( සුදත් එච්. එම්. හේවා)
පොසොන් පුන් පොහො දිනයේ රාත්‍රියේ පැවති ඡායා චන්ද්‍රග්‍රහණය හැටන් ප්‍රදේශයට මෙසේ දිස් විය.
එය අප කැමරාවේ සටහන්වු අයුරු මෙහි දැක්වේ.



( සුදත් එච්. එම්. හේවා)
පොසොන් පුන් පොහො දිනයේ රාත්‍රියේ පැවති ඡායා චන්ද්‍රග්‍රහණය හැටන් ප්‍රදේශයට මෙසේ දිස් විය.
එය අප කැමරාවේ සටහන්වු අයුරු මෙහි දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මොකුත් නැනේ. වලාකුළු චායාවන් නම් තියෙනවා.
සඳේ ... ඔබ ඇයිද මේ යාමේ...? අහස කරා නැඟුණේ ... සිතේ ... දුක හිරු නිවා දැම්මේ ... නැතිවද ඔබ දන්නේ ...?
"..සඳ , ඔබ එදා වගේමයි.. ඔබ වෙනස් වෙලා නැහැ. එ්ත් මම වෙනස් වෙලා. එහෙමත් නැතිනම් මාව වෙනස් කරලා.. මුළු ලෝකයම වෙනස් වෙමින් ඔහේ දුවනවා. ඔබ .. නිසොල්මනේ බලාගෙන ඉන්නවා. නොසිතු මොහොතක.. නොපැතූ විලසක.. ඔබ මගේ ලොවට සඳ කිරණ හලා. මා සිත කුල්මත්කලා.. මතකද..? එ්ත් ඉඳ හිට.. ඔබ ඔබේ මුව වලාවන්ගෙන් වසාගන්නවා. ඒ ඇයිදැයි මට අහන්න හිතුනත් අහන්නේ කොහොමද..? අපි ගොඩක් ඈතයි.. කමක් නැහැ.. එහෙනම් මමත් වෙනස් නොවෙන මිනිසෙක් වෙලා, වෙනස් නොවෙන ඔබ දෙස බලා ඉන්නම්. හැමදාටම.. ජීවිතය තියෙන තුරාවටම..."
නොසිතු දිනක ..නොපැතූ විලසින්, මටත් නොකියාම විත් , මගේ කවුලුදොරින් එබිකම් කල සඳ වතියේ.. සුමුදු සඳකැන් දහරින් මා සිත පුබුදා - මා අවදි කළා ඔබ. අවදි කලා. ඔබගේ ඒ සිහිලැල් දෑතින් මාසිත අතගා නිදිගැන්වූ ඔබ... පසු දින හිරු නැග එන්නට මත්තෙන්.. මටත් නොකියාම ඔබ යන්න ගිහින්.. ඔබ යන්න ගිහින්.. සඳේ ඔබ සිහිනයක්ම පමණද මට..?
පෙර දිනයක..මා හා ..බොරුවට අමනාපවී.... මා හඬවා.. , බොරුවට මා හැරගිය ' මගේ සඳ ' යලිත් ඇවිදන්...!!! බාගෙට හැරදමා තිබු කවුළු පියන් පත් තුලින් හෙමින් හෙමින් .. යලිත් ඇවිදින්. සඳවතියේ, ආයෙත් දවසක ..බොරුවට මාහා අමනාපවී මා හැර යන්න කලින්.. මගේ මන්දිරේ කවුළු පියන් පත් වසාදමා.. නැවත නොයන සේ මම ඔබ රැකගන්නෙමි, මගේ දිවි තිබෙන තුරාවට...
විජිත්, මම සඳ ගැන හිතන දේවල් ඔයා දන්නේ නැහැ විජිත්. ඔයා හඳ ගැන ලියපු ඔක්කොම මම ආසාවෙන් කියෙව්වා. සඳට කියන්න නම් මට ගොඩාක් දේවල් තියෙනවා. කියා ගන්න බැහැ.. හඳට ඒවා ඇහෙන්නේ නැහැ. මම ඔයාගේ කමන්ට් එක ඊයේ දැක්ක ගමන්ම කමන්ට් එකක් දැම්මා . සඳ වලාකුළුවලින් වැසී ගියාම ,කොහොමද එලිය දෙන්නේ. ? සඳට කැමති විදිහට එලිය දෙන්න බැහැ. සමහර වෙලාවට කළු වලාවකින් වැසී යනවා. ඒත් සඳ කැමතියි එලිය දෙන්න. සඳ සිහිනයක් වෙන්නේ නැහැ,,ඒ සොඳුරු සිහිනය කෙතරම් මනරම්ද.? ඒ සිහිනයෙන් පිබිදෙන්න මා කැමති නැහැ. අපි ගෙවන මේ සංකීර්ණ ,යාන්ත්‍රික ජීවිතයට තියෙන ,එකම සැනසීම , ඒ සොඳුරු සිහිනයයි.. මම සඳ ආදරයෙන් වැළඳ ගනිමි...එයට බොහෝ සේ ආදරය කරමි. බැඳීම් , වගකීම් තිබුනත් , මා කෙසේ මගේ සඳ අමතක කරන්නද.?
විජිත්, මම අද වැඩට යනවා . පස්සේ හමුවෙමු. ඔයා ලීව කවි සිතුවිලි චමත්කාරයි.. ඇත්තමයි හරිම ලස්සනයි. වචන නැහැ කියන්න.