IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ

 


(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (18) ආරම්භ විය.

මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ  22 වැනි වරට වන අතර එය ලබන 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ’ සමාරම්භක උත්සවය ජාතික උරුම, ප්‍රසංග කලාල හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (18) පෙරවරුවේ පැවැත්විණි.
 
පොත් ප්‍රදර්ශන සහ අලෙවි කුටි 400කට ආසන්න සංඛ්‍යාවක් මෙවර පොත් ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇත. විදෙස් ප්‍රකාශකයන් නියෝජනය කරමින් ඔවුන්ගේ මෙරට නියෝජිත ආයතන මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටියි.
 
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස් පොත් ප්‍රදර්ශන භූමියේදී 100%  ක්‍රියාත්මක කරන බව බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය මහතා කීය.
 
පොත් ප්‍රදර්ශන භූමිය තුළ ද අත්සේදීමේ පහසුකම් සලසා ඇති බව වනිගසූරිය මහතා කීවේය.
 
පාඨකයන්ට අවශ්‍ය පොත් සොයාගැනීම පහසුකරලීම සඳහා මෙවර විශේෂ දුරකතන යෙදවුමක් (ඇප්) හඳුන්වාදීමට, පිවිසුම් දොරටුවේදී ප්‍රදර්ශන කුටි ඇතුළත් ස්ථාන සහිත සිතියමක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි සංවිධායක මණ්ඩලය සඳහන් කරයි. එමෙන්ම මෙවර ද පොලීතීන් භාවිතය අවම කරමින් ප්‍රදර්ශනය පැවැත්වීමට ද සැලසුම් කර ඇති බැවින් පොත් ගෙනයාම සඳහා සුදුසු බෑග් රැගෙන එන්නැයි ද සංවිධායක මණ්ඩලය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
 
ලංකාදීප පුවත්පත ප්‍රමුඛ විජය පුවත්පත් සමාගම මෙවර පොත් ප්‍රදර්ශනයට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහාය දක්වයි.

 (ඡායාරූප - ගයාන් අමරසේකර ) 



අදහස් (4)

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ

දිමුත් Friday, 18 September 2020 10:52 AM

ඕකෙ ගිහිල්ලා කොරෝනා හදාගන්නයි වෙන්නේ...

:       0       127

දීප්ති Friday, 18 September 2020 02:15 PM

මෙම පොත් ප්‍රදර්ශනය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සංවිධායකන් කටයුතු කර තිබෙන අයුරු පෞද්ගලිකව අත්වින්දෙමි. උදෑසන 9 සිට පැය 5ක කාලයක් පුරා විවිධ වෙළඳකුටිවලට යමින්, පොත් මිලදී ගනිමින් එහි කාලය ගත කළෙමි. පාඨකයන්, කතුවරුන් සහ පොත් ප්‍රකාශකයන් එක සේ පෙරුම් පුරමින් බලා සිටින මෙම වාර්ෂික සංස්කෘතික උත්සවය සාර්ථක කරගැනීමට, වගකීමෙන් හැසිරෙමු. කෝවිඩ් -19 අතරතුර මහා මැතිවරණයක් සාර්ථකව පැවැත්වූ දේශයකට මෙම පොත් ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමේ අභියෝගය ජයගත හැකියි. සහභාගිවන්නන්ට සුබ පතමි.

:       53       3

SenaSaturday, 19 September 2020 08:48 AM

බොරු කියන්න එපා.. ඔය උඩ තියෙන පින්තූර බලන්නකෝ.. කොච්චර සෞඛ්‍යාරක්ෂිතව ලොක්කෝ ටික ඉන්නවද කියලා...

:       0       1

බද්රානි Friday, 18 September 2020 03:49 PM

දිනපතාම "පොත් පෙරලන" සංදර්ශන නරඹමින් ඉන්න අපට, ආයේ ඉතින් අමුතුවෙන් මොන පොත් ප්‍රදර්ශනවල මොනවා බලන්නද මහත්තයෝ?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 657 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1060 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site