
(ඩයනා උදයංගනී)
ගෑස් හිඟයක් හා ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් වාර්තාවීම හේතුවෙන් ජනතාව භූමිතෙල් ලිප් භාවිතයට වැඩි වශයෙන් යොමුවූ අතර, මේ වන විට යළිත් ඔවුන් ගැටලුවකට මුහුණ පා සිටින්නේ භූමිතෙල් හිඟයක් ද මතුව ඇති බැවිනි.
ඒ හේතුවෙන් ගෑස් මෙන්ම භූමිතෙල් ලබාගැනීමට ද පෝලිම් නිර්මාණය වී ඇති අතර භූමිතෙල් ලිපද අතහැර දර හා දරලිප්, මැටි වලං කෙරෙහි යොමුවීමට දැන් ජනතාවට සිදුව තිබේ.
ගමේ ගොඩේ සාමාන්‍ය වෙළෙඳහල්වල අලෙවි කළ වළං සහ දර මිටිවලින් දැන් දැන් අගනුවර සුපිරිවෙළෙඳහල් රාක්ක පිරි ඇත.
කොළඹ නගරයේ එවැනි සුපිරි වෙළෙඳහල් රැසක රාක්කවල දරමිටි සහ වළං විකිණිමට තබා ඇත.
(ඡායාරූප ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නේ අලුත් අවුරුද්දට කිරි ඉතිරවීම සඳහා අවශ්‍ය මුට්ටි සහ දර. මේවා කවදත් තිබුනා. ගෑස් භූමිතෙල් හිඟ බව ඇත්ත උනත් මේක වැරදි අර්ථ කථනයක්
සෞභාග්‍යයේ දැක්මේ කොටසක්
ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ප්‍රකාශ කළ හැකියි. ඔබතුමා ගැන අපිට ආඩම්බරයි ජනාධිපතිතුමනි.
සෞභාග්‍යයේ දැක්ම.සුපිරියට
බලාපොරොත්තු නොවූ ආකාරයේ සුපිරි වෙනසක් ලබා දුන්නට නන්දසේන සර්ට බොහොම ස්තූතියි...
ලෝකෙට ණයවෙලා, තමන්ගේ රටේ පාරම්පරික, සංස්කෘතික දේවල්වලට පයින් ගහලා බටහිර තියෙන අධිපරිභෝජනවාදී දේවල් ඔලුව උඩින් අල්ලා ගත්ත ලංකාවේ බහුතරයක් දෙනාට මේ ඉරණම වෙනබව දැනට අවුරුදු 20ට කලින් ප්‍රොෆෙසර් නලින්ද සිල්වා හෝ වෙන මහාචාර්ය කෙනෙක් කිව්වා මතකයි.. ගම සංවර්ධනය කරනවා කියලා ගම්වල තියන දේ විනාශ කරලා නගරේ තියන සින්තටික් බඩු මුට්ටු ගමට විකුණලා බහු ජාතික සමාගම් පාලකයින් එක්ක ගම විනාශ කළා... සමහර ආහාර හොඳ නෑ කියලා සමහර දොස්තරලා දම්මලා ප්‍රචාරය කළා.. මේක දැන් අවුරුදු 30ක් 40ක්ම කළා.. ගමේ එළකිරි බිව්ව මිනිහාට පිටිකිරි පුරුදු කළා.. බත්කාපු මිනිහට පාන් කැව්වා.. කැඳ බිව් මිනිහාට අපහාස කළා... අන්තිමට පාලකයෝ, සමාගම් කවුරුවත් ආවද? කිරිපිටි නැති මිනිහාට බඩගින්නට යමක් දෙන්න... ලිප වෙනුවට ගෑස් ගත්ත මිනිහාට කලේ මොකක්ද? දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනෑ ටීවිවල ඇඩ්වලට, පාලකයින්ගේ සහ බහුජාතික සමාගම්වල කතාවලට නොරැවටී ඉස්සරහට කටයුතු කරන්න.
ගමේ ගොඩේ කරත්තෙත් ළඟදීම එළි බසීවි...
ඉතාමත් ප්‍රියමනාප ප්‍රවෘත්තියක් රටට අවශ්‍ය වන්නේ දේශීය නිෂ්පාදකයින්ට ප්‍රමුඛත්වය... දැන්වත් පිටරටින් ගෙනෙන දේ කෙරෙහි අවධානයෙන් ඉවත්වෙමු...