(පද්මා කුමාරී කංකානම්ගේ )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කල්පිටිය මොහොත්තුවාරම රජයේ විදුහලේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය . ජනාධිපතිවරයෙකු කල්පිටිය දූපතට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
මොහොත්තුවාරම පෙන පිඩු ගම්වාසීන්ට නිවාස යෝජනා ව්‍යාපෘතියක් ලබා දීමටද ජනාධිපතිවරයා පොරොන්දු විය. ඒ සදහා ඉඩම් වාර්තා සති තුනක් තුල තමන්ට ලැබෙන්නට සලස්වන ලෙසට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝම තිලක මහතාට දැනුම් දුන්නේය.
මොහොත්තුවාරම අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඉදිකිරීම , ඉඩම් හිමිකම් ප්‍රදානය , කල්පිටිය තුරඅඩිය යාවෙන පටු පාලමක් ඉදිකරීම සහ මොහොතුවාරම රජයේ විදුහලේ හය වන ශ්‍රේණිය ලබන වසරේ සිට ස්ථාපනය කිරීම යන ඉල්ලීම ප්‍රදේශවාසීහූ ජනපතිට ඉදිරිපත් කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි පේනවා නේද දරිද්‍රතාවයේ මහත. විසිතුරු සැරසිලි නෑ. කලු ලෑල්ලේ අකුරු ටිකක් ලියලා පිලිඅරගෙන තියෙන්නේ. දිරාපත් වූ පුටු. ඔය ලැයිස්තුවට පාසැල් වල පිරිසිදු වකුගඩු රෝග නොහැදෙන පානීය ජලය ලබා දෙන්නටත් කටයුතු කරවන්න
vidya මයා වෙත්,අ ඇත්තෙන්ම ඔබ නිවැරදිය. සරල විදිහට කලු ලෑල්ලේ අකුරු ටිකක් ලියලා තියෙන්නේ. බොරු සෝබන නැහැ, බැනර් නැහැ . දරුවන්ගේ මුනෙන් පිලිබිබු වෙනවා ඒ අයගේ ජිවන තත්වය ඇතුළු සියලුම කාරණා. මේ දරුවන් ගේ ජිවන තත්වය දෑසින්ම දැක්කට පසුව ලක්ෂ 400 යේ 500 යේ ආදී සුකොපබෝගී වාහන තමන්ගේ සුකවිහරණයට ගත්ත එක ගැන අවංක , තම සිත් උණුවෙන පුරවැසියෙක් නම් රටේ මුල් පුරවැසියා...... බොහොම කනගාටුවෙයි, පසුතැවෙයි අනේ අපි මොනතරම් මහජන මුදල් විනාශ කරනවද යන්න සහ එම මුදල් වලින් විශාල වැඩකොටසක් මෙවන් දුප්පත් ජනයා වෙනුවෙන් කල හැකි නේද යන්න.
වතුර නම් රංගේ බණ්ඩාර මැතිතුමා ලබාදෙයි.
අර පැත්තකින් ඉන්නේ වොඩ්ක වලින් වතුර හදන කෙනා නේද ?
එහෙනම් ජනාධිපතිතුමා මේ වතුර රස බලලා ඇති....
පිරිසිදු ජලය කිව්වම ඔය ළඟ ඉන්නේ වතුර සම්බන්ද ප්‍රසිද්ධ මහත්තයෙක් ළඟින්ම ඉදගෙන.
නුවන්, මැති ඇමති වරු ""නා ගැනීම"" අලුත් දෙයක් නොවුනාට වතුරෙන්ම නා ගැනීමේ වාසනාව උදාවෙන්නේ බොහොම කලාතුරකින් .
ගමේ පාසැල සංවර්ධනය කරන්න. හැමවිටම නගරයේ පාසල්වලට ආවඩන්න යන්න එපා..
දැන්වත් හැමවිටම නගරයේ පාසල්වලට ආවැඩීම නවතා, ගමේ පාසැල දියුණු කරන්න.