IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ගෝඨා දළදා සමිඳු වැදපුදා ගනී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය

ගෝඨාභය රාජපක්ෂ මහතා  දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවක් ද මහනුවර නගරයට පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පැමිණ සිටියහ.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා 

 

 



අදහස් (9)

ගෝඨා දළදා සමිඳු වැදපුදා ගනී

Chathuri Wednesday, 14 August 2019 11:11 AM

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියලා. දාදු දාන්න ලෑස්ති වෙන්න සෙනඟ ඇවිත් ඉන්නේ කවුද? මේ අරුම පුදුම පුද්ගලයා බලන්න. මැරුණු මිනිසුන්ට පණදෙන්න යන්න පුද්ගලයා බලන්න.. මහින්ද හිතන්ඉන්නේ ජනාධිපතිකම ලැබුණා කියලා. මොන මෝඩයද මේ වගේ අයට ඡන්දෙ දීලා තියෙන නිදහස නැතිකර ගන්නේ? මහින්ද පැරදුණු දවසේ පැදුරටත් නොකියා අයියලා, මලිලිලා මාරුවුණේ... ඉල්ලන් කන්න වෙයි... කියලා අද කොහොමද, එදා තිබුණු සංහිඳියාවේ පොරොන්දුව නිසා බේරුණා. උසාවියට යන්න බැරි බයට, මේ වගේ අයියලා කොහොමද? රටක් පාලනය කරන්නේ.... කොට්ටුන්ගෙන් පරිස්සම් වෙන්න.

:       646       490

රජින්ද Wednesday, 14 August 2019 11:55 AM

මෙහිදී ගෝඨාභය මහත්මයා මාලිගාවට රැස්වෙලා උන් ජනතාවට කෑ නොගසන ලෙස අවවාද කළ බව කියැවෙනවා. එය නිවැරදි නායකත්ව ලක්ෂණයක්.! සුබ පැතුම්.!

:       323       775

ChathuriWednesday, 14 August 2019 03:40 PM

ගෝඨා කියන්න අවශ්‍ය නැහැ. ආගමික ස්ථානවල බෙරිහන් නොදෙන්න කියා. දැන් හිතාගන්න පුළුවන් මොනවගේ කට්ටියද? පිළිගන්නේ කියලා මහින්දගේ පුත්තු මාලිගාව ඉදිරිපට පාර වහගෙන රේස් පදිනකොට... මේ ගෝඨා කොහෙද හිටියේ.., සේරම සෙල්ලම් පොඩි මිනිහට... බොරු ෂෝ.. ගතිගුණ අතරින් රාජපක්ෂලා තවමත් වනන්තරේ ජීවත් වෙන්නේ.., මහින්ද පොරකන්නේ නාමල් බේබිට තැනක් හදලා දෙන්න. මේ දවස්වල නාමල් බේබිව කරලියට එවන්නේ නැහැ. මෝඩ කතා කිව්වම පටි රෝල් වෙන නිසා...

:       103       83

sirimal Wednesday, 14 August 2019 12:26 PM

මීට කලින් දළදා වහන්සේ වන්දනා කරන්න. මහනායක ස්වාමීන් වහන්සේලාගේ සැප දුක බලන්න කී වතාවක් විතර ගිහිල්ලා තියෙනවද අපේ මහත්තයෝ? දැකලා නැති නිසයි අහන්නේ... මුහුද ගව් ගණනක් තියෙද්දී දියරෙද්ද පටලවා ගත්ත එක මෝඩකමක් කියලා හිතෙන්නේ අර නාලිකා දෙක තුනේ සහ මාධ්‍ය ආයතනවල ප්‍රචාරය කරන බේගල් වැඩ කරන්නේ නැති බව දැනගත්තට පස්සෙයි ඔන්න. අනිත් පැත්තෙන් ගියසැරේ වැලිකඩ යවපු කෙනා එන්නත් ඉඩ තියෙනවලු. එතකොට ජාතික ආරක්ෂා අඬබෙරේ තනියම ගහන්න ලැබෙන එකක් නැහැ. පරණ හොරු, දූෂිතයෝ සහ මිනීමරුවෝ ලෙසට චෝදනා ලබපු පිරිසක් වටකරගෙන "මට අපේක්ෂක කම අරන් දුන්නේ අරයා, මෙයා, එයාලා නැත්තං මං නෑ වගේ කතා සමහරු පතුරුවනවා. මටත් ආරංචියි. කවුරුවත් මට රිදී බන්දේසියක තියලා අපේක්ෂකකම ගෙනත් දුන්නේ නෑ. මං මගේ හැකියාවෙන්, දක්ෂකමෙන්, කැපවීමෙන් ඒක දිනාගත්තා... එච්චරයි. මම ජනාධිපති වුණාම කාටවත් නටන්න දෙන්නේ නෑ." කියලා පාරම් බෑවට කිසිකෙනෙක් ඒ හුරතල් කතා විශ්වාස කරයි කියලා හිතන්න අමාරුයි. මොකද "අයියලා" නැත්නම් සේරම අබිලික්... විශේෂයෙන් ලක්ෂ පහක්, හයක් විතර ඉන්න තරුණ පරම්පරාව ඔය ලණු කන්නේ නැහැ. ඒක මතක තියාගන්න. අයියලා දෙන්නටත් කියන්න...

:       740       457

Anura Ambalangoda Wednesday, 14 August 2019 01:31 PM

ඔබ නියම නායකයෙකු නම්, වටවෙලා ඉන්න හොරු එලවන්න

:       3       73

ධම්ම Wednesday, 14 August 2019 01:58 PM

ඔබ වටා ඉන්න දේශපාලකයින් දුරස් කලොත් ඔබට සාර්ථක තරඟයක් දෙන්න පුලුවන්වේවි.

:       0       90

සෙනෙවිරත්න Wednesday, 14 August 2019 04:19 PM

ආගමික ස්තානයක හැසිරෙන්න නොදන්නා අනුගාමිකයන්... ගෝඨා-මහින්ද කිව්වොත් සියදිවි නසාගන්නා මෝඩරැලකි.

:       3       10

කුමාර Thursday, 15 August 2019 03:05 AM

ඔබතුමා හා ඔබතුමාගේ අයියා බලයේ ඉන්නා වෙලාවේ නුවරට හදපු අධිවේග මාර්ගය නම් සුපිරියි. අවශ්‍යතා හඳුනාගෙන ඔබලා කරපු සංවර්ධනය නියමයි. රටේ දෙවන විශාලතම නගරය වන මහනුවර හා කොළඹ යාකරන අධිවේගය නියමයි. දැන් අපි හැමදාම එ්කේ යනවා.

:       1       5

amali Thursday, 15 August 2019 04:25 AM

ගෝටා එනවා කිව්වම සමහරු බයවෙලා මරුවිකල්ලෙන් කමෙන්ට්ස් දානවා.

:       10       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site