කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ 77 වැනි ජන්ම දිනය අදට (14) යෙදී තිබේ.
රෝගාතුර වීම හේතුවෙන් සිංගප්පූරුවෙහි ප්‍රතිකාර ලබමින් සිටින ගලබොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ට නිරෝගි සුවය පතා දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්වාසී සාමණේර හිමිවරුන් 300 නමකට සපිරිකර සංඝගත දක්ෂිණාවක් සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ආගමික උත්සවයක් අද (14) ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ගංගාරාම විහාරස්ථානයට වැඩමකර සිටි ස්වාමීන් වහන්සේලාට විහාරස්ථ දායක සභාව විසින් දිවා දානය සහ සපිරිකර පිළිගන්වන ලදී. පසුව ශිෂ්‍යත්ව පිරිනමන අයුරු දැක්වේ.










(සටහන - දසුන් රාජපක්ෂ / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංගාරාම හාමුදුරුවෝ අසනීපෙන්ද? හාමුදුරුවන්ට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
දුෂ්කර පළාත්වල ගොඩක් හාමුදුරුවරුන්ට හරියට දානේ ලැබෙන්නේ නැහැ. මෙවැනි පින්කමකදී උන්වහන්සේලාට ආරාධනා කළ එක අගේ කළයුතුයි. ගලබොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ට නිරෝගි සුවය ලැබේවා.. !
ඔක්කෝටම වඩා වැදගත් දේ කියලා නැහැ. දහස් ගණන් කොල්ලන්ට කෙල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් රැකියා පුහුණුවක් හරි හැටියට දෙන මා දන්නා එකම පන්සල...