
(ක්‍රිෂාන් ජීවක ජයරුක්, නයනදුල සෙන්දනායක සහ සුනිල් එස් තන්ත්‍රිආරච්චි)
දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
ලාෆ්ස් ගෑස් දැනට සති කිහිපයක සිට බෙදාහැරීම නැවතී තිබෙන අතර ලිට්රෝ ගෑස් ලැබීමේ ප්‍රමාදයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පවසති.
මාතර කළුතර හොරණ ආදි නගර රැසක හිස් ගෑස් ටැංකි තබා ගත් පිරිස් ගෑස් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු අප වාර්තා කරුවන්ගේ කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් නැතිනම් කමක් නෑ... මොකද අපේ මුතුන් මිත්තන් උයලා කෑවේ ගෑස්වලින් නෙමෙයිනේ..
අපි තමයි හොඳටම කරන්නේ...!!!
ගෑස් නැති බව ඇත්ත. ඒත් මේ ගෑස් හොයන්න සුදුසු වෙලාව නෙමේ. හරි වෙලාව ආවම ගෑස් හොයාගන්න අපිත් උදව් කරන්නම්...
ගියපාර නැවක් එනකල් බලාහිටියා.... මේ පාර එන එකකුත් නෑ... යන එකකුත් නෑ...
ඉවසලා ඉන්න... ටික දවසකින් GMOA එකෙන් කියලා දෙයි ගෙදරදීම ගෑස් හදා ගන්න විදිය...
ගෑස් නැතිවුණාට මොකෝ...? අපිට තියනවනේ සිංහල බෞද්ධ රටක්.. අපේම කියාගන්න පුළුවන් ආණ්ඩුවක්... අපේ මෝඩකමේ හැටියට තවත් පෝලිම් ගණනාවක් බලාගත හැකිවේ..
මේක ලංකාව. ඇමරිකාව නෙමෙයි. ගෑස්වලට ඇබ්බැහි වෙලා තියෙන හැටි පේනවනේ... අපේ පාරම්පරික දේශීය දර ලිප් ක්‍රමේට යන්න. තරහා ගන්න එපා. දර ලිපේ කෑමවල රස ගෑස්වලින් ගන්න බෑ...
ජේ.ආර්. එන්න ඉස්සෙල්ල ගෑස් කඩ නෙවෙයි පාන් කඩ අසලත් ඔය වගේ දිග පෝලිම් තිබුණා.
69 ලක්ෂයේ බයියනේ... දැන් කොහොමද? ගෑස්වලින්ද උයන්නේ? ගෑස් තියෙනවද? දැන් සැපද? මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවක කරපු කතාවක්...
තව පෝලිම් කීපයක් ඉදිරියට සූදානම්. නෙළුම් කුළුණ, මත්තල එයාර්පෝර්ට් එක.., හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රිකට් පිටිය අපට තියෙනවනේ. තනි සිංහල ආණ්ඩුවක් එක්ක...
එක එක්කෙනා ගෑස් ලිපේ උයනවට වඩා අඩු ගෑස් වියදමකින් මහා පරිමාණයෙන් උයලා සපයන එකෙන් ගෑස් ඉතිරි වෙනවා. වෙනත් රටවල වගේ මහා පරිමාණයෙන් කෑම කඩ ‘‘භෝජනාගාර‘‘ ඇරඹීමට කාලය ඇවිත් කියලා මට හිතෙනවා... ඒ කෑමවල මිල වුණත් ඒ විදිහට මහා පරිමාණයෙන් කරද්දි අඩුවෙනවා...
ගෑස් පොකුරක් එයිද දන්නේ නැහැ...
සෞභාග්‍යය දෝරෙ ගලනවා අපේ හාමුදුරුවනේ...!!!
නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, හම්බන්තොට ක්‍රීඩාංගණය, හම්බන්තොට අධිවේගය, මත්තල ගුවන් තොටුපළ... නුඹලාට මතක නැතිද? එව්වා තමයි ආයෝජන කියන්නේ... මොට්ටයින්ට තේරෙන්නේ නැහැ...
ෙම් අයට දර ලිපේ උයනන කියන්න
ගෑස් ඕන තරම් තියනවා කියූ ලිට්රෝ මෝඩයා කෝ ?
බන්දු අයියාගේ අතුරුදහන්වීම "කරනකොට" ගෙන ගෑස් පිලිබදව විමසීමක් කිරීමට නොහැකි බව කාරුණිකව සලකන්න.
කට්ටිය පෝලිමේ ලස්සනට ඉන්න විදීය බලන්න. ඒ තමයි එතුමා ඇති කල විනය. ඊලගට විනය හදන්නෙ සිමෙන්ති පෝලිමේ. නුදුරේදීම හාල් සහ පාන් වලටත් මේ විනය ගේනවා
තව සතියක් දෙකක් ගතවෙනකොට තව තව පෝලිම් වර්ග ඇති වෙයි.
ආදි මුතුන් මිත්තෝ ආවේ ගියේ ගොන් කරත්තවල බක්කි කරත්තවල සහ පයින්. ඇන්දේ පැලැන්දේ අත් යන්ත්‍ර රෙදිපිළි. කෑවේ බිව්වේ අල, කොල, බතල. එතකොට මොබයිල් ෆෝන්, ටී.වී. රෙඊඩියෝ තිබුනෙත් නෑ. අපිව නැවත ඒ යුගයටද ඔබලාගේ ආණ්ඩුව අරන් යන්න හදන්නේ? ඒකද පොරොන්දු උන සෞභාග්‍ය?
මේකත් මේ ගුරුන් මහ පාරේ යැව්ව වගේ තමා..
අරයට ජනාධිපති වෙන්න ඕනැ කිව්ව. ඒක අරන්දුන්න. ඉන් පස්සෙ කියපි රට හොදට ගෙනියන්න නම් තුනෙන් දෙකක් ඕනැ කියල. තුනෙන් දෙක නෙවෙයි එයටත් වැඩියෙන් දුන්න. ඉන් පස්සෙ කිව්ව රට හොදටම කරන්න නම් 20 පාස් කරල දෙන්න කියල. පස්සෙ සම්මත නොවෙයි කියල බයට විපක්ෂෙත් තුන් හතර දෙනෙක් සල්ලිවලට අරන් ඒකත් සම්මත කරල දුන්න. දැන් කියනව ආණ්ඩුව ගෙනියන එක හරිම අමාරුයි අරකද මේකද කියල. ඒ කරපු පාප කර්මයට පිටරටින් බඩුවක් මූට්ටුවක් ගෙන්න ගන්න ඉගෙන ගන්න ලමයෙකුට සල්ලිටිකක් යවන්න විදිහක් නෑලු ඩොලර් නැත්තටම නැතිවෙලාලු. ඒ මදිවට දැන් ගෑසුත් නෑ. ඒක ගන්න අර සිලින්ඩරයකුත් උස්සගෙන පැය ගනන් පෝලිමෙත් ඉන්න වෙලා. කරගත්ත කරුමයක මහත කියල දැන්නම් හිතෙනවා.
බයියනේ දැන් සැපද?
විසි එක්වන සියවසේ සංවර්ධනය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස අපේ ජාතියේ ප්‍රෞඪත්වය ලොවට පෙන්වන සුන්දර දර්ශනයක්. මෙවන් මනරම් රටක් අපට දායාද කල පාලකයින්ට අපි වැඳ නමස්කාර කිරීම වරදක්ද?