(ශාන්ත රත්නායක)
රටවල් 80ක් නියෝජනය කරමින් අගෝස්තු මස ජපානයේ පවත්වන ලද "ජාත්‍යන්තර ටොයෝටා සිහින කාරය" චිත්‍ර තරගාවලියේ අවුරුදු 8න් පහළ 1 වැනි කණ්ඩායමේ රන් සම්මානය දිනූ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ රුවින්ද්‍යා ඉන්ද්‍රරත්න දියණිය අද(30) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මුණ ගැසුණාය.
"සෑම ළමයෙකුටම එක සමාන අධ්‍යාපනයක්" යන තේමාව යටතේ "Toyota Knowledge Paradise Car" චිත්‍රය ඇය විසින් එම තරගයට ඉදිරිපත් කර තිබිණි. දරුවාගේ දක්ෂතාවය අගය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ද සුබ පැතූම් එක් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයාගේ අනාගතයට මුදලක් පිරිනමලා නැ වගේ .
සුබ අනාගතක් චූටි දුවට
මහින්ද මහත්තය නැතුව අපිට මොන දේ ලැබුණත් වැඩක් නෑ දුවේ.
ඇමති තුමා ඇවිත් පින්තුරෙකට ඉඳල තියෙන්නේ
දුවේ නුබ සැබෑම දක්ෂයෙක්. එය ප්‍රගුණ කරන්න. ඔයාගේ අම්මා ,තාත්තා දෙන්නට ඔයාව මැණිකක්. ලංකාවට ආඩම්බරයක්. දුවේ නුබට බුදු සරණයි
චූටියාගේ චිත්‍රය සැබෑම ලස්සනයි.