(අංජුල මහික වීරරත්න)
යහපාලන ජාතික රජයේ ‘2025 පෙහොසත් රටක්‘ සැලැස්මට අනුව ක්‍රියාත්මක ‘ගම්පෙරළිය‘ ජාතික වැඩසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටවෙහෙර කණුකැටිය මුඩුත්තව වැව් තාවුල්ලේදී අද (15) පැවැත්විණි.
ගම්පෙරළිය වැඩසටහන අරඹමින් මුඩුත්තව වැව පිළිසකර කිරීම ඇරැඹූණේ අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙනි.
ගම්පෙරළිය වැඩසටහන යටතේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන ,ගමේ සමාජ, සංස්කෘතිය ජීවිතය ගොඩනැඟීම සිදු කරයි.
මුදල් අමාත්‍යංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් සඳහාම රුපියල් මිලියන 200 ක් ලබා දීමට නියමිතය.
ගම්පෙරළිය වැඩසටහන සමඟ ක්‍රියාත්මක කරන එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ඇරැඹීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිකවරටියේදී අද (15) ආරම්භ කෙරිණි.
ගමේ තරුණ ව්‍යවසායකත්වයින්ට අත දී ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට අත දීම මෙම වැඩසටහනෙහි අරමුණයි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මහ එවුන්ගේ සාක්කු පිරෙයි.
මේවා 'පද පෙරලි' විතරක් නොවේවා !
මහා බැංකුව ප්‍රසිද්ධියේම මංකොල්ලකෑවා.දැන් ගම පෙරළලා ගම කන්න වගේ ලෑස්තිය.
ගම්පෙරළිය කෙසේ වෙතත් අම්බරුවන්ගේ නම් ගම් හරියට ලියලා තියනවද බලන්නකෝ? ඒ බෝඩ් ලෑලිවල .. මොකද ඒවා හරියටම තියෙන්න ඕනෑ ...
දැන් දින සීයට මොකද උනේ? මහජනතාවට බොරු කියලා රැවැට්ටුවාට හැමදාම ඒක එහෙම වෙයි කියලා සිතීම මෝඩ කමක්!
මොකටද මේ සෝබන වැඩ? යමක් ආරම්භ කරනවා නම් ඒ වැඩේ කරන අයට අවශ්‍ය පහසුකම් ලබාදී වැඩේ කරගෙන යන්න උපදෙස් දෙනවා මිස මේ අනවශ්‍ය වියදම් කරමින් සෝබන වැඩ කරන එකේ තේරුම දේශපාලන ප්‍රචාර පමණක් නේද? අර කුලියාපිටියේ හදනවා කියමින් අඬබෙර ගැසූ ෆොර්ක්ස්වැගන් මෝටර් රථ කම්හල වගේ මාධ්‍ය වල පින්තුර පලකරවාගෙන මෙන්න අපේ වැඩ කියා කයිවාරු ගසනවා වෙනුවට වැඩකටයුතු අවසන් කලහම එසම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම නේද වැදගත්? වැඩ වෙනුවට ආණ්ඩුවේ වියදමින් රටපුරා තමන්ගේ ශෝබන රුපය ඇතුළත් දැවැන්ත පුවරු ප්‍රදර්ශනය කල උදවියට මොකද උනේ කියල අපට මතකයි.
අපේ රට පිටරැටියන්ට විකුණලා මහා විනාශකාරී පෙරලියක් කරන්න තමයි මේ අය සැරසෙන්නේ. ගම පෙරලිය කෙසේ වෙතත් මේ හොර ආණ්ඩුව පෙරලෙන එකනම් සිකුරුයි.
දැන් මේ වගේ රට වැඩක් වෙන වැඩ සටහන් ක්‍රියාත්මක වෙන කොට, පට්ට හොරුන්ගේ නොවී රටේ ජනතාවගේ සාක්කු වලට සල්ලි එන ක්‍රම හැදෙන කොට , පරණ ඒකාධිපතියන්ට කඩේ ගිහින් හොරකමෙන් හම්බ කරගත්තු පිරිසට හරියට අමාරු වෙනවා. රට දියුණු කිරීමේ කිසිම සැලැස්මක් හෝ ලෝකයේ කිසිම රටක සහයෝගයක් නැති අඳ බාල වසලයින් පිරිසකට බලය දෙන්න ආයෙත් ජනතාව මෝඩ වේ යයි හිතන්න එපා මිත්‍රයා.
අපේම කරුමෙට, රටේ කරුමෙට තමයි මෙවැන්නවුන් අතට බලය ගියේ... මගේ රට මේ කාලකන්නින්ගෙන් බේරාගන්න සියළු දෙවිදේවතානුවන් වහන්සේලාගේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබේවා! ලැබේවා! ලැබේවා!
අර වෝක්ස්වැගන්, ටයර් පැක්ටරි වගේ බෝඩ් ලෑල්ලක්.
මගේ දෙයියනේ දැන් එක 2025 වෙලාද? දැන් අවුරුද්දකට දෙකකට කලින් ඕක තිබ්බේ 2020 කියල මට හොඳටම සහතිකය. ඕක 2030 දක්වා දික්කරන අපි කී දෙනෙක් ජීවත් වෙලා ඉඳීද කියල තමා මට සැක.
වැඩේ වෙලා ඕපන් කරානම් හරි, බෝර්ඩ් එකක් දාන්න එන්නට අවශ්‍ය නැත.
මහබැංකුව පෙරලලා ඉවරයි දැන් ගම් පෙරලනවා. ගමත් කාල තමයි යන්න හදන්නේ.
මේකේ අදහස් දාල තියෙන අය ආත්මාර්ථකාමී කුහකයන් බව කිව යුතුයි. වැඩක් කලත් බනිනවා නොකලත් බනිනවා.
ගම්වලට දෙවියන්ගේ පිහිට තමා. ඔය පෙරළියේ අවසානයේ විකුණා දැමීමට තීරණය වේ.?
මෙයා රට පෙරළ පෙරළ රටම කන්නෙ අද එකා ඉදල නෙමෙයි. මෙයාලමයි රටම කුණු ගොඩක් කරලා තියෙන්නෙ. මෙහෙම මිනිහෙක්.........
රෑට රෑට 2020 හීනෙන්ව පේනවා, එක හින්ද උදේට නැගිටලා මොකක් හරි පෙරලන්න බලනවා අපේ රටේ 2015 වගේ තව අම්බරුවෝ ඉතුරු වෙලා ඉන්නවද බලන්න.
බැංකු පෙරලපු එකට ගම පෙරලන එකත් මහ කජ්ජක්ද? ගමත් ඉවරයි.... රටත් ඉවරයි....
මෙතුමා තරම් නානාප්‍රකාර සංවර්ධන වැඩ කරුපු කෙනක් නැති තරම්. එත් සත පහක සංවර්ධනයක් මම නම් දැකල නැහැ
කලියුගයේ සහ යුගාන්තය තමයි අන්තිමට.