( නිශාන්ත කුමාර )
ලොග්ගල්ලා ඔයේ කැන්දලන්ද මංකඩ හරහා එගොඩ මෙගොඩවීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොඩයාගම කැන්දලන්ද ,කොමාරීක, කණූගොල්ල, මැදලන්ද, ඇතුලු ගම්මාන රැසක පවුල් දහසක් පමණ විවිධ ප්‍රවාහන දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.
මෙම ස්ථානයෙන් එගොඩ මෙගොඩ වීම සදහා ඉදිකර තිබූ අත්වැල් පාලම ලොග්ගල්ලා ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන යාම මෙම ගැටලුවට හේතුවී ඇතැයිද ජනතාව පවසති.
පාලම කැඩී බිදී ගොස් වසර දහයකටත් වැඩි කලක් ගතව ඇතත් එය ඉදි කරදීමට කිසිවෙකුත් කටයුතු නොකිරීම නිසා තමුන්ට කරවටක් දියේ ගිලෙමින් ඔය හරහා එහා මෙහා යාමට සිදුව ඇතැයිද ඔවුහු කියති.
පසුගිය කාලයේදී මෙලෙස ඔය හරහා අනාරක්ෂිත ලෙස එගොඩ මෙගොඩ වූ කීපදෙනෙකුම මෙහි ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයිද සඳහන් කරති.
මෙම ගම්මානවල ජනතාවට ලොග්ගල්ලා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට වෙනත් විකල්ප මාර්ගයක්ද නොමැති අතර ගොවිතැන් කටයුතු ඇතුලු දෛනික කටයුතු සදහා අනිවාර්යයෙන්ම ඔවුන්ට මෙම අනාරක්ෂිත තොටුපොළ උදේ සවස තරණය කරන්නට සිදුව ඇත.
ඔවුන් අනාරක්ෂාකාරී ලෙස පාලමක් නොමැති ගගෙන් එගොඩ මෙගොඩවන අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ අදහස් වැඩිදෙනෙකු අනුමත නොකරනු ඇත. එහෙත් එය ප්‍රකාශ කිරීම වැදගත් යයි සිතෙන බැවින් මෙසේ කීමට කැමැත්තෙමු ඇත්තෙන්ම හරිම සුන්දර පරිසරයක් දේශපාලුවන් විසින් "තදියමේ" (තරගය ළඟ ළඟ එන නිසා) මෙම සුන්දර පරිසරය විනාශ කර පාලමක් සෑදීමට කටයුතු කරනු ඇත. එමගින් විනාශ වෙන පරිසරය අපට නැවතත් කිසිලෙස ලබා ගැනීමට හැකිවේද යන්න හිතා බැලීම වැදගත් නොවන්නේද?
පාලන මොකටද මේ මිනිස්සුනට..? හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සහ සංවර්ධන කමිටුවල සභාපතිධුර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් ලබාදීමට ඉක්මනටම හොයලා බලන්න ඕනනේ.. මේ මිනිස්සු වගේ නෙමෙයිනේ.. අපි ඒ මැති උතුමන්ට ඡන්දෙ දීලා බලන් ඉඳිමු.
කව්රුවත් මාත් එක්ක අමනාප වෙන්නෙපා. මේ වගේ සුන්දර ස්ථාන වලට පාලම්, බෝක්කු ආවට පස්සේ අපේ රටේ සුන්දරත්වය කෘතීම වෙනවා නේද? මට වැටහෙනවා මේ ගමේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ... නමුත්, එහෙමයි කියලා මේ රටේ ඉතිරිවෙලා තියෙන සුන්දර ස්ථාන කිහිපයත් විනාශ වෙනවට කැමති නැහැ. ඒ නිසා මේ ස්ථානය මේ විදිහටම තියෙන්න ඇරලා ලඟම තියෙන පාලමට මේ ගමේ මිනිස්සුන්ට යන්න පුළුවන් විදිහට මාර්ගය හදලා දුන්නා නම් හරි නේද?
කරුණාකරලා ගම් දෙක අතර දුර (ගඟ හරහා) කොච්චරද කියලා දැනගන්න පුලුවන්ද? අපි අපිට පුළුවන් විදිහට ගමට වැඩක් කරමු. කාටවත් ඇඟිල්ල දික් නොකර... අපේ දැනුමෙන් අපි එකතු වී මාර්ගයක් තනා දෙමු.
අාරංචියේ හැටියට, නෙළුම් කුළුණ උඩට නැග්ගම ඔය ගම පේනවා කියන්නේ. ඉතින් තවත් මොන පාලම්ද?
බයවෙන්න එපා ළඟදීම අලුත් ආණ්ඩුවක් ආවම මිලියන් එක්දහස් ගාණක් වියදම් කරලා රට වටේම යන්න ඉලිප්සාකාර මාර්ගයක් හදනවලු. එතකොට කරදරයක් නැතුව වටෙන් යන්න පුළුවනි.
මේ මැතිවරණයේදී හරි මේ පළාතේ මිනුස්සු බුද්ධිමත්ව කතිරය ගහන්න ඕනේ. මම හිතන්න විදියට මේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත්. එහමනං කෝ හරින්, ඩිලාන්, නිමල් සිරිපාලලා? ඔවුන්ගේ කට විතරයි.
ඔය යන්නේ මේ වගේ සීතල වතුරක බැහැලා යන්න පින් කරන්න ඕන වතුර වැඩි වුණොත් ඩියුටි ෆ්‍රී වාහන බලපත් දෙන්න බලමු. කොටුවට නම් එන්න එපා වතුර නාන්න වෙනවනේ..
ඉන්න හිතෙන රටක් අම්මපා.. බලන්නකෝ වතුර ටික විතරක්... ආසාවේ බැහැ... අර පාලමේ මුල් ගලක් තියපු පුවරුවක් එහෙම නැද්ද රෙදි අපුල්ලන්න ගන්නවත්? තේරෙන්නේ නැතිකමට ඇහුවේ...
අපි හරි සන්තෝෂයෙන් මේ ගමන යන්නේ.. පාලම් ගහලා මෙතන තියෙන සුන්දරත්වය නැති කරන්න එපා..
අර කුලුන හැදුවා. මේ කුලුන හැදුවා. ආසියාවේ ආශ්චර්ය.