(ශාන්ත රත්නායක)
ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (05) ගල්කිස්ස පොලිසිය හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබුණි.
මුහුදු ඛාදනය වැලැක්වීම සඳහා යැයි පවසමින් විශාල මුදලක් වැයකර පසුගිය දිනවල මුහුදු තීරය වැලි වලින් ගොඩකළද එම වැලි මුහුදට ඛාදනය වීම හේතුවෙන් මේ වන විට කැලි කසල සහ ප්ලාස්ටික් බෝතල් වලින් ගල්කිස්ස වෙරළ තිරය පිරි ගොස් තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිටික මුහුදට ගියා, කුණුටික වෙරළට ආවා. දැන් මේ වගේ ජනතා මුදල් කාබාසිනියා කරපු අයට දඩුවම් නැද්ද? ලංකාදීප වගේ ඇත්ත ඇති සැටියෙන් දකිනා මාධ්‍ය මෙවැනි පුවත් පල කරන්නේ නැතිනම් අපි ඇත්ත දන්නෙත් නැහැ.
මම අහලා තියෙනවා ඉන්දියාව මුහුදට විසිකරන රසායනික අපද්‍රව්‍ය පවා ලංකාවේ වෙරළට එනවලු...
69 ට කියන්නකෝ ඇවිල්ලා... ඕක හොඳට සුද්ද කරලා යන්න කියලා...
ගල්කිස්ස මුහුදු වෙරළ කවදාවත් මේ තරම් අපවිත්‍ර වෙලා තිබිලා නැහැ. ලොකු කොමිස් කුට්ටියකට කාබාසිනියා කරපු මහජන මුදල් මිලියන් ගානක ප්‍රතිඵල තමයි මේ, මුහුදේ කුණු වෙරළට ඇදී ඒම. ගල්කිස්සේ ස්වභාවික වෙරළ විනාශ කරලා මීටර් 500ක කෘත්‍රිම මුහුදු වෙරලක් එතන හදන්න මුහුදු වැලි ඝන මීටර් 150,000ක් රත්මලාන මුහුදෙන් ගත්ත කියල වෙරළ ආරක්ෂණ අධිකාරියම කියනව. මේකේ නම වෙනස් කරන්න ඕනේ වෙරළ විනාශකරන අධිකාරිය කියල. කරලා තියෙන එකම දේ වැලි ගොඩක් ගෙනල්ල දාපු එක. පරිසරය ගැන භූ විද්‍යාව ගැන දන්නා ඕනෑම කෙනෙක් දන්නවා කෘත්‍රිම මුහුද වෙරළ තාවකාලිකයි සහ නිරන්තරයෙන් නඩත්තු කල යුතුයි කියන එක. ඇඳිරි නීතිය සහ කොරනා නීතියට මුවා වෙලා ගජරාමෙට කොමිස් ගහන වැඩ ටිකක් කරල තියෙනව. අනිත්ව තමයි ගුවන් යාන අලුත්වැඩියා කරන්න කියල යුක්රේන ජාතිකයන් ගෙන්වා ගැනීම, සීෂෙල්ස් ලෙඩ්ඩු ගෙනාව තව මොකක්ද හොර වැඩකට. හෝමාගම ක්‍රිකට් පිටිය නම් හොඳ වෙලාවට නැවැත්තුව අගමැතිතුමා. පාර්ලිමේන්තුවක් ආවහම තමයි ඔක්කොම එලි කරගන්න පුළුවන් වෙන්නේ.
පිස්සු කව්ද කියන්නේ කාබාසීනිය කරනවා කියල. එහෙම තමා ව්‍යාපෘති කියන්නේ. හරියන්නත් වරදින්නත් පුළුවන්. ඒත් ඉතින් මේ ලංකාවෙනෙ. වරදිනවම තමයි.
ගිය ආණ්ඩුව කාලේ මෙහෙම උනාම සමාජ මාධ්‍ය වල වැලලෙන්න ගිය අයට මේවා පේන්නේ නැති එකයි අවුල...
මම දැක්ක වෙරළ ආරක්ෂණ අධිකාරිය කියනවා මේ කුණු කසල ගල්කිස්ස වෙරළට ආවේ මොරටුවෙන් මුහුදට කුණු කසල දාල කරපු කඩාකප්පල් ක්‍රියාවක් නිසාලු. මේක මේ මිලියන් ගානක් වියදම් කරලා කෘත්‍රිම වෙරළ හදල සති දෙක තුනකින් වෙරළේ වැලි මහා පරිමාණයෙන් මුහුදට ගලා යාමේ කතාව වහන්න කියන කතාවක් වගේ. නැත්නම් විශේෂ ආරක්ෂාවකුත් දීලා හදපු, ඊට පස්සේ දාපු වැලි ටික නැවත මහුදට ගහගෙන ගියාට පස්සේ ආරක්ෂක අංශ දාල මේ පළාතම වහගෙන හිටියටත් පස්සේ කවුද එහෙම කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න යන්නේ? අනිත් අතට රෑට ඇඳිරි නීතිය. දවල්ට එහෙම කළා නම් මිනිස්සුන්ට පේනවා. මුහුදයි වෙරළයි වැලියි ගැන නොදන්නකමද? නැත්නම් කරපු මුදල් නාස්තිය වහගන්න හදනවද?
වැලි පුරවපු උන්ටම ඇවිල්ල සුද්ද කරන්න කිව්වම හරි.... රට රකින විරුවා ගෝඨාභය....
ගල්කිස්සේ...මුහුදු වෙරළේ ... ඉරිදට ගිහින් බලන්න. දැන් මොනවද බලන්න තියෙන්නේ.. කුනුයි වැලියි. සුන්දර මුහුදු වෙරළ විනාශ කරලා... විනෝද වෙන්න එන පෙම්වතුන් පෙම්වතියන්, පවුල් ළමයි ලපටි කවුරුවත් දැන් එහේ නැහැ.