ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය
ගෝඨාභය රාජපක්ෂ මහතා දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවක් ද මහනුවර නගරයට පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය.
මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පැමිණ සිටියහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියලා. දාදු දාන්න ලෑස්ති වෙන්න සෙනඟ ඇවිත් ඉන්නේ කවුද? මේ අරුම පුදුම පුද්ගලයා බලන්න. මැරුණු මිනිසුන්ට පණදෙන්න යන්න පුද්ගලයා බලන්න.. මහින්ද හිතන්ඉන්නේ ජනාධිපතිකම ලැබුණා කියලා. මොන මෝඩයද මේ වගේ අයට ඡන්දෙ දීලා තියෙන නිදහස නැතිකර ගන්නේ? මහින්ද පැරදුණු දවසේ පැදුරටත් නොකියා අයියලා, මලිලිලා මාරුවුණේ... ඉල්ලන් කන්න වෙයි... කියලා අද කොහොමද, එදා තිබුණු සංහිඳියාවේ පොරොන්දුව නිසා බේරුණා. උසාවියට යන්න බැරි බයට, මේ වගේ අයියලා කොහොමද? රටක් පාලනය කරන්නේ.... කොට්ටුන්ගෙන් පරිස්සම් වෙන්න.
මෙහිදී ගෝඨාභය මහත්මයා මාලිගාවට රැස්වෙලා උන් ජනතාවට කෑ නොගසන ලෙස අවවාද කළ බව කියැවෙනවා. එය නිවැරදි නායකත්ව ලක්ෂණයක්.! සුබ පැතුම්.!
මීට කලින් දළදා වහන්සේ වන්දනා කරන්න. මහනායක ස්වාමීන් වහන්සේලාගේ සැප දුක බලන්න කී වතාවක් විතර ගිහිල්ලා තියෙනවද අපේ මහත්තයෝ? දැකලා නැති නිසයි අහන්නේ... මුහුද ගව් ගණනක් තියෙද්දී දියරෙද්ද පටලවා ගත්ත එක මෝඩකමක් කියලා හිතෙන්නේ අර නාලිකා දෙක තුනේ සහ මාධ්‍ය ආයතනවල ප්‍රචාරය කරන බේගල් වැඩ කරන්නේ නැති බව දැනගත්තට පස්සෙයි ඔන්න. අනිත් පැත්තෙන් ගියසැරේ වැලිකඩ යවපු කෙනා එන්නත් ඉඩ තියෙනවලු. එතකොට ජාතික ආරක්ෂා අඬබෙරේ තනියම ගහන්න ලැබෙන එකක් නැහැ. පරණ හොරු, දූෂිතයෝ සහ මිනීමරුවෝ ලෙසට චෝදනා ලබපු පිරිසක් වටකරගෙන "මට අපේක්ෂක කම අරන් දුන්නේ අරයා, මෙයා, එයාලා නැත්තං මං නෑ වගේ කතා සමහරු පතුරුවනවා. මටත් ආරංචියි. කවුරුවත් මට රිදී බන්දේසියක තියලා අපේක්ෂකකම ගෙනත් දුන්නේ නෑ. මං මගේ හැකියාවෙන්, දක්ෂකමෙන්, කැපවීමෙන් ඒක දිනාගත්තා... එච්චරයි. මම ජනාධිපති වුණාම කාටවත් නටන්න දෙන්නේ නෑ." කියලා පාරම් බෑවට කිසිකෙනෙක් ඒ හුරතල් කතා විශ්වාස කරයි කියලා හිතන්න අමාරුයි. මොකද "අයියලා" නැත්නම් සේරම අබිලික්... විශේෂයෙන් ලක්ෂ පහක්, හයක් විතර ඉන්න තරුණ පරම්පරාව ඔය ලණු කන්නේ නැහැ. ඒක මතක තියාගන්න. අයියලා දෙන්නටත් කියන්න...
ඔබ නියම නායකයෙකු නම්, වටවෙලා ඉන්න හොරු එලවන්න
ඔබ වටා ඉන්න දේශපාලකයින් දුරස් කලොත් ඔබට සාර්ථක තරඟයක් දෙන්න පුලුවන්වේවි.
ආගමික ස්තානයක හැසිරෙන්න නොදන්නා අනුගාමිකයන්... ගෝඨා-මහින්ද කිව්වොත් සියදිවි නසාගන්නා මෝඩරැලකි.
ඔබතුමා හා ඔබතුමාගේ අයියා බලයේ ඉන්නා වෙලාවේ නුවරට හදපු අධිවේග මාර්ගය නම් සුපිරියි. අවශ්‍යතා හඳුනාගෙන ඔබලා කරපු සංවර්ධනය නියමයි. රටේ දෙවන විශාලතම නගරය වන මහනුවර හා කොළඹ යාකරන අධිවේගය නියමයි. දැන් අපි හැමදාම එ්කේ යනවා.
ගෝටා එනවා කිව්වම සමහරු බයවෙලා මරුවිකල්ලෙන් කමෙන්ට්ස් දානවා.