IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ගාලු මුවදොර අරගල භූමිය යුද පිටියක් වෙයි

කළහකාරී පිරිස් විසුරුවීමට ගාලු මුවදොර පිටියට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව වාර්ථා වේ


ගාලු මුවදොර යුද පිටියක් වෙයි

( ඉන්දිකා රාමනායක, යොහාන් බාසුර, ජයමාල් චන්ද්‍රසිරි සහ ළහිරු හර්ෂණ ) 

අරලියගහ මන්දිරය අසළ විරෝධතා භූමියේ අට්ටාල ඉවත් කරමින් කළහකාරී ලෙස හැසිරුණ දෙදහකට ආසන්න පිරිසක් මේ වන විට ගාලු මුවදොර නිර්පාක්ෂික විරෝධතා භූමියට ඇතුළු වී එහි ඉදිකර ඇති අට්ටාල ඉවත් කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටිති.

මේ වනවිට එම භූමියේ තිබූ කූඩාරම්වලට ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි. මෙම ගැටුම්වලට මැදිව තුවාල ලැබූ පිරිසක් මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.


නීර්පාක්ෂික විරෝධතාව අවට ආරක්ෂාව තර කරයි

(යොහාන් භාසුර)

අගමැතිට සහාය දැක්වීමට ආ පිරිසක් මේවන විට ගාලුමුවදොර දෙසට ගමන් කරමින් සිටින අතර ආණ්ඩුවට එරෙහිව ජනතා අරගලයක යෙදී  සිටින පිරිස් මිනිස් වැටක් යොදා ඇතැයි වාර්තා වෙයි.

ගාලුමුවදොර වටරවුම අසල පොලිසිය මාර්ගය අවුරමින් මාර්ග බාධක යොදා ජලප්‍රහාරක රථද කැඳවා තිබේ. ආණ්ඩුවට පක්ෂ විරෝධතාකරුවන්ට සාමකාමී විරෝධයේ යෙදෙන පිරිස සිටින ප්‍රදේශයට ඇතුළුවීම වැලැක්වීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ශාන්ත රත්නායක)


(ඡායාරූප: යොහාන් බාසුර)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (18)

ගාලු මුවදොර අරගල භූමිය යුද පිටියක් වෙයි

sharm warn Monday, 09 May 2022 01:02 PM

පොලිස් නිලධාරියනි, සිහියෙන් කටයුතු කරන්න. මිනීමරු පාලකයන්වලපල්ලට යන දවසක් එනවා. එදාට ඔබට කාගේවත් පිහිටක් නොමැත. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඉදිරියට යන්න.

:       23       77

naleen Monday, 09 May 2022 01:11 PM

දැන් හරි... රජකාලේ විදිහට සටන විසඳාගන්න යන්නේ... මුහුණට මුහුණ සටන. දිනපු අයට රාජ්‍ය බලය..!

:       7       53

සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 May 2022 01:38 PM

අරලියගහ මන්දිරයේ මහින්ද, ජොනී ඇතුළු කණ්ඩායම එක්ව පැවැත් වූ රැස්වීමෙන් අනතුරුව පොහොට්ටුවේ මැර පිරිස් පොලුද රැගෙන සාමකාමී අරගලකරුවන්ට පහරදී අරගලකරුවන්ගේ දේපළ ගිනිබත් කළා. අනතුරුව පොලීසිය බලා සිටියදීම, පොලු මුගුරු රැගත් මැරයන්, ගෝඨා හෝ ගම සාමකාමී උද්ඝෝෂණයට පහරදී දේපළ ගිනිබත් කළා. පොලිසිය ඔවුන්ට ඇතුළුවීමට ඉඩහැර දේපල විනාශ කිරීම් හා පහරදීම් කිරීමට ඉඩහැර ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ගැහුවා. හදිසි නීතිය තිබියදීත්, පොහොට්ටු හිතවාදීන්ගේ අත්වල තිබූ පොලු ආදිය ඉවත් කරන්න පොලිසියට නොහැකි වුණා. මනා සැලැස්මක් ඇතිව පහරදීම මෙහෙය වූ බව පැහැදිලි වුණා. සුදු ඇඳගත් පිරිසක් දුරකථන අතැතිව පහරදීම් මෙහෙයවනු පෙනුණා.

:       17       80

anaMonday, 09 May 2022 02:50 PM

මේක කුමන්ත්‍රණයක්....!

:       3       19

sharm WarnMonday, 09 May 2022 04:09 PM

කුමන්ත්‍රණය කළේ අරලිය ගහ මන්දිරය ඇතුලේ..

:       1       7

Nihal Monday, 09 May 2022 01:45 PM

මාසයක සිට 80% ක් ඔතැන ඉන්නේ මල්ලිලා..

:       8       22

sharm warn Monday, 09 May 2022 01:57 PM

අමන වහල්ලු... ඔවුන් කළේ ලෙවකාලා පෙන්නපු එක... මේක මෙහෙයවපු නින්දිත දේශපාලු ජඩයන්ට වෙන්නේ මොනවද කියලා අපි බලන් ඉන්නේ..?

:       17       32

siri Monday, 09 May 2022 01:58 PM

ඔය ගොල්ලන් කරන්න දන්නේ ඔච්චරයි. වැස්සකටවත් පාසලකට ගොඩවෙලා නැති නූගත් හයිරන් කාරයින් එකතුවෙලා කරන මේ වගේ දෙකයි පනහේ වැඩවලින් රට අද වැටී ඇති තත්වය හොඳ හැටි තේරුම් ගන්න පුළුවන්... බලමු දැන් පොලීසියත් හමුදාවත් මේ මැරයින් කීදෙනෙක් අත් අඩංගුවට ගනීද කියලා...? මේවා සංවිධානය කළ කාටවත් ආපහු ගමට නම් එන්න දෙන්න එපා...

:       13       33

pakeer Monday, 09 May 2022 02:01 PM

ඔන්න ඔහොමයි ප්‍රශ්න විසඳන්නේ...!

:       2       23

Soma dubayi Monday, 09 May 2022 02:01 PM

නියමයි, කලින්ම ගහලා පැන්නුවා නම් මෙලහකට ප්‍රශ්නේ ඉවරයි...

:       48       27

Bandula Monday, 09 May 2022 02:26 PM

ප්‍රශ්නේ ඉවර නෙමෙයි. ප්‍රශ්නය දැන් තමයි පටන් ගන්නේ. මයිනන්ව ගෙදර යවලාම තමයි මේක ඉවරයක් වෙන්නේ...

:       9       29

Dharmatileke Monday, 09 May 2022 02:02 PM

සාමකාමී අරගලය ලේ බිමක් කෙරුමා මහින්දගේ මැරයෝ...

:       17       41

Tharanga Monday, 09 May 2022 02:06 PM

අතිශය නින්දිත ක්‍රියාවක්. පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. සාමකාමීව යෙදුණු අයටත් නීතිය අතටගෙන මෙහෙම කරන්න තිබුණා.. නමුත් එය එසේ නොවන්නට එයාලා නිතර වගබලා ගත්තා. වගකිව යුතු අයගේ වගකීම් නිසිලෙස ඉටුවී නැතිබවක් පැහැදිලිවම පේනවා.

:       11       32

වර්ණකුලසූරිය Monday, 09 May 2022 02:41 PM

අද දින අරලියගහ මන්දිරයට පැමිණි පොදූජන පෙරමුණේ හිටපු ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, දුටුතැන ජනතාව පහරදිය යුතුව ඇත. පොලිසියේ සහාය මත මැර කල්ලි මෙහෙයවීම ඇත්තටම නිවට, නින්දිත රජයක ක්‍රියාවලියක් අපි දුටුවෙමු. පොලීසිය පාලකයින්ගේ අණසක ඉදිරියේ නිවටයින්සේ කටයුතු කිරිමක් දුටු අතර ඒ ගැන කණගාටු වෙමු. සනත් නිශාන්ත වැනි නූගතුන් ඉක්මණින්ම පන්නා දැමීමට ජනතාව පෙළ ගැසිය යුතුයි.

:       3       17

sharm warnMonday, 09 May 2022 04:11 PM

ඔව් හරියටම හරි... අරක්කු ජොනියගේ බේබද්දෝ අද එතැන ඉඳන් උදම්වෙලා තමයි මේ හත් පොළේ ගෑවේ... අන්න එක එකා පෝලිමේ ඉල්ලා අස්වෙනවා.

:       0       6

අතුල සෞදි Monday, 09 May 2022 03:16 PM

කට්ටක් ඇනුණොත් කට්ටකින්ම තමයි අයින් කරන්න වෙන්නේ...

:       2       13

sharm warnMonday, 09 May 2022 04:10 PM

ඔව්, ඉල්ලා අස්වීම දුන්නා. එකපාරක් පැරදිලා ගිහින් ජනේලේ එල්ලුණා. මේ පාර ජනේලේ එල්ලෙන්නවත් හයියක් නැහැනේ...

:       0       6

MISHAL-MATARA Monday, 09 May 2022 04:47 PM

එදා අලුත්ගමෙන් පටන් ගත්තා. අද මහින්ද අරලියගහ මන්දිරෙන් පටන් ගත්තා.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1338 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1566 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 407 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site