(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකදි මත් කුඩු කිලෝ 250ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් කළ මෙම විශේෂ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතී.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළදී ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.
මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේදී සිදු කළ මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් 2021 අගෝස්තු මස 30 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 අධික තොගයක් රැගත් මෙරට බහුදින ධිවර යාත්‍රාවක් ද, 2021 සැප්තැම්බර් මස 04 සහ 10 වන දිනයන්හීදී පිළිවෙලින් හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 336කට සහ කිලෝ 170කට අධික මත් තොගයන් ප්‍රවාහණය කරමින් තිබූ විදේශය ධිවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් විය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජාත්‍යාන්තර මුහුදේදී කුඩු කිලෝ 250 නාවික හමුදා බාරයට
sachith Saturday, 11 December 2021 10:05 AM
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට දෙන්නේ නැතිව වෙන කවුරුහරි ගෙන්නවපු එකක්ද දන්නේ...?
පිටිගල මිලානෝ Saturday, 11 December 2021 12:32 PM
මේවාට සම්බන්ධ බලධාරියෙක් නේද ඊයෙ පෙරේදා ඔත්තුව ලැබුණු ගමන් හොරෙන්ම ගිහිල්ලා රත්තරන් හෑරුවේ පුල්මුඩේ පැත්තේ...? පාර්සල් කරලාම අතට හම්බවෙන කුඩුවලට මෙවන් නිලධාරීන් මොනවා නොකරයිද?
Prabha Saturday, 11 December 2021 06:37 PM
ආරක්ෂාකාරීව ගොඩබිමට ගෙන්වන අලුත්ම ක්‍රමයද කියලත් හිතෙනවා.
Bunny Preena Tuesday, 21 December 2021 09:10 AM
අපි හරිදේ හරි විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ... නැතිනම් ගෙදර තියෙන වතුර වීදුරුවේත් කිඹුලන් දකීවි..