
(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවට එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම යොමු කළ ආපදා කළමනාකාර නිලධාරිහු තිදෙනෙක් අද ගොඩවූහ.
මේ අතර සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව වටා නිරීක්‍ෂණ චාරිකාව නිරත වූ බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පවසයි.
නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බවත් නැවට ගොඩවූ නිලධාරීන්ගෙන් නෞකාව පිළිබඳව වාර්තාවක් ලැබීමට නියමිත බවත් සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරියා සඳහන් කරයි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන හැමදේම ගිනිගෙන ඉවර වුණාම ගින්න පාලනය වෙනවා තමයි.
ලංකාවේ එකෙක් ඒ නැවට නැග්ගා කියන්නේ, ආයේ ගිනි ගත්තු නැවෙන් වත් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තරමටම කම්බා හොරු. නැව් විතරක් නෙමේ, මේ මහපොළොව ගිනි තියලා හරි සල්ලි හම්බ කරන ජාතියක් තමයි මොවුන්? කවදා හෝ දිනයක මේ මහපොළව විනාශ වූ දිනෙක බහිරවයින් වෙලා උපදින්නේ මේ රටේ සිංහලයින්ම තමයි.
මේ පරිසර හානියට, රස්සා නැතිවීමට, අපිට මාළු කන්න බැරිවීමට, කොරල් විනාශයට මොනවද කරන්නේ? නැවකරපු විනාශයට ගත්ත වන්දිය ගැන ලියකියවිලි කෝ? කොමිස් කාක්කන්, පගා මරුවන් මේ රට කාලා හපකරලා දානවා.
මුල් අවස්ථාවේ නැවට ගොඩ වෙලා පරීක්ෂා නොකලේ ඇයි? නැවේ කපිතාන් කියන දේ ඇත්තද බොරුද බලන්න නැවට ගොඩ වෙලා නොබැලුවේ ඇයි? නැවේ කපිතාන් කියන දේ මත යැපිලා නැව ගිනි ගන්න ඇරියේ ඇයි? නාවික හමුදාවක් ඉන්නේ ඒකට නොවේද? නැව ගිනි ගන්න කලින් නැවට ගොඩවෙලා අනතුර හඳුනා නොගෙන නැව ගිනිබත් වූවාට පසුව ගොඩවීමෙන් මෙහි කූට ගනුදෙනුවක් තියෙන බව පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ලොකු පගාවක් අරන් නැව ලංකා මුහුදු තීරයට ගෙන්නගෙන ගිනි ඇරියා වගේ දෙයක්.