
(යොහාන් භාසුර)
ගෑස් හිඟය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිවසටම ගෙනැවිත් දෙන මුවාවෙන් ජනතාව හූරා කෑම ජාවාරමක් ක්‍රියාත්මක වන බව තමන්ට ද දැනගන්න ලැබී ඇතැයි ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේ නිලධාරීහු 'ලංකාදීප' යට පැවසූහ.
'හෝම් ඩිලිවරි' සේවා යයි කියන පුද්ගලයන් කොළඹ නගරය තුළ නිවසකට ගෑස් සිලින්ඩරයක් සැපයීම සඳහා රුපියල් 4100 සිට 4500 දක්වා මුදලක් අය කරන බවත් කොළඹින් පිටත මොරටුව, මහරගම, ගම්පහ, පානදුර සහ මීගමුව ආදී ප්‍රදේශවලට ගෑස් සිලින්ඩරයක් ලබාදීම සඳහා රුපියල් 5000 කට ආසන්න මුදලක් අය කරන බවත් ජනතාව පවසති.
මෙහිදී මෙම හෝම් ඩිලිවරි' යැයි කියන පිරිස ගෑස් සිලින්ඩරයක නියමිත මිලට වඩා රුපියල් 1000 කට වැඩි මිලක් ඇය කරමින් ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් 500 කට අධික මුදලක් ද කරන බව පාරිභෝගිකයෝ චෝදනා කරති.
ලිට්‍රෝ ගෑස් 12.5 සිලින්ඩරයක් රුපියල් 2750 ක් වන අතර ලාෆ් ගෑස් 12.5 සිලින්ඩරයක් රුපියල් 2,840 ක් වේ.
කොළඹ නගරය ඇතුළු දිවයිනේ බොහෝතැන්වල අදත් දිගු ගෑස් පොලිම් දක්නට තිබිණි.
ඡායාරූප ගයාන් අමරසේකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා ඉතින් අපේ වැරදි නොවෙයි, ගෑස් නියෝජිතයන් කරන වැරදි මිලට ගැනීමට අවශ්‍ය කෙනෙකු කතාකරන්නේ... වෙළඳ නියෝජිතයින්ට ඔහු තමයි ඩිලිවරි කරවන්නේ... ඉතින් බිල්පත් සමග යැව්වාම වැඩි මිලක් ගන්න බැහැ. කොහොමත් පුපුරන නිසා වැඩි ගණනක් ගැනීම වරදකුත් නැහැ.. පුපුරන ගෑස් නැති කාලෙක හරියාවි..
මේ ආණ්ඩුවට උපරිම කළ හැක්කේ අපරාධ කරුවන් නිදොස්කොට නිදහස් කිරීම සහ ගැසට්පත්‍ර නිකුත් කිරීම සහ අවලංගු කිරීම...