
(විමුක්ති එස්. රුද්‍රිගු)
ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළේ මිලදි ගැනීමට නොහැකි නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරිස් අපහසුතාවයට පත්ව සිටිති.
ඇතැම් පිරිස් ගෑස් සිලින්ඩර් සොයා තැන තැන යන අයුරු ද දක්නට ඇති අතර කඩවත නගරයේ ගෑස් වෙළෙඳපොළ අසල අද පෙරවරුවේ සිටි දිගු පොලිම් දක්නට ලැබිණි.
ගැස් සිලින්ඩර් රැගත් ලොරියක් එන බවට ලැබුණු ආරංචියත් සමග දින ගණනක් ගෑස් නොමැතිව සිටි විශාල පිරිසක් මේ ආකාරයෙන් පොලිම්වල සිටින අයුරු ලංකාදී කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද, ඔච්චර ගෑස් හොය හොයා පෝලිම් වල ඉන්නේ. ආයේ කිරිබත් උයන්න වත්ද? ඔන්න කලින් වගේ බැහැ, මේ සැරේ නම් අපිට කිරි පැණිත් ඕනා, හොඳද..
ලිට්රෝ ගෑස් ඕනෑ තරම් තියනවා කියූ සභාපති මෝඩයා කෝ ?
කමක් නැහැ. මේ මහර පැත්තෙ ජනතාවනේ . එයාල තමයි ලක්ෂ ගනන් වැඩි ඡන්ද රාජපක්ෂලාට ලබා දුන්නේ.
දැන් ගෑස් පොකුරු සූදානම්. ලිට්රෝ සමාගමේ සභාපති තුළ සිටින ඒ පළපුරුද්ද නැති මෝඩයා කවුද? මෙම වගකිවයුතු ආසන දැරීමට සුදුසුකම් ලත් අය නැද්ද?
හොඳට ළංවෙලා බලන්ට ඔය පෝළිංවල අපි ඡන්දෙන් පත් කරපු "මහජන නියෝජිතයින්" ඉන්නවද කියලා. ඒ අයට ඔය කිසිම කරදරයක්, අඩුපාඩුවක් නැහැ. මේ දේවල් හොඳට සිහි තබාගෙන, ලබන සැරේ කිසි කෙනෙකුට ඡන්දය දීමෙන් වැළකී සිටින්න. ඊට හේතුව, ඔය කවුරු පත් වුණත්, අපට වන සෙතක් නැහැ...
කෝ අර විරුවා, රට හදන්න ආපු කෙරුම් කාරයා, කෝ ඊයෙ පෙරේදා ඇමති වෙච්චි මොලකාරයා. මේ ඔක්කොම අවුරුදු 72ක් තිස්සේ කලේ අපිව රවටලා උන් සැප ගන්න එක...
හොඳටම කරපු කට්ටිය.. 1. නිදහසෙන් පස්සේ පහළ වූ ඔක්කොම ආණ්ඩු 2. ඒ අයට ඡන්දෙ දුන් අය 3. ලිට්‍රො සභාපති වගේ නිලධාරීන්
කෝ මේ වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ පම්පෝරිය විතරයිනේ...? කෝ වැඩ කිඩ?. ඕනෑම කෙනෙකුගේ කටට වඩා තියෙන්න ඕනෑ වැඩ. විශේෂයෙන්ම රටක වෙළෙඳ ඇමැතිවරයෙකුගේ... මෙතුමා මෙහෙම කියනවා. ආණ්ඩුවේම තවත් අයෙකු කියනවා පිටරට ගෑස් මිල ඉහළ ගිහින්ලු. ඔන්න බලන්න වෙන වැඩේ. මේ ප්‍රශ්නය බැසිල් මහත්තයාට බාරදෙනවා හුරේ දාලා. එතුමත් කිසි හිරිකිතයක් නොගෙන අරගෙන ටික කලක් ගොස් මිල වැඩි කරාවි. කොහොමද සද්දේ දාලා තෙල් මිල අඩුකරන්නට බාරදුන්නා. තෙල් මිල කෙතරම් ඉක්මණට අඩුකරාද නේද? මේ සියලුම වැඩ අසාර්ථක බොළඳ පාලකයින්ගේ උප්පරවැට්ටි....
ලිට්රෝ ගෑස් සමාගම අයිති රජයට මේ වෙවෙලාවෙදි ලිට්‍රෝ ගැස් නොකඩවා ලබාදුන්නොත් අනෙක් ගෑස් කොම්පැණිය වැටෙනවා ඒ කොම්පැණිය අයිති මේ ආණ්ඩුව බලයට පත් කරන්න දරදිය ඇද්පු කෙනෙක්ටට ඒ හින්දා ලිට්‍රෝ ගෑස් කෘතිම හිගයක් ඇතිකරල තියෙනවා අනෙක් කොම්පැණියේ බිස්නස් බේරගන්න.
69 ක් වහලුන්ට ජයවේවා... මෙය ඔබේ පැතුමයි...
ශා අයියගෙ නිව්ස් එක අද පත්තරේ මුල් පිටුවටත් ගිහින් නේද ගොඩාක් සන්තෝසයි අයියෙ. සුභ පැතුම් ..❤️.
සර් ආපු ගමන් වනාන්තර කපලා දර හැදුවෙ මොකටද කියලා දැන් තේරෙනවද ?
මොන පෝලිමේ හිටියත් ලංවෙලා හරි තුරැල්වෙලා හරි ඉන්ඩම ඕනෑ. නැත්තන් කෝවිඩ් හැදෙනවනේ......
දැන් සැපද ?
නියමයි ,තව ඔහොම යමු
අපි තමයි හොඳටම කෙරුවේ