IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

(ශාන්ත රත්නායක)

ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (05) ගල්කිස්ස පොලිසිය හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබුණි.

මුහුදු ඛාදනය වැලැක්වීම සඳහා යැයි පවසමින් විශාල මුදලක් වැයකර පසුගිය දිනවල මුහුදු තීරය වැලි වලින් ගොඩකළද එම වැලි මුහුදට ඛාදනය වීම හේතුවෙන් මේ වන විට කැලි කසල සහ ප්ලාස්ටික් බෝතල් වලින් ගල්කිස්ස වෙරළ තිරය පිරි ගොස් තිබේ.

 


 

 


 



අදහස් (12)

ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

කුමාර Friday, 05 June 2020 01:31 PM

වැලිටික මුහුදට ගියා, කුණුටික වෙරළට ආවා. දැන් මේ වගේ ජනතා මුදල් කාබාසිනියා කරපු අයට දඩුවම් නැද්ද? ලංකාදීප වගේ ඇත්ත ඇති සැටියෙන් දකිනා මාධ්‍ය මෙවැනි පුවත් පල කරන්නේ නැතිනම් අපි ඇත්ත දන්නෙත් නැහැ.

:       11       171

Su Friday, 05 June 2020 01:33 PM

මම අහලා තියෙනවා ඉන්දියාව මුහුදට විසිකරන රසායනික අපද්‍රව්‍ය පවා ලංකාවේ වෙරළට එනවලු...

:       44       21

sanjeeva Friday, 05 June 2020 01:52 PM

69 ට කියන්නකෝ ඇවිල්ලා... ඕක හොඳට සුද්ද කරලා යන්න කියලා...

:       71       206

PradeepFriday, 05 June 2020 03:13 PM

මේක 69 ප්‍රශ්නයක් නෙමෙයි නේද මහත්මයා. හැමදේම දේශපාලනිකව දකින්න එපා. පොදුවේ ගත්කල රටේ බොහොමයක් ජනතාවගේ නොසැලකිලිමත් කමේ ප්‍රතිපල තමයි මේ. ගල්කිස්ස විතරක් නෙමෙයි, මිගමුව, බේරුවල, ත්‍රිකුණාමලය ඔය හැම තැනම තත්වයත් ඔයවගේම තමයි. ඊට අමතරව රට අභ්‍යන්තරයේ තත්වයත් ඊට දෙවැනි නෑ. රජරට ඇතුළු බොහෝ වැව් ගංගා ආශ්‍රිත ප්‍රදේශවල හිස් මත්පැන් බෝතල්, සෝඩා බෝතල් යනාදිය දමා යන්නේ ඔබ කිව කොටසේ ය පමණක් නොවෙයි. රටට, පරිසරයට වින කරන අයට පක්ෂ බේධයක් නෑ. උන් හැමතැනම ඉන්නවා. අඩුම තරමේ ටොපියක් කාලා කොලේ කසල බඳුනකට දමන්නේ කියෙන් කි දෙනාද.. මේ වගේ දේවල් වලට පක්ෂ බේධ ගාවාගන්නේ නැතුව රටේ පුරවැසියන් විදියට හඬක් නගමු මේ වගේ නොසැලකිලිමත් කමින් වැඩ කරන හැමෝටම එරෙහිව. ඊට අමතරව අපේ මට්ටමින් අපිට හැකි අයුරින් පරිසරය රක ගැනීමට වෙහෙසෙමු.

:       112       26

GalaparaSunday, 07 June 2020 09:47 AM

මේ කුණු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගල්කිස්ස වෙරළට ආවේ මොරටුවෙන් මුහුදට කුණු කසල දාල කරපු කඩාකප්පල් ක්‍රියාවක් නිසා... මේකට මොරටුවේ නගරාධිපතිත් සම්බන්ධයි කියල ඊයේ රෑ රුපවාහිනී ප්‍රවෘත්ති විකාශයක කියනවා අහගෙන හිටියා. නැත්නම් මෙහෙම කඩාකප්පල්කාරී වැඩක් කරන්න වෙන කවුරුත් මේ වෙලාවේ ඉදිරිපත් වෙන්නේ නැහැ. පාරම්පරික ඉතිහාසයක් තියෙන මොරටු නගරයට මොනතරම් අපකිර්තියක්ද මේක...? මේ කරපු කඩාකප්පල් දෙය අපි පිළිකුලෙන් හෙළාදැකලා, අපි මොරටු ජනතාවට කියනවා.. හොඳ උගත්, වැදගත් පරම්පරාවක කෙනෙක් නගරාධිපති කරන්න කියලා...

:       1       67

Champa Friday, 05 June 2020 02:57 PM

ගල්කිස්ස මුහුදු වෙරළ කවදාවත් මේ තරම් අපවිත්‍ර වෙලා තිබිලා නැහැ. ලොකු කොමිස් කුට්ටියකට කාබාසිනියා කරපු මහජන මුදල් මිලියන් ගානක ප්‍රතිඵල තමයි මේ, මුහුදේ කුණු වෙරළට ඇදී ඒම. ගල්කිස්සේ ස්වභාවික වෙරළ විනාශ කරලා මීටර් 500ක කෘත්‍රිම මුහුදු වෙරලක් එතන හදන්න මුහුදු වැලි ඝන මීටර් 150,000ක් රත්මලාන මුහුදෙන් ගත්ත කියල වෙරළ ආරක්ෂණ අධිකාරියම කියනව. මේකේ නම වෙනස් කරන්න ඕනේ වෙරළ විනාශකරන අධිකාරිය කියල. කරලා තියෙන එකම දේ වැලි ගොඩක් ගෙනල්ල දාපු එක. පරිසරය ගැන භූ විද්‍යාව ගැන දන්නා ඕනෑම කෙනෙක් දන්නවා කෘත්‍රිම මුහුද වෙරළ තාවකාලිකයි සහ නිරන්තරයෙන් නඩත්තු කල යුතුයි කියන එක. ඇඳිරි නීතිය සහ කොරනා නීතියට මුවා වෙලා ගජරාමෙට කොමිස් ගහන වැඩ ටිකක් කරල තියෙනව. අනිත්ව තමයි ගුවන් යාන අලුත්වැඩියා කරන්න කියල යුක්රේන ජාතිකයන් ගෙන්වා ගැනීම, සීෂෙල්ස් ලෙඩ්ඩු ගෙනාව තව මොකක්ද හොර වැඩකට. හෝමාගම ක්‍රිකට් පිටිය නම් හොඳ වෙලාවට නැවැත්තුව අගමැතිතුමා. පාර්ලිමේන්තුවක් ආවහම තමයි ඔක්කොම එලි කරගන්න පුළුවන් වෙන්නේ.

:       3       80

samarasekara - gampaha Saturday, 06 June 2020 08:42 AM

චම්පා නෝනේ ලොකුලුනු ලාභද...? දැන් සතුටුයිද...? මේ පාරත් මට චන්දය දෙන්න හොඳේ.. ඔයා වගේ තව ලක්ෂ 69ක ගෝත්‍රිකයින් මට ඇර කාටද චන්දය දෙන්නේ.. ඕන නම් ටකරම්, කුඩ, සිල් රෙදි, අරක්කු ඕනේ දෙයක් නොමිලේ... මගේ මැණික ඔයාගේ වටිනා චන්දය විතරක් නොවෙයි ... මම ඔයාව අමතක කරන්නේ නැහැ.. මම දිනුවම ඔයාව මගේ කාර් එකෙන් හම්බන්තොට පෙන්වන්න අරන් යන්නම්....

:       1       135

lalithm Friday, 05 June 2020 06:06 PM

පිස්සු කව්ද කියන්නේ කාබාසීනිය කරනවා කියල. එහෙම තමා ව්‍යාපෘති කියන්නේ. හරියන්නත් වරදින්නත් පුළුවන්. ඒත් ඉතින් මේ ලංකාවෙනෙ. වරදිනවම තමයි.

:       56       68

රොෂාන් Friday, 05 June 2020 09:54 PM

ගිය ආණ්ඩුව කාලේ මෙහෙම උනාම සමාජ මාධ්‍ය වල වැලලෙන්න ගිය අයට මේවා පේන්නේ නැති එකයි අවුල...

:       8       306

Champa Saturday, 06 June 2020 02:10 AM

මම දැක්ක වෙරළ ආරක්ෂණ අධිකාරිය කියනවා මේ කුණු කසල ගල්කිස්ස වෙරළට ආවේ මොරටුවෙන් මුහුදට කුණු කසල දාල කරපු කඩාකප්පල් ක්‍රියාවක් නිසාලු. මේක මේ මිලියන් ගානක් වියදම් කරලා කෘත්‍රිම වෙරළ හදල සති දෙක තුනකින් වෙරළේ වැලි මහා පරිමාණයෙන් මුහුදට ගලා යාමේ කතාව වහන්න කියන කතාවක් වගේ. නැත්නම් විශේෂ ආරක්ෂාවකුත් දීලා හදපු, ඊට පස්සේ දාපු වැලි ටික නැවත මහුදට ගහගෙන ගියාට පස්සේ ආරක්ෂක අංශ දාල මේ පළාතම වහගෙන හිටියටත් පස්සේ කවුද එහෙම කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න යන්නේ? අනිත් අතට රෑට ඇඳිරි නීතිය. දවල්ට එහෙම කළා නම් මිනිස්සුන්ට පේනවා. මුහුදයි වෙරළයි වැලියි ගැන නොදන්නකමද? නැත්නම් කරපු මුදල් නාස්තිය වහගන්න හදනවද?

:       0       358

mohomed Saturday, 06 June 2020 03:34 AM

වැලි පුරවපු උන්ටම ඇවිල්ල සුද්ද කරන්න කිව්වම හරි.... රට රකින විරුවා ගෝඨාභය....

:       4       458

Aris Saturday, 06 June 2020 12:23 PM

ගල්කිස්සේ...මුහුදු වෙරළේ ... ඉරිදට ගිහින් බලන්න. දැන් මොනවද බලන්න තියෙන්නේ.. කුනුයි වැලියි. සුන්දර මුහුදු වෙරළ විනාශ කරලා... විනෝද වෙන්න එන පෙම්වතුන් පෙම්වතියන්, පවුල් ළමයි ලපටි කවුරුවත් දැන් එහේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1941 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1537 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site