(නිමන්ති රණසිංහ)
නිරෝධායන නීති කඩ කරමින් කොළඹ සුපිරි හෝටලයේ උපන්දින සාදයට සහභාගි වූ බව කියන තවත් සැකකරුවන් 07 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා අද නියෝග කළේය.
මෙම සැකකරුවන් අතර ජැක්ශන් ඇන්තනි මහතා ගේ දියණය වන මාධවී ඇන්තනි සහ ඇගේ ස්වාමි පුරුෂයා ද සිටිති.
මෙම සැකකරුවන් අතර සිටී රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මව නිවෙස් නිරෝධනය සඳහා යොමු කරන ලෙසද අධිකරණය ලෙස ද අධිකරණය නියම කළේය.
මේ වන විට මෙම සිද්ධිය ට අදාළව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පහළොස් දෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් නිරෝධයනය සඳහා යොමු කර තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ශරීර ඇප කියන්නේ මේවා තමා" කියල පින්තුරයක් පළකරල තියෙනවා දැක්කා.
තවත් උපන් දිනයක් කියන්නේ මරණයට තවත් වසරකින් ලංවෙනවා කියා නොදන්න පිරිස් රටට හෙනගැහුවත් විගඩම් කරනවා. අනෙක් අයත් මරණයට ලංකරනවා...
රටේ ඉතිහාසය අමු අමුවේ දේශපාලනයට කඩේ යමින් විනාශ කරපු එකේ කරුමය තමයි අද දේශපාලකයින්ගේ ගොදුරක් වුණේ..
මේ අයට හොඳ වැඩේ. උසාවියෙන් මාස 12ට වැඩියෙන් අනිවාර්යයෙන් හිරේ යවන්න ඕනෑ නඩුව අහන කොට...!!!
කවුද මේ අය? මේ අය අනිවාර්යයෙන්ම හිරේ යවන්න ඕනෑ. ලොකු වැඩක් කරා වගේ යන්නේ.. රටේ නීතියට ගරුකරන්න දන්නේ නැහැ.
නූගත්කම වැඩි.. බුද්ධි හීන මිනිසුන්.. වතුර හැළිය රත්වෙන කම්ම සැපයක් කියලා හිතන කකුළුවන් වගේ. මෙයාලව දාන්න ඕනේ නිරෝධායන මධ්‍යස්ථානවල වැඩකරන්න. මොකද කොරෝනා වලට බයනැති නිසා...
මේ කණ්ඩායම සමාජය හැසිරෙන්නේ විශේෂ වරප්‍රසාද ලත් සුවිශේෂී තරු පන්තියේ පුද්ගලයන් ලෙසයි... මොවුන් සාමාන්‍යයෙන් නීතිය ගණන් නොගන්නා හිතුමතේ හැසිරෙන පිරිසක් බව ඔවුන්ගේ ක්‍රියාකලාප දෙස බැලීමේදී පෙනී යනවා.. පවතින නීතියට පිටුපා කටයුතු කළ මේ අයට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම් දී පාඩමක් ඉගැන්වීම මෙවැනි වැඩවලට උදව් කරන අනෙක් අයටත් යස පාඩමක් වේවි.. එ් නිසා නීතිය අනුවම කටයුතු කිරීම කළ යුතු දෙයක්...
මේ අයට ඔය ඉල්ලන දඞුවම් ලැබෙන්නෑ.. එහෙම නම් මේ වනවිට බාගෙට භාගයක් ඉන්නේ රිමාන්ඩ් එකේනේ...
අර රූපවාහිනී වැඩසටහන් වලට එන අයත් පීසීආර් කරලද ගන්නේ? නැතිනම් පසුව නිරෝධායනය කරනවද?
හිරගෙදරට යවන්න. සීල් තිබ්බට ඉගෙනගෙන නැතිනම් ඕවා තමයි කරන්නේ...!!!