
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිටදී අද(17) පැවැත්විණි.
අමතර පැය 08 ට වැටුපෙන් 1/30 ක් දීමනාවක් ලබා දෙන ලෙසත් , දින 180 සම්පුරණ කල සියලු අනියම් , ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කරන ලෙස හා සේවක හිගය වහා පියවීම ,අතිකාල රේට් ක්‍රමයට ලබා දෙන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
මෙයට ජාතික රෝහලේ සුළු සේවකයෝ එක්ව සිටියහ.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 180ක් අනියම් සේවය කළ පමණින් ඔවුන්ගේ සේවය ස්ථීර කළ යුතුයි කියන නීතිය ලෝකයේ කොයි රටේද තියෙන්නේ? රෝහල් වල ඕනෑවටත් වඩා සේවකයින් සිටිනවා. නමුත් අවංකව සේවය කරන පිරිස් ඇත්තෙම නැතිතරම්. ජනතා විමුක්ති පෙරමුණේ මනකල්පිත පුහු සංකල්ප ඔලුවේ තියාගෙන තමයි ලංකාවේ රජයේ සේවකයින් බොහෝ දෙනා සිටින්නේ. ඔය තාවකාලික සේවකයින්ව සේවයෙන් පහකොට සුදුසුකම් සහිත නව සේවකයින් බඳවා ගැනීමයි සිදුකළ යුත්තේ. අපේ රටේ රාජකාරිය කෙසේ වෙතත්, ඉල්ලීම් ඉල්ලන්න නම් දන්නවා මොනවා නැතත්...