(නිමල් ජයරත්න)
පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පූජා භූමියේ සැරි සරන රිලවුන්, මුවන් සහ සුනඛයින් ඇතුලූ වන සතුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමට පොළොන්නරුව පොලිසියේ නිලධාරීහු අද (07) කටයුතු කළහ.
පොළොන්නරුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජි.එස්. සංජීව මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි.
ගල්විහාර භාරකාර කන්දකැටියේ අත්තිදස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිංකම සඳහා පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ සහ ගල්විහාර පොලිස් මුරපොලේ පොලිස් නිලධාරින්ගේ සහය ලැබිණි.
රටේ පවතින තත්ත්වය මත ගල්විහාර පුජාභූමිය නැරඹීමට වන්දනා නඩ නොපැමිණීම හේතුවෙන් පුජාභූමියේ සැරිසරන වන සතුන් විශාල සංඛ්‍යාවක් ආහාර හිඟයකට සහ පානිය ජල අර්බුදයකටද මුහුණ පා සිටිති.
පොළොන්නරුව පොලිසියේ සම්පත් උපයෝගි කරගනිමින් මෙම කටයුත්ත සිදුකළ අතර ජල බවුසර් මගින් ජලය ගෙනවිත් ගල් විහාර පූජා භූමියේ ස්ථාන 40 ක් ස්ථාපිත කර සතුන්ට අවශ්‍ය ජලය දිනපතා ලබාදීමට කටයුතු කරන බව පොළොන්නරුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බැරල් කැලි වැඩේ අවසන් වුණාම පොලීසියෙන්ම අවිත් අරන් යාවිද? නැතිනම් ඩෙංගු මදුරුවන්ට දාන ශාලාවක් වෙයිද?
මිනිසාට වගේම තිරිසනාටත් බඩගින්න පිපාසය දැනෙනවා. මහා පරිමාණයෙන් විනාශකරන එළවලු පලතුරු මේ වගේ ක්‍රම වේදයකට සතුන්ට ලැබෙන්න සලස්වානම් මහගු පිනක්. ඒ වගේම මෙවැනි යහපත් සිතුවිලි පහල වන මෙතුමන්ලට ජාති ජාතිත් පිනක් මෙවැනි කටයුතු ඉදිරියටත් කරන්න විරිය ලැබෙන්න කියලා පතමි
එකම රටේ, එකම ආයතනයක නමුත් හදවත් දෙකක්... ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.. එ් කොහොමද කියලා... බලන්න මේ පොලිස් නිලධාරී මහත්වරුන් කරන මේ සත්ක්‍රියාව... බව්වන්ට පාන් අතින්ම කන්න දෙනවා.. සමහර විට ඒ බව්වා එයාගේ ජිවිතයේ පළමු වතාවටම වෙන්න ඇති මිනිසෙකුගෙන් 'ආදරණීය' පාන් කැබැල්ලක් කෑවේ. සමහරවිට එයා එයාගේ යහලුවන්ටත් කියයි. ඊගාවට රිලව් සෙට් එකක් ඉන්නවා. ඒ අතරේ අම්මා කෙනෙකුත් ඇවිත් පැටියාවත් අරගෙන.. ඒ ගොල්ලොත් බඩගින්නේ ඉන්න ඇත්තේ.. තවත් තැනක වතුර භාජනයක්.. ඒ මුව පොව්වන්ට. පොලොන්නරුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක "සංජිව" මහත්මයා ඇතුළු සියලුම නිලධාරීන් "පොසොන්" දින කළ මේ සත් ක්‍රියාව අතරේම " වෙසක් " පොහොය දවසේ මීගමුවේදී සිදුකළ අළුගෝසු වැඩක් ගැනත් නොකියාම බැහැ. බ්‍රිටෝ ප්‍රනාන්දු මහත්මයාගේ සුරතල් බව්වා.." මැක්ස් ". නිවසේ තාප්පයට මුත්‍රා කල " නීති විරෝධී වරදට '' වෙඩිතබා ඝාතනය කළා. වෙඩි පහර කාගෙනම තමන්ගේ ගෙදරට ආ මැක්ස් බ්‍රිටෝගේ අත්දෙකමත මිය ගියා. වෙසක් පොහොයදා මේ අහිංසකයාව ඝාතනය කළේ විශ්‍රාමගිය පොලිස් නිලධාරියෙක්. වෙනස මේකයි.. පොළොන්නරුවේ පොලිස් නිලධාරීන්ට තිබූ 'හදවත' අර ඝාතකයාට පිහිටා නොතිබීමයි..
සියළුම දෙනාට අනේක වාරයක් පිං මේ අසරණ සතුන්ට ආහාර දුන්නාට. සියළුම සේයාරූ වලට මා කැමතියි. ඒත්, මං වැඩියෙන්ම කැමැති රිලා බබා ඉන්න එකට. හුරතල් මුහුණු පොඩ්ඩ.
අනේ 2වැනි ෆොටෝ එකේ ඉන්න, චුට්ටා මව් තුරුලේ නැලවෙමින් ඉන්නා ලස්සන. පොලිසියේ නිලධාරීන්ටත් උණුවෙන හදවත් තිබීම ගැන හරිම සතුටුයි.. බව්වලා නම් නිරෝගී පාටයි. පුජාභූමියේ සැරිසරන වන සතුන් විශාල සංඛ්‍යාවක් ආහාර හිඟයකට මුහුණ දී සිටින මේ දුෂ්කර අවස්ථාවේ... එම කාරුණික මහතුන්ගේ සත් ක්‍රියාව බෙහෙවින්ම අගය කරමු.
පොලිසියේ උතුම් ක්‍රියාවක්. වැදගත්ම දේ අද විතරක් නෙමෙයි දිනපතාම වතුර දෙනවා කියපු එක. බැරල් යොදා ගත්තේ මේ වැඩේ කරන්න පහසුවක් විදිහට වෙන්න ඕනේ. පලවෙනි පිංතූරෙන් පෙන්වන දේ ගැන පොඩ්ඩක් හිතුව නම් හොඳයි නේද? පොඩි රිලා පැටවුනුත් කීප දෙනෙක් ඇවිල්ල ඉන්නවා. හරිම හොඳ පින්කමක්.
විජිත් මහත්මයා, ඔබතුමාගේ මේ වාර්තාවේ තිබෙන මම කැමතිම තැන තමයි - අපි එකිනෙකා හුවමාරු කරගන්නේ අපේ හුස්මමයි... ඔබ හෙලන හුස්ම වාතලයට ගොස් නැවත මා කරා එනවා මම ගන්න හුස්ම ලෙස... මම අහනවාද ඒවා සිංහලද, දෙමළද නැත්නම් මුස්ලිම් හුස්මද කියලා..? - මේ වචන ටික මගේ පපුවේ කෙළවරටම කිඳා බැස්සා. ඇත්තටම අපේ රට කරන උන් ජාතිවාදයක් අවුස්සා අපිව අරගෙන යන්නේ කොහෙද කියා අපිවත් දන්නේ නැහැ. බලන්න සුළුතර කළු ජතිකයෙක්ට සිදුවුණා අසාධාරණයට විරුද්ධව බහුතර සුදු ඇමෙරිකානුවන් සටන්කරන හැටි.
පොලිස් සේවයෙහි ඉන්න මහත්ම මහත්මීන් ඉතාම සංවේදී . මට මතකයි අවස්ථා දෙකක පොලිස් නිලධාරනී දෙදෙනෙක් පොඩි දරුවන් යම් කිසි හේතුවක් නිසා ගෙවල් වලින් එලියට ගෙන තමන්ගේ දරුවකුට වගේ අඬනකොට එතුමියන්ගේ මව් කිරි පොවපු හැටි. මේ කරන දානමය ක්‍රියාදාමය අපි ඉහලින්ම අගය කරමි.
මනුෂ්‍යත්වය නම් මෙයයි. නොමිනිසුන් බහුතරයක් මැද මෙවන් උදාර මිනිසුන් සුළුතරයක් හෝ සිටීම සතුටට කරුණකි. මීට පෙර යාල වනෝද්‍යානයේත් මෙලෙස සතුන්ට ජල පහසුකම් සැපයූවිට ඒ ජලය පානය කිරීමට පැමිණි සතුන් දඩයම් කිරීමට තරම් කුරීරු වූ අමනුෂ්‍යයින් සිටියා. මිනිසා සොබා දහමෙන් ඈත්වන විට, සොබා දහමට වින කරන විට ඊට ප්‍රතිඵල ලෙස සොබා දහමින් ලැබෙන දඬුවම ඉතාමත් බරපතලය. මෙහි ආදීනව අපි දැනටමත් භුක්ති විඳිමින් සිටින්නෙමු. මුදලට, බලයට හැමදේම කලහැකියයි සිතා සිටිනා මිනිසා සොබාදම් මාතාව හමුවේ... සොබාදම් නීතිය හමුවේ ලිලිපුට්ටෙකි. අවාසනාව නම් මිනිසා කිසිදිනෙක මෙය වටහා නොගැනීමයි.
කෝ මේ ඔතාරා නෝනා? ඔඩෙල් එකත් විකුණලා සතුන්ව බලාගන්නවා කිව්වනේද? ලංකාවේ ඉන්නවද?
කොහොමත් එදා ඉඳලා මේ සත්තු පුරුදුවෙලා තිබුනේ වන්දනා කරුවන් හරි, සංචාරකයන් හරි දෙන දේවලුත් කන්නයි. අමතරව... මෙය දැන් මගහැරිලා තිබෙනවා. එහෙම කියන්නේ මමත් හිටපු සංචාරක කටයුතු කළ කෙනෙක්.. අනුරාධපුරයේ 1980 වර්ෂයේ ඉඳලා, ඉතින් මේවා මම හොඳට දැකලා තිබෙනවා. මෙය යහපත් ක්‍රියාවක්.. මෙවැනි අවාසනාවන්ත වකවානුවක. පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය සැමට ජය...