
(නිමල කොඩිතුවක්කු)
ගෑස් හිඟය හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරි වසා දැමීමෙන් ආහාර මිලදී ගැනීමට නොහැකිව පාරිභෝගිකයෝ දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව සිටිති.
කෑම වේලක් මිලදී ගැනිම සඳහා කිලෝමීටර් ගණන් ඇවිද යාමට සිදුව ඇති බවද ඔව්හු පවසති.
විවෘතව ඇති වෙලදසැල්වල පවා ප්‍රමානවත් පරිදි අහාර නොමැති කමින් තමන් දැඩි දුෂ්කර තත්වයට පත්ව සිටින බවත් ඔව්හු කියති.
මේ හේතුවෙන් ක්ෂණික නූඩ්ල්ස් ආදිය ආහාරයට ගනිමින් දවස ගෙවීමට සිදුව ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.
ගෑස් හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි වසා දමා තිබු අතර යූනියන් පෙදෙසේ හොටලයක් වසා දමා තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා සෝමාලියාව තමයි අපි කව්රුත් උදාහරණයට ගත්තේ. කනගාටුයි දැන් තත්වය වෙනස්.
එහෙම කිසිම ගෑස් හිඟයක් නැහැ. මේවා බොරු කතා. ජනාධිපතිතුමා මේ බොරු ආරංචි පතුරන අයට විරුද්ධව දැඩි පියවරක් ගන්න ඕනේ.
ගෑස් හිඟයක් නැහැ... මේක ජෙප්පන්ගේ කුමන්ත්‍රණයක්...