
(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේදී මුහුදු වැටුණු බහලුම්වල තිබූ ප්ලාස්ටික් කිලෝ 584,000 ක් (මෙටි්‍රක්ටොන් 584) උස්වැටකෙයියාවේ සිට සරක්කුකන්ද දක්වා වෙරළ තීරයෙන් එකතු කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
උස්වැටකෙයියාව සිට පමුණුගම සරක්කුකන්ද කැපුම්ගොඩ දක්වා කිලෝමීටර නවයක පමණ දුරකින් යුත් වෙරළ තීරය නාවික හමුදා නිලධාරීහූ පිරිසිදු කරති.
නාවික හමුදාව පසුගිය 26 වැනිදා සිට අද (02) දක්වා දින හතක් තුළ මෙම ප්ලාස්ටික් තොගය එකතු කර තිබේ. නාවික හමුදාවේ බටහිර විධානයේ සෙබළුන් 470 ක් සහ නිලධාරීහූ 15 ක් දිනපතා මෙම වෙරළ කොටස පිරිසිදු කිරීමේ කටයුතුවලට එක්ව සිටින අතර ඔවුහූ පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පිරිසිදු කිරීමේ නිරත වෙති.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව එම වෙරළ තීර පිරිසිදු කිරීමට කටයුතු කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මීගමුව වෙරළ තීරයේ පිරිසිදු කිරීම කඩිනම් කර තිබේ.















2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනිගත් නෞකාවෙන් ප්ලාස්ටික් ටෝන් 584ක් අහුලයි