



(දයාරත්න ඇඹෝගම)
පසුගිය දිනෙක පිපිරීමට ලක්වූ ඓතිහාසික ජේතවන ස්තූපයේ සංරක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ජේතවන ව්‍යාපෘතියේ කළමණාකරු ගාමිණී අබේරත්න මහතා අද(15) පැවසීය.
ක්‍රි.ව. 3 වන සියවසේ දී මහසෙන් රජු දවස ඉදිකරන ලද ජේතවන දාගැබ එවක ගඩොලින් ඉදිකළ ලොව විශාලතම ස්මාරකය ලෙස සැලකිණි.
වසර සිය ගණනක් ගරා වැටෙමින් තිබු මෙම දාගැබ ඇතුළු අක්කර දෙසීයක පමණ ප්‍රමාණයක පැතිර පවතින සෙසු ආරාමික ගොඩනැගිලි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංරක්ෂණය කොට තහවුරු කරනු ලැබීය.
මාස කීපයකට පෙර දාගැබේ හතරැස් කොටුව පාමුල සිට සිව්දිසාවකින් ස්තූප ගර්භය ඉරිතලා ගියේය.
කෙසේ වෙතත් එම ඉරිතැලීම් සිදුවූ ප්‍රදේශ සංරක්ෂණය කර මාස කීපයක් ඇතුලත යථා තත්වයට පත්කරන බව මේ සම්බන්ධයෙන් අපකල විමසුමේදි ව්‍යාපෘති කළමණාකරු ගාමිණී අබේරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජකාලේ හදපුවා අවුරුදු දහස් ගාණකට පස්සේ තමයි විනාශ වුණේ.. නවීන තාක්ෂණයෙන් කරා කිව්වට අවුරුදු 10ක් යන්නත් කලින් ඉරිතලලා.
දැනට ප්‍රතිසංස්කරණය සඳහා පලංචි සකසා ඇති කොටසේ චෛත්‍ය කොටසේ නෙරායාම් සහ ඇතුළතට ගිළුණු ගතියක් කාලයකට පෙරත් දක්නට ලැබුණා. මෙහි අනෙක් චෛත්‍යවල මෙන් මතුපිට ඒකාකාරී රවුම් හැඩයක් නැහැ කියලා පේනවා..
ඕවා වෙන්නේ නපුරු කාලයට...
එව්වා ඉරිතලන විදිහට තමයි හදන්නේ... ඒකට තමයි ව්‍යාපෘති කියන්නේ. හොද්ද බොරවීම..!!!