
(ඩයනා උදයංගනී)
බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ඉදි කෙරුණු “ජාතික සඳුන් උයන” විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) පස්වරු 6.00 ට සිදුකෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හරිත කළාපයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම සඳුන් උයන නිර්මාණය කර තිබේ.
කොවිඩ් - 19 වසංගත තත්වය මධ්‍යයේ 2020 වර්ෂයේ ජූලි මස 20 වන දින මෙහි ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව ආරම්භ කෙරුණු අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 09 ක් වූ ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් ඉඩමක මෙය ඉදි ව ඇත.
අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වූ ජාතික සඳුන් උයන ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 29කට අධිකය.
නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් සිදුකර තිබේ.
ජාතික සඳුන් උයන ශ්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වන අතර ඒවා වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි දෙකක් පමණ උස පස් පීඨිකාවක සිටුවා තිබීම විශේෂත්වයකි.
ජාතික සඳුන් උයනට පිසිවෙන ස්ථානයේ ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විතවිශාල ජල පොකුණු දෙකක් ඉදිකර ඇති අතර ඒ මැදින් තැනූ උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පිහිටා තිබේ. එම මග දෙපස මදක් ඉහළ බිත්ති අටක් බැද ඇති අතර ඒ බිත්ති මතින් නිරන්තරයෙන් ඇද හැලෙන ජල ධාරා දිය ඇල්ලක සිරිය මවයි. වර්ණවත් වන්නේ මල් ගොමු, ස්වයංක්‍රීය වතුර මල්, කුඩා පොකුණු 12, එළිමහන් රංග පීඨය ආදී අංග රැසකින් මෙය සමන්විත අතර ව්‍යායාම කිරීම, භාවනා හා යෝග වැඩසටහන් පැවැත්වීම, විවේකිව කාලය ගතකිරීම ආදියට සුදුසු පරිසරයක් මෙහි පවතී.
වාහන 60 ක් නැවත්වීමට හැකි විවෘත රථගාලක්, සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, පිරිසිදු ආහාර පාන ලබා ගැනීම සඳහා වන අවන්හල් ආදියෙන් ද මෙය සමන්විතය. රජ දවස රාජ්‍ය අනුග්‍රහය ලැබ උයන් ඉදිවූවාට පසු, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය අනුග්‍රහය ලැබ ඉඳිවූ ජාතික සඳුන් උයන මෙය බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ලස්සනයි.
වනාන්තර සුද්ධ කරන ඒවා ගණන් එන්නේ නැතුව හරිත උයන් හදනවා. ඇස් බැන්දුම් වලට මෙයාලා කොහොමත් හපන්නුනේ...
මේ වෙලාවේ රටට ඔනිම දෙයක්
පිටින් ඔපේ යටින් හපේ
අප්පගේ පුතාලා ලොකු වුණාම මේවා කපාගනිල්ලා...
හොඳ දෙයක්. ඒත් වැඩිපුර තියෙන්නේ චීන උයන් වල තිබෙන ලක්ෂණ.
අලුත් සුසාන භූමියකුත් අවශ්‍යයි.. වසංගතයෙන් මියයන අය ආදාහනයට...
මේවා නරක වැඩ නොවේ. ඒත් ලංකාව වගේ රටවල නායකයන් තාම වන්නේ නෑ අවශ්‍යතාව.. එ් අයත් වර්ගෝපකරණය කරගෙන ඊට අනුව ක්‍රියාත්මක කරන්න. ඔයා කෝටි 29 න් සෝලාපවර් ව්‍යාපෘති එකකට යෙදෙවූවා නම් රටට ඩොලර් කීයක් ඉතුරු කරගන්න තිබුණාද?
ගස් ටික පරිස්සම් කරගන්න වෙන්නෙත් ඔය එහා පැත්තේ ඉන්න අයගෙන්ම තමයි.
රටේ මිනිස්සුන්ගේ මූලික අවස්ථාවන් තේරුම් ගන්න බැරිවීම ගැන කණගාටුයි.
කොළඹට කිරි, ගමට කැකිරි කියන්නේ මේවාට තමයි. ගමකට හරි හමන් පාරක් නැහැ.. මොනතරම් අඩුපාඩුකම් තියෙනවයි කියලද? ඡන්දෙ හිඟාකන්න තමයි දේශපාලුවන්ට ගම මතක් වෙන්නේ...?
මිත්‍යාදෘෂ්ටික මෝඩ, මිනීමරු පාලකයින්ගේ තවත් විජ්ජාවක්....!!! අනුරාධපුරයේ සිටින "කපුච්චියෙකුගේ" උපදෙස් අනුව මෙය හැදුවේ. පාර්ලිමේන්තුවට පෙනෙන මානයේ මෙය ඉදිකර ගස්වලට පුද සත්කාර කළයුතුයි' ලු. (ඔය සඳුන් ගස් මුල් ආසන්නයේ කපුච්චිය විසින් මතුරපු යන්තරයක් සහිත මුට්ටි වලලා තියෙනවලු) එවිට පාර්ලිමේන්තුවේ සිටින අය කරන අසමජ්ජාති වැඩවලට විරුද්ධව මහජනයා නැගිටින්නේ නැහැයිලු. බොරු බේගල් දෙසාබාමින් මේ මැදමුලනයින්ට මදි නොකියන්න මුදල් ගරනවා. ඒ අයත් එකී ඉල්ලන ඕනෑ දෙයක් දෙනවා. ඒවා ඔක්කොම මහජන මුදල්. රුසියාවේ රස්පුටින් සාර් රජ්ජුරුවන්ව රවටාගත් ලෙසම මේ කපුච්චියා විසින් මේ රටේ මෝඩ පාලකයින්ව රවටලා හොඳට ගරනවා. මට මතකයි කාලයකට ඉහතදී, අපේ රටේ මිත්‍යාදෘෂ්ටික පාලකයින් ඉන්දියාවේ තිරුපති දේවාලයට වඳින්න යනවා. ලැබුණු දෙයක් නැහැ. ඡන්දෙ පැරදිලා ගෙදර ගිහින් ජනේලයේ එල්ලිලා ..පිස්සු කළා අපිට මතකයි.