IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ දැයෙන් සමුගනිති

 



රඹෑව - මනුල වික්‍රම
ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ අපවත්වීම තමන්ට මකාගත නොහැකි පාඩුවක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද( 24) පස්වරුවේ උන් වහන්සේ ගේ අදාහන පූජෝත්සවයට එක්වෙමින් ප්‍රකාශ  කළේ ය.

අපවත්වී වදාළ අනුරාධපුර සාරනන්ද පිරිවෙන් විහාරාධිපති හා රාමඤ්ඤ  මහ නිකායේ අනුනායක, ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ආදාහනෝත්සවය අද පස්වරුවේ අනුරධපුර හරිශ්චන්ද්‍ර උද්‍යානයේ දී පැවැත්විණ. රාජ්‍ය අනුග්‍රහය සහිතව සංවිධානය කර තිබූ ආදාහන පූජෝත්සවයට මහනායක හිමිවරු ද
අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් ද එක් වූහ.

ගිහියන් අතර මුලින් ම  පිරිස ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා තමාටද උපදෙස් දුන් ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් මින් මතු නොලැබෙන බව ඉතා හැඟීම්බරව ප්‍රකාශ කළේ ය.

‘‘ උන් වහන්සේ අප වෙනුවෙන් කළ සේවය මා අමතක කරන්නේ නෑ. ආනන්ද නාහිමියන්ට මහා කළමනාකරණ දැනුමක් තිබුණා. විශිෂ්ඨ නායකත්ව ශක්තියක් තිබුණා.රාමඤ්ඤ නිකායටත් සමස්ත බුදු සුසුනටත් විශාල සේවයක් කළා.මේ අවස්ථාවේ අපි හැමෝටම ශෝකය දැනෙන්නේ ඒ නිසා“

“දේශපාලනයේ දි ද උන්වහන්සේ  අපට නායකත්වය දුන්නා. ඩඩ්ලි, ජේ ආර්, ප්‍රේමදාස වගේ නායකයින් සමගත් කටයුතු කළා. මා මුල්වරට
ආනන්ද හිමියන් හඳුනාගත්තේ මා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කරද්දී සිරිසේන කුරේ මහතා සමග“

“උන් වහන්සේ අපට උපදෙස් දුන්නා. උපකාර කළා. ඒ වගේම මාව විවේචනය කළා. ඒ මාව නිවැරදි මගට ගන්න. ඒ සඳහා උන්වහන්සේට ශක්තිය තිබ්බා“

“අපේ භික්ෂු පෙරමුණ හා බොහෝ කටයුතු කළා. නායකත්වය දුන්නා. කාටවත් නැමුණේ නෑ. තනිවම හෝ කිවයුතු දේ කීවා. යහපාලන වැඩපිළිවෙල පටන්ගද්දී  දේශපාලන නොවන නායකත්වයක් සම්බන්ධයෙන් මහා අභියෝගයක් තිබුණා.
ඒ අභියෝගය ජයගන්න උන්වහන්සේ ඉදිරිපත්වුණා. උන්වහන්සේගේ විශේෂත්වය තමා අඩියක් හෝ පස්සට නොතියා ඉදිරියට යාම. උන් වහන්සේ මට බොහෝ උපදෙස් දුන්නා“

“සමහර විට කොළඹට එන්න හදනවා මා හමුවීමට. උන් වහන්සේගේ වියෝවෙන් මට වුණේ පාඩුවක්. මට මින් පසු ඒ උපදේශයන් ලැබෙන්නේ නෑ.දුරකථනයෙන් අමතලා මේ ප්‍රදේශයේ අවශ්‍යතා ගැන, කෙනෙකුගේ රැකියා ප්‍රශ්නයක් ගැන කිවූ ඒ කටහඬ ආයේ මට අහන්න ලැබෙන්නේ නෑ. ඒක මට මකාගන්න බැරි පාඩුවක් ‘‘ යැයිද අගමැතිවරයා පැවැසුවේ ය.

 
රාමඤ්ඤ මහනිකායේ මහනායක නාපාන ප්‍රේමසිරි නාහිමියන් ප්‍රධාන ත්‍රෛනිකායික මහ සඟ රුවනද කථානායක කරු ජයසූරිය මහතා ඇතුලු මැති ඇමති වරුද එම අවස්ථාවට එක්වූහ.

 

ඥාතීන් අවසන් කටයුතු  ඉටු කිරීමට එක්ව...

 

ආනන්ද නාහිමියන්ගේ ඥාතිපිරිස පැන්වැඩීම

 

හරිශ්චන්ද්‍ර උද්‍යානය සකසා තිබූ අයුරු...

 

සහභාගී වූ මහසඟරුවන පිරිසක්

 

අගමැති හා මැතිඇමතිවරුන්

 

අගමැතිවරයා අවමංගල සභාව ඇමතීම

 

(ඡායාරූප - මනුල වික්‍රම)



අදහස් (2)

ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ දැයෙන් සමුගනිති

විමල් සිරිසේන Saturday, 24 February 2018 02:10 PM

උන්වහන්සේට නිවන්සුව වේවා!

:       0       2

lalithsjm Monday, 26 February 2018 03:18 AM

උන්වහන්සේට අජරාමර නිවන්සුව අත්වේවා !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site