IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගෑස් ගන්න කඩවත මහා පෝලිම්

(විමුක්ති එස්. රුද්‍රිගු)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළේ මිලදි ගැනීමට නොහැකි නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරිස් අපහසුතාවයට පත්ව සිටිති.

ඇතැම් පිරිස්  ගෑස් සිලින්ඩර් සොයා තැන තැන යන අයුරු ද දක්නට ඇති අතර කඩවත නගරයේ ගෑස් වෙළෙඳපොළ අසල අද පෙරවරුවේ සිටි දිගු පොලිම් දක්නට ලැබිණි.

ගැස් සිලින්ඩර් රැගත් ලොරියක් එන බවට ලැබුණු ආරංචියත් සමග දින ගණනක් ගෑස් නොමැතිව සිටි විශාල  පිරිසක් මේ ආකාරයෙන් පොලිම්වල සිටින අයුරු ලංකාදී කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

 



අදහස් (18)

ගෑස් ගන්න කඩවත මහා පෝලිම්

බද්රානි Wednesday, 11 August 2021 03:08 PM

මොකද, ඔච්චර ගෑස් හොය හොයා පෝලිම් වල ඉන්නේ. ආයේ කිරිබත් උයන්න වත්ද? ඔන්න කලින් වගේ බැහැ, මේ සැරේ නම් අපිට කිරි පැණිත් ඕනා, හොඳද..

:       498       666

Sunil Wednesday, 11 August 2021 03:17 PM

ලිට්රෝ ගෑස් ඕනෑ තරම් තියනවා කියූ සභාපති මෝඩයා කෝ ?

:       264       377

fairoosWednesday, 11 August 2021 03:40 PM

එදා සභාපති කියනකොටම දන්නවා ගෑස් හිඟයක් එන බව

:       102       147

Rohana Wednesday, 11 August 2021 04:25 PM

කමක් නැහැ. මේ මහර පැත්තෙ ජනතාවනේ . එයාල තමයි ලක්ෂ ගනන් වැඩි ඡන්ද රාජපක්ෂලාට ලබා දුන්නේ.

:       311       831

Rumi Wednesday, 11 August 2021 04:25 PM

දැන් ගෑස් පොකුරු සූදානම්. ලිට්රෝ සමාගමේ සභාපති තුළ සිටින ඒ පළපුරුද්ද නැති මෝඩයා කවුද? මෙම වගකිවයුතු ආසන දැරීමට සුදුසුකම් ලත් අය නැද්ද?

:       250       334

saman Wednesday, 11 August 2021 04:39 PM

හොඳට ළංවෙලා බලන්ට ඔය පෝළිංවල අපි ඡන්දෙන් පත් කරපු "මහජන නියෝජිතයින්" ඉන්නවද කියලා. ඒ අයට ඔය කිසිම කරදරයක්, අඩුපාඩුවක් නැහැ. මේ දේවල් හොඳට සිහි තබාගෙන, ලබන සැරේ කිසි කෙනෙකුට ඡන්දය දීමෙන් වැළකී සිටින්න. ඊට හේතුව, ඔය කවුරු පත් වුණත්, අපට වන සෙතක් නැහැ...

:       341       531

දාස Wednesday, 11 August 2021 05:05 PM

කෝ අර විරුවා, රට හදන්න ආපු කෙරුම් කාරයා, කෝ ඊයෙ පෙරේදා ඇමති වෙච්චි මොලකාරයා. මේ ඔක්කොම අවුරුදු 72ක් තිස්සේ කලේ අපිව රවටලා උන් සැප ගන්න එක...

:       381       558

JCN Wednesday, 11 August 2021 06:00 PM

හොඳටම කරපු කට්ටිය.. 1. නිදහසෙන් පස්සේ පහළ වූ ඔක්කොම ආණ්ඩු 2. ඒ අයට ඡන්දෙ දුන් අය 3. ලිට්‍රො සභාපති වගේ නිලධාරීන්

:       133       278

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 August 2021 06:10 PM

කෝ මේ වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ පම්පෝරිය විතරයිනේ...? කෝ වැඩ කිඩ?. ඕනෑම කෙනෙකුගේ කටට වඩා තියෙන්න ඕනෑ වැඩ. විශේෂයෙන්ම රටක වෙළෙඳ ඇමැතිවරයෙකුගේ... මෙතුමා මෙහෙම කියනවා. ආණ්ඩුවේම තවත් අයෙකු කියනවා පිටරට ගෑස් මිල ඉහළ ගිහින්ලු. ඔන්න බලන්න වෙන වැඩේ. මේ ප්‍රශ්නය බැසිල් මහත්තයාට බාරදෙනවා හුරේ දාලා. එතුමත් කිසි හිරිකිතයක් නොගෙන අරගෙන ටික කලක් ගොස් මිල වැඩි කරාවි. කොහොමද සද්දේ දාලා තෙල් මිල අඩුකරන්නට බාරදුන්නා. තෙල් මිල කෙතරම් ඉක්මණට අඩුකරාද නේද? මේ සියලුම වැඩ අසාර්ථක බොළඳ පාලකයින්ගේ උප්පරවැට්ටි....

:       413       1022

asankaWednesday, 11 August 2021 07:48 PM

ඔක්කොගේම පම්පෝරිය විපක්ෂයේ ඉන්නකල් විතරයි. ආණ්ඩු කරන්න ගියාම බඩ යනවා.

:       15       176

Koka Wednesday, 11 August 2021 09:05 PM

ලිට්‍රෝ ගෑස් සමාගම අයිති රජයට මේ වෙවෙලාවෙදි ලිට්‍රෝ ගැස් නොකඩවා ලබාදුන්නොත් අනෙක් ගෑස් කොම්පැණිය වැටෙනවා ඒ කොම්පැණිය අයිති මේ ආණ්ඩුව බලයට පත් කරන්න දරදිය ඇද්පු කෙනෙක්ටට ඒ හින්දා ලිට්‍රෝ ගෑස් කෘතිම හිගයක් ඇතිකරල තියෙනවා අනෙක් කොම්පැණියේ බිස්නස් බේරගන්න.

:       0       0

Don perera Thursday, 12 August 2021 01:45 AM

69 ක් වහලුන්ට ජයවේවා... මෙය ඔබේ පැතුමයි...

:       0       0

ප්‍රසන්න Thursday, 12 August 2021 08:57 AM

ශා අයියගෙ නිව්ස් එක අද පත්තරේ මුල් පිටුවටත් ගිහින් නේද ගොඩාක් සන්තෝසයි අයියෙ. සුභ පැතුම් ..❤️.

:       0       1

thushara Thursday, 12 August 2021 09:33 AM

සර් ආපු ගමන් වනාන්තර කපලා දර හැදුවෙ මොකටද කියලා දැන් තේරෙනවද ?

:       0       3

Sanka Thursday, 12 August 2021 09:55 AM

මොන පෝලිමේ හිටියත් ලංවෙලා හරි තුරැල්වෙලා හරි ඉන්ඩම ඕනෑ. නැත්තන් කෝවිඩ් හැදෙනවනේ......

:       0       1

kumara Thursday, 12 August 2021 11:04 AM

දැන් සැපද ?

:       0       6

Don perera Thursday, 12 August 2021 11:34 AM

නියමයි ,තව ඔහොම යමු

:       0       0

Always breakdown Thursday, 12 August 2021 11:38 AM

අපි තමයි හොඳටම කෙරුවේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site