
(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේදී මුහුදු වැටුණු බහලුම්වල තිබූ ප්ලාස්ටික් කිලෝ 584,000 ක් (මෙටි්‍රක්ටොන් 584) උස්වැටකෙයියාවේ සිට සරක්කුකන්ද දක්වා වෙරළ තීරයෙන් එකතු කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
උස්වැටකෙයියාව සිට පමුණුගම සරක්කුකන්ද කැපුම්ගොඩ දක්වා කිලෝමීටර නවයක පමණ දුරකින් යුත් වෙරළ තීරය නාවික හමුදා නිලධාරීහූ පිරිසිදු කරති.
නාවික හමුදාව පසුගිය 26 වැනිදා සිට අද (02) දක්වා දින හතක් තුළ මෙම ප්ලාස්ටික් තොගය එකතු කර තිබේ. නාවික හමුදාවේ බටහිර විධානයේ සෙබළුන් 470 ක් සහ නිලධාරීහූ 15 ක් දිනපතා මෙම වෙරළ කොටස පිරිසිදු කිරීමේ කටයුතුවලට එක්ව සිටින අතර ඔවුහූ පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පිරිසිදු කිරීමේ නිරත වෙති.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව එම වෙරළ තීර පිරිසිදු කිරීමට කටයුතු කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මීගමුව වෙරළ තීරයේ පිරිසිදු කිරීම කඩිනම් කර තිබේ.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd