙමව්පියන්ටත් නිතරම ආශීර්වාද කරනවා.
ආශිර්වාද කරන්නත් වැඩ පිළිවෙළක් තියෙන්න එපැයි...
හාමුදුරුවන්ට විතරයි තේරුණේ කවුද හරියටම කරේ කියලා...
කවුරු කොහොම මොනවා කීවත් ලබන සැරෙත් දිනන්නේ මේ ගොල්ලෝමයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. රටේ ආර්ථිකය අනාගත්තාට මොළ හත හරියට කරන්න දන්නේ ඒවගේ දේවල් විතරයි. මතකයිනේ පාස්කු ප්‍රහාරය. මතු යම් දවසක අවශ්‍ය වන සියලු දේ ඉටුකර දෙන්න දැනටමත් සියලුම වැදගත් මර්මස්ථාන වලට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරලයි තියෙන්නේ. ඒ අය ඉතාම පක්ෂපාතී, කියන දෙයක් ඉටුකර දෙන ජාතියේ අය. දාසයින් කිව්වත් වැරැද්දක් නැහැ. මාධ්‍ය සියල්ලමත් දැන් නැමිලා අවසන්... ඉතින් මේ සම්මත ජාතියට අපේ රටේ " සාධාරණ මැතිවරණයක් " කෙරෙයි කියලා හිතන එක මහා විහිළුවක් විතරයි. ඉතින් එහෙම වුණුදාට විරෝධතා පාන්න සිය දහස් ගණනෙන් මහ පාරට බහින අයට තිරුපති වෙන්කටේශ්වර ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරුවන් වහන්සේගේම පිහිටයි.
වැඩ පිළිවෙලේ හොඳකම පේනවා පෝලිම්වල ඉන්න සෙනග කියන කතා ඇහැව්වම . හූ සන්ග්‍රහයෙන් ආසිර්වාද කරපු බවක් නම් පේනවා.
ඔව් ඔව් ආශීර්වාද තමයි කරන්න ඕනේ.මල ගිය අම්මා අප්පාටත් එක්කම.මේ වගේ පුත්තු වැදුවට.අනේ හාමුදුරුවනේ අපි තවමත් ඔබ වහන්සේලාට ගෞරව කර්ලවා.ඒක තුට්ටුවට දාලා නැති කරගන්න එපා
ඔව් අපේ හාමුදුරුවනේ සර් තමයි හොඳටම කරලා තියෙන්නේ
මේ රට මේ තරම් ප්‍රපාතයට යනවා දවසින් දවස.
යතාර්ථය හොඳින් තේරුම් ගත්තු හොඳ සිල්වත්, පින්වත්, කිසිම කට්ටියගේ මෙත්සිත් පහන්වෙන කාරුණික දැක්කාම මට අදහසක් පහළ වෙන්නේ නැහැ.