IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගෝඨාභය නාරාහේන්පිට අභයාරාමයට ගොස් ආශිර්වාද ලබාගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට අද (7) නාමයෝජනා බාරදීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා බෝධීන් වහන්සේ පැන්වලින් නහවා සිවුරක් ද පූජා කළේය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ රාජපක්‍ෂ මහතාට බුදු පිළිමයක් ද පිරිනැමූහ.

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් එම අවස්ථාවට වැඩම කර සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්‍ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන,ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

055

 

 



අදහස් (16)

ගෝඨාභය නාරාහේන්පිට අභයාරාමයට ගොස් ආශිර්වාද ලබාගනී

sirimal Monday, 07 October 2019 05:47 PM

නර්ස් නෝනලාගේ ඡන්ද කීයක් ලැබෙයිද දන්නේ නැහැ? අනිත් අයනම් පටන් ගන්නේ කැලණිය, දළඳා මාලිගාව නැත්නම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වගේ සිද්ධස්ථාන වැඳ පුදාගනිමින් මහනායක ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා සහ ආශිර්වාද ලබාගනිමිනුයි. සමහරවිට මේගොල්ලන්ට අභයාරාමය ඊට වඩා වටිනවා ඇති.

:       81       220

donhettiarachchigeTuesday, 08 October 2019 08:35 AM

සමහර සිංහලයින් කියන්නේ කිසිම චාරයක් නැති, ඉක්මනට මුල අමතකවෙන ජාතියක්. මොකද අවුරුදු 30ක් යුද්ධ කරලා බේරාගත් රට නිකන්ම උතුරු නැගෙනහිර අයට පාලන බලය දීලා ඡන්ද ගන්න වෙලා. ජවිපේ කියන්නේ ජාතිය විනාශ කරපු කට්ටියක්. ඒ අය සිංහල මිනිසුන්ව භීෂණ සමයකට ගෙන ගියා. තරුණ ළමයි 50.000 කට ආසන්න ගාණක් නැතිකරා.එක්සත් ජාතික පක්ෂයේ අය බටලන්ද වදකාගාරයේ සිංහල කොල්ලන්ව ගෝනිවල දාලා පොළවේ ගහලා මැරුවා.කොටි එක්ක ගිවිසුම් අත්සන් කරලා අපේ හමුදාවේ සහ පොලීසියේ නිළධාරීන් 10.000 ක් විතර මරන්න සැලස්සුවා.බලයට ආව ගමන්ම කළේ නීති විරෝධී විදියට මහ බැංකුව මංකොල්ලය කාපු එක.

:       330       190

WIMUKTHITuesday, 08 October 2019 10:19 AM

ඔය කියන ඔක්කම කරලා .. කරුණ අම්මාන් ව උප සබාපති කල ... :)

:       0       0

Chathuri Monday, 07 October 2019 08:38 PM

මා ප්‍රර්ථනා ඉටුවේදෝ ,,,, මේ ආත්මයේ ඉටුවේදෝ ,, කල පව් පස්සෙන් ඒ දෝ .,,.

:       106       141

චිත්‍රානන්ද Monday, 07 October 2019 11:40 PM

එදා වෙච්ච දේවල්ම තමයි නව වටයකින් එන්න හදන්නේ.වෙනස ගෝඨාභය කියන නමේ කොටස විතරයි.

:       318       247

Raveendra Tuesday, 08 October 2019 12:45 AM

බැලු බැලු තැන මල් පහන් චීවර පුජාය..// හැම අපේක්ෂකයෙක්මත් මෙය කරනාය..// මෙමගින් සිත්පහන් හැගුමෙන් ඇතුවාද..// ඇරියොත් කට පතුරු යවන්නේ අනිකාගේය ..//

:       0       51

Jayasinghe Tuesday, 08 October 2019 01:15 AM

තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබතුමන්ට ජයග්‍රහණය පතමු).

:       413       539

atthanayake Tuesday, 08 October 2019 03:42 AM

සැක නැත. ඔබතුමා ජනපතිවනු ඇත. තෙරුවන් සරණ බලය ඔබට ලැබෙනු ඇති.

:       352       353

Fonseka Tuesday, 08 October 2019 04:14 AM

සජිත් ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. එත් ආර්යා කෝලම තමා එපා වෙන්නේ. ගෝටා ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. විමලයයි ගම්මන්පිලයි ඇමතිකම් ගන්න එක තමා ඉවසන්න බැරි. ඒ නිසා අනුර කුමාරට දීලා දානවා

:       108       264

Saman Tuesday, 08 October 2019 04:30 AM

කළ කළදේ - පල පලදේ.

:       27       58

Indhika Tuesday, 08 October 2019 04:39 AM

කොලබ තියෙන පන්සල් නෙවේ, යන්න මුහුදු මහා විහාරයට, යන්න ගුරු කන්ද විහාරයට. ඒවගෙන් ආශිර්වාධ ගත්තම දිනන්න බැරිද?

:       37       224

Saman Tuesday, 08 October 2019 05:23 AM

ඔන්න ලසන්ත පස්සෙන් ,,,,,,

:       3       207

Rata Perata Tuesday, 08 October 2019 06:30 AM

මේක රාජපක්ෂලාගේ ප්‍රචාරක මධ්‍යස්ථානය......

:       54       218

thusitha Tuesday, 08 October 2019 06:38 AM

බුදු හාමදුරුවෝ ගස් වලට වදින්න කියල තියනවද?

:       39       202

kushanTuesday, 08 October 2019 08:00 AM

තුසිත, පේනවනේ මෝඩ මිනිස්සු . හම්බන්තොට මිස්සුන්ගේ තරම.............

:       32       158

ereshaTuesday, 08 October 2019 08:04 AM

අපේ මෝඩ සිංහලයට ගස්, ගල්, කිසිදෙයක් ප්‍රශ්නයක් නැහැ. හැමදේටම වදිනවා.එත් කරන්නෙම මහ පොළොව උහුලන් නැති අපරාධ.

:       8       169

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 69 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site