IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික දින සැමරුමට නාවික හමුදාවෙන් ආචාර වෙඩිමුර

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

(ඡායාරූප - නාවිකා හමුදා මාධ්‍ය අංශය)

අදට යෙදුණු 71 වැනි ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (04)  සිදු කෙරිණි.
 
එහිදී වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා නාවික හමුදාව  සිය උත්තමාචාරය මවි බිම වෙත පිරිනැමීය.
 
ප්‍රථම වතාවට ජාතික දිනයක් වෙනුවෙන් මෙම වෙඩි මුර උත්තමාචාරය පවත්වා ඇත්තේ 1948 වර්ෂයේ දී වන අතර, එහි දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර වෙඩි මුර 15 ක් ගාලු මුවදොර පිටියේ දී පවත්වා ඇත. 
 
1949 වර්ෂයේ දී ද මෙම ආචාරය පවත්වා ඇති අතර, එය සිදුකර ඇත්තේ විජය නෞකාවේ දී ය. 

එහි දී එක් අවියක් පමණක් උපයෝගී කර ගනිමින් වෙඩි මුරයන් අතර කාල පරතරය විනාඩියක් ලෙස පවත්වා ගනිමින් මෙම ආචාරය සිදු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. 
 
විජය නෞකාව අධිකාරියෙන් ඉවත් කොට භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසුව කොළඹ වරාය තුළ Galle Buck Bay නැමැති ස්ථානයේ මෙම අවි 03 ක් සවිකොට තිබුණි. 
 
නමුත් මෑත කාලයේ දී කොළඹ වරාය සීඝ්‍ර සංවර්ධනයකට හා පුළුල් කිරීමකට ලක් වූ බැවින් 2000 වර්ෂයේ දී එම අවි වර්තමානයේ පවතින ප්‍රදීපාගාරය අසලට ගෙනවිත් සවි කර ආචාර වෙඩි මුර පවත්වා ඇත. 

එතැන් සිට අද දක්වාම නොකඩවා චාරිත්‍රයක් වශයෙන් ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ජාතිය වෙත ආචාර දැක්වීම සඳහා ‍නාවික හමුදාව විසින් මෙකී කාර්යය සිදු කරනු ලබයි.
 
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් හා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මඟපෙන්වීම මත මෙවර මෙය සංවිධානය කෙරුණි.
 
ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අවි නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් ශාන්ත අඹන්වෙල මහතා විසින්  මෙම වෙඩි මුර උත්තමාචාරය මෙහෙයවීය.
 
 ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා සහ විධායක නිලධාරි, කොමාණ්ඩර් සුධිර ධර්මදාස  යන මහත්වරු ද එක්වී සිටියහ.

(36698)

 



අදහස් (1)

ජාතික දින සැමරුමට නාවික හමුදාවෙන් ආචාර වෙඩිමුර

ධනුෂ්ක Monday, 04 February 2019 02:40 PM

අපේ අාදී ජාතික වීරයන් සුද්දගෙන් රට නිදහස් කර ගන්න ජීවිත දහස් ගණනින් පූජාකර සටන් කළා. අරගල කළා. ඔවුන්ට එක හෙලා උත්තමාචාරය පුද කළ යුතුයි... නමුත් අපේ පෙල පොත්වල තිබුණු විදියට දැන් කියන විදියට සුද්දාගෙන් රට බේරාගත්තා කියන අයගේ නම් අැහෙනකොට නම් අජූතයි වගේ... මොකද සුද්දට විරුද්ධව යුද්ධ කරලත් රට දාලා ගියේ නෑ. මේ රටේ තෙල් ටැංකි හදලා මහා මාර්ග දුම්රිය මාර්ග හදලා. පරිපාලන අායතන දියුණුකරලා ගත්තේ දාලායන්න හිතාගෙන නොවේ. ඔවුන් එ් ටික හරි නොකර ගියානම් අපි තවත් අමාරුවේ. නමුත් ඔවුන්ට පැවති ලෝක දේශපාලන තත්වය යටතේ ලංකාව අතුළු රටවල් කීපයක් එ් කාලේ දාලා යන්න වුණා. නැතුව සුද්දන්ගේ තුරුලේ හිටපු මේ රටේ කළු සුද්දෝ සාකච්ඡා කරලා දිනාගත් නිදහසක් නොවේ මේ නිදහස... එ්ක සැබෑ වීරයන්ට කරන අවමානයක්... දැන්වත් මේවා රටේ ජනතාව දැනගත යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site