IMG-LOGO

ගංවතුරින් කල්පිටියේ වගා බිමි වැනසෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැසිත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් කල්පිටියේ අක්කර 6000 කට අධික ප්‍රමානයක් සම්පුර්ණයෙන්  විනාශ වි ඇති බව වගාකරුවෝ පවසති.

කල්පිටිය අර්ධද්විපයට අයත්  සේතපොල, දළුව, මාන්පුරිය, ඉලන්තඩිය, නාරක්කල්ලිය, නාවක්කාඩුව, ආඩන්කෙනි, කොයියාවාඩිය, එත්තාලේ, තිහලි, පාලකුඩාතලවිල, පුලච්චේන, පනිඅඩිය, නොරෝච්චෝල, ආලංකුඩා, කන්දකුඩා, කල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාවන් මෙසේ හානි සිදුව ඇති බව වගාකරුවන් කියයි.

දින ගනනාවක් නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කල්පිටිය අර්ධද්විපයේ ජලය ගලා යාම ප්‍රමාද නිසා  මෙසේ වගා බිම්වල අඩි කිපයක් උසට ජලය රැදි ඇති බව වගාකරුවෝ කියති.

ඒසේම කල්පිටිය අර්ධද්විපයෙන් දෛනිකව දිවයින පුරා එළවළු පලතුරු කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමානයක් ප්‍රවාහනය සිදුවන අතර මෙම තත්වය හේතුවෙන් ඉදිරියෙදි රටේ දැවැන්ත එළවළු හිගයක් ඇති වනු ඇතැයි කල්පිටිය වගාකරුවෝ අනතුර අඟවති.

 

 



අදහස් (4)

ගංවතුරින් කල්පිටියේ වගා බිමි වැනසෙයි

pakeer Sunday, 14 November 2021 02:00 AM

මාර නරක කලදසාවක්.

:       0       2

ගොවියා Sunday, 14 November 2021 07:51 AM

දේවෝ වස්සතු කාලෙන මතක් වුනා පොහොර නැහැ වැස්ස වැඩියි ගංවතුර හැමදාම සාගතයක් ඇතිවෙනවා නියතයි වතුරෙ වගාකල හැකි භෝග නැද්ද.?

:       0       5

Raveendra Sunday, 14 November 2021 08:27 AM

ඇත්තෙන්ම පව් මේ ගොවි මහත්ම මහත්මීන්. කොතරම් මහන්සි වෙනවද ගොවිතැන් කරන්න... අප වෙළදපොලට ගිහින් මිල අධිකයි කියමින් දෙස්දෙවොල් තිබ්බත් මේ මිනිසුන්ට එවන් අධික මිලක් තම වගාවන්වලට නොලැබෙන බව නොරහසකි. එසේ තිබියදීත් මෙවන් ආපදාවලදී මොවුන්ගේ තත්වය මනුස්‍යන්ට හිතාගැනීමට අපහසු නොවන බවත් කිව යුතුය.

:       1       12

sharm warn Monday, 15 November 2021 01:34 PM

දේවෝ වස්සතු කාලේන වෙන්නේ රාජා භවතු ධම්මිකෝ වුණොත් විතරයි කියලා තේරුණේ නැද්ද? 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site