(චමිල් රුපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කිරීමේ හා ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු අද (18) ගලහ හන්දියට රැස්වී උද්ඝෝෂණයක නිරත වූහ.
විරෝධතා පා ගමන ගලහ හන්දිය දක්වා පැමිණීමෙන් පසු ටයර් පුළුස්සා මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන් මාර්ග තදබදයක්ද ඇති විය.
විශ්ව විද්‍යාල පරිපාලනය විසින් නොවිසදන ගැටළු රැසක් පවතින බවත් ඒ ගැටළු සඳහා කඩිනමින් විසදුම් ලබා දෙන තුරු මෙම අරගල අඛන්ඩව සිදු කරන බවත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහීල් බණ්ඩාර දෙහිදෙණිය පැවැසීය.
ආර්ථික ගැටලු ඇතුළු විවිධ ප්‍රශ්න හේතුවෙන් සිසුන්ට දේශන සඳහා සෑම අවස්ථාවකම සහභාගි විය නොහැකි බවත් එය ඉලක්ක කර ගනිමින් සිසුන් මර්දනය කිරීමට පරිපාලනය ක්‍රියාකරන බව ඔහු පැවැසිය.
ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දමා සිසුන්ට අධ්‍යාපන අයිතිය අහෝසි කළත් එම සිසුන් වෙනුවෙන් සෙසු පීඨ එක්ව පරිපාලනයට එරෙහිව අරගල කරන බවත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එහිදි සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ ගැටළු නැත්තේ කාටද? කසාද බැඳලා රැකියාවක් කරගෙන පවුලක් නඩත්තු කරන අයට ඔයිට වැඩිය ප්‍රශ්න තියෙනවා. ඕවට නිකම් ටයර් පුච්චලා හරියන්නේ නැහැ.
ඒ ළමයින්ට බනිනවට වඩා ටිකක් කල්පනා කලොත් අපිට තේරෙයි ඒ අය විතරයි පවතින තත්වයට විරුද්ධව කෑගහන්නේ. මොන දේශපාලන දෘෂ්ටියකින් බැළුවත් කමක් නෑ. මේක කියවන අපි ඇත්තටම රටේ අනාගතය වෙනුවෙන් මොනාද කලේ කියලා බලලා අදහස් දැක්වීම වඩා උචිත බවයි මගේ හැගීම. රැකියාවක් කරගෙන පවුල් නඩත්තු කරගෙන වෙන හැම දේකටම ඔළුව නමානෙ ඉන්න නම් දරැවෙක්ටවත් කියලා දෙන්නෙපා. ඒකට කියන්නේ වහල්බව කියලා.
80% පන්ති ආවේ නැති බුරුවො දෙන්නෙක් පස්සෙන් ගිහින් රටම විනාශ කරනවා. අවුරුදු ගානක් ඉංජිනේරු පීටයේ ජ.වී.පෙ. හරක් ටිකට ඉඩක් තිබ්බේ නැහැ .දැන් ඇවිත් ළමයින්ගේ අනාගතය විනාශ කරනවා.
අනේ ළමයිනේ මොනවා කෙරුවත් ඔය පාරවල් වල ගිනි ගොඩවල් ගහලා ඕවා විනාස කරන්න එපා . සෑහෙන කාලෙකට ඕවා හදනවා බොරු.
මොන විහිලුවක්ද දේශන වලට සහභාගි නොවී ඉංජිනේරුවෝ වෙන්නේ කොහොමද?
මේ ගොන් රටට තේරෙන්නේ නෑ පිච්චෙන රබර් වල දුමාරය මූණට විසද කියලා ......... එච්චර මොලයක් නැති මෝඩයෝ ටිකක්....
පේරාදෙණිය ඉංජිනේරු පීටයේ සිසුන්ට අවුරුදු තුනක් හොස්ටල් දෙනවා කන්න කැන්ටිමෙන් අඩු ගානට කෑම දෙනවා වියදමට මහපොළ දෙනවා තවත් මොන ආර්ථික අපහසුතාද.?
ඔක්කොම ආණ්ඩුව විසදලා දෙන්න ඕනේ. සැහෙන කාලයක් බලන් ඉන්න වේයි.
මේ අයට උගන්වන්න කතාකලත් වැරදියි.
ආසිරි වැස්සකටවත් කැම්පස් එකකට ගොඩ් වෙලා නැති පාටයි..ඔය කියපු දේවල් අරන් කැම්පස් ළමයි සුර සැප විදිනවද බලන්න අඩුම තරමේ දවසක් ගිහින් හොස්ටල් එකක කාලය ගත කරලා එන්න..
ආර්ථික ප්‍රශ්න නැත්තේ කාටද ? මගේ අක්කාගේ පුතා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නේ අර්ධකාලීන සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස වැඩ කරමින්. අපේ කට්ටියට ගෙදර ටොයිලට් එක හෝදන්න කිව්වා නම් ලංකාවේ ඔක්කොම කක්කුස්සි ටික සමතලා කරාවි .
වැස්සටවත් ගොඩ නොවුන සමහරුන්ගේ බදු මුදලින් තමයි ඔය සිසුන් ගොඩයන්නේ. තමුන්නාන්සේ කියන්නේ නොමිලේ උසස් අධ්‍යාපනය මදිවාට බෙඩ් ශීට් එකේ ඉඳලා රටේ ජනතාවයි ආණ්ඩුවයි සපයන්න ඕන කියලාද ? අඩු ගානේ මේ ළමයින්ට ටියුෂන් පන්තියක් දාලා හරි කියක් වත් සොයා ගන්න බැරිද ? ඔක්කොම අතට පයට බලාපොරොත්තු වෙනවා.
RNG, අපි මෙහෙ පන යනකන් උසස් අධ්‍යාපනයට බදු ගෙවන්නේ ආසාවට නෙවෙයි. සරසවි සිසුන්ට හැම එකක්ම නොමිලේ ඉස්තරමින්ම අතක් පයක් නොහොල්ලා ලැබෙන්නේ මොන රටේද කියලා සොයා බලන්න. ඔය කියන්නේ මේ ළමයින්ව හිල්ටන් එකේ නවත්තලා මහජන මුදලින් දවස් ගානේ බුරියානි කවන්න කියලද ?
තව ටික දවසකින් කියයි ද දන්නේ නැහැ ආර්ථික අපහසුතා නිසා හැමදාම පන්ති එන්න බෑ උපධිය තැපෑලෙන් එවන්න කියලා. 80% පැමිණීම අපේ කාලෙත් (අවුරුදු 10 කට කලින්) බැලුවා විද්‍යා පිඨයේ නම්. ඕක තියෙන්නේ ළමයින්ගේ ම හොදට කියලා ඇයි තේරෙන්නේ නැත්තේ..
80% පැමිණීම අනිවාර්යනම්, 20% නෑවිත් ඉන්න පුළුවන්නේ. ඒ ටිකේ ටියුෂන් එකක් දීල හරි කීයක් හරි හොයාගන්න පුළුවන්නේ. මහපොලත් ලැබෙනවනේ. අපිට ඕනේ රටට වැඩක් ඇති ඉංජිනේරුවෝ බිහිවෙන එක. නිකන් සහතිකයක් තියෙන, අන්තිම මොහොතේ පාඩම් කරලා පාස් වෙච්ච, වැඩ බැරි එන්ජිනියර්ලා වෙනුවෙන් මගේ බදු මුදල් නාස්ති කරනවට මම විරුද්ධයි.
මේ ගොල්ල දොස්තරලා සයිටම් එකට විරුද්ධව කෑ ගහද්දි ඒකට සපෝට් එකට මොකද කිව්වේ, සයිටම් එකේ ඉගැන්වීම පහළයි, ප්‍රායෝගිකව මොකුත් නැහැ කියල නේද? දැන් පන්ති එන්නේ නැතුව ප්‍රායෝගික පුහුණුවීම් නැතුව නිකම්ම ඉඳල ගන්න හදන ඉංජිනේරුකමට ඔය කියන ප්‍රමිති අදාළ නැද්ද? මොරටුවේ කොල්ලෝ අලුත් පර්යේෂණ කරමින් රටටත් කීර්තියක් ගේන අතරේ මේ ගොල්ල ටයර් පුච්චනවා.
ගැටළුව තමන්ගේ නොවෙනතාක් ගැටළුවත් ගැටළුවකි . මට දුක ලංකාදීප පත්තරේ කියවන්න නෙට් කනෙක්ට් කරගන්න තරම් බුද්ධිමත් මිනිස්සු ප්‍රශ්න දිහා බලන විදිය ගැන. ඔය ළමයි තමන්ගේ ගැටළු විතරක් නෙවේ ඔහේලාගේ ළමයින්ගේ ගැටළු පවා විසඳන්න කියන්නේ ඒ අය. මුළු නිදහස් අධ්‍යාපනයම අද තියෙන තත්වය දක්වා රැකුණේ මේකේ කමෙන්ට් හලන මහදැනමුත්තෝ හින්දා නෙවේ. මිනිස්සුන්ගේ කුණු බැනුම් අහ අහ පාරවල් හරස් කරපු ඒ කොල්ලෝ ටික හින්දා. ඔබතුමන්ලාගේ දරැවාට යන්න ඉස්කෝලයක් ඉතිරි කලේ ඒ අය. . ටිකක් ඇහුන්කන්දීලා බලන්න. රවි කියන විදියට බෙඩ් ෂීට් සැපයුවාට ඒ හැටි වියදමක් නෙවේ. මොකද 225 දෙනෙක්ගේ පවුල් අති සුඛෝපභෝගී විදියට නඩත්තු කරන අපෙ රටට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?. මෙතන ලොකුම අවුල ප්‍රශ්න දිහා බලන්නේ ඉරිසියාවෙන්. අන්න ඒකයි මං කියන්නේ.
මේ ගොල්ලන්ට ප්‍රශ්ණ වලට සද්දේ දාන්නෙ කැම්පස් එකේ පමණි. එලියට ඇවිත් ජොබ් එක කරන කොට පොඩි මිනිස්සු මතක නැහැ, තනිකර මතුවෙන්නේ තණ්හාව විතරයි. හොදම උදාහරණය ටෙලිකොම් එක සහ විදුලිබල මණ්ඩලය. එහි වැඩකරන ඉංජිනේරුවෝ දිහා බැලුවම හැමෝටම තේරුම් ගන්න පුළුවන්.
අග්නිදිග සරසවියේ ප්‍රශ්නයට මුල්වුයේ පළමු වසරේ සිසුන්ට නවක වදය දීමයි. පේරාදෙණියයේ ප්‍රශ්නයට මුල්වී ඇත්තේ නියමිත දේශනා ප්‍රමාණයට සහභාගී නොවීමයි. මේ ප්‍රශ්න දෙකම ඇතිවී ඇත්තේ සිසුන් පවතින නීතියට පටහැනිව ක්‍රියා කිරීම නිසයි. තමන් විසින් ඇතිකරගත් මේ ප්‍රශ්න වලට විසදුම් සෙවිය යුත්තේ තමන් විසින්ම වන අතර, එයට සරසවි පාලන අධිකාරියට දොස් නැගීමෙන්වත්, පාරවල් වසා මහජනයාට හිරිහැර කිරීමෙන්වත් පලයක් ඇති වන්නේ නැහැ.
මේ සමහර සිසුන්ට රැකියා පිළිබඳව පුදුම මහන්තත්වයක් තියෙන්නේ. දියුණු රටවල සිසුන් කම්කරු රැකියා කරනවා. එත් තමන්ගේ ප්‍රශ්න අනුන් පිටින් යවමින් පාරවල් අවහිරකර මහජනයාට අවහිර කරමින් අන්තිම නුගතුන් මෙන් හැසිරෙන්නේ නැහැ. රජයේ රැකියාවක් ලැබුනත් එතන ගිහිල්ලාත් වැඩ කරන්නේ නැතිව එක්කෝ අයිස් ගහනවා නැතිනම් ආයතනයේ වැඩ කඩා කප්පල් කරන්න සටන් දියත් කරනවා . මුළු රටම මේගොල්ලන්ගේ ගොරනාඩුවලට යට වෙන්න ඕන කියලාද කියන්නේ. මේ ලියන අපිටත් ආර්ථික අමාරුකම් තිබෙනවා. හම්බ වෙන සොච්චමෙනුත් ආදායම් බදු ගෙවනවා. හැබැයි මගේ ළමයි දෙන්නාටම පාසල් යාමට අමතරව වෘත්තීය අධ්‍යාපනයක් දෙනවා. ලොකු දරුවාව රේඩියෝ හදන පන්තියකට යවනවා. අනෙකාව ඥාතියෙකුගේ ළඟ මෝටර් මෙකැනික් වැඩ ඉගෙන ගන්න යවනවා. මජන් ගාගෙන හරි අනුන්ට බරක් නැතිව ඉඳීවි. අපිට හම්බ කරලා දෙන්න රටේ මිනිස්සු පලි නැහැ.
මේ මුළු රටේම මිනිස්සු RNG ලා වගේ හිතන ගියොත් කොහොමද ? හෙට අනිද්දාට ලංකාවේම බදු ගෙවන මිනිස්සු පාරට බැස්සොත් බදු ගෙවන්න අමාරුයි කිව්වොත් මොකද? රටෙන් තමන්ට අවශ්‍ය දේවල් ඉල්ලලා බෙරිහන් දෙන්න කලින් තමන්ගෙන් රටට වෙන්න ඕන මොනවාද කියලා හිතන්න බැරි උද්දච්ච කොට්ටාශයට තමයි RNG වැනි උදවිය අයත් වෙන්නේ. උපාධිය කියන්නේ තමන්ට සිතු පැතූ දේවල් එසැනින්ම ලැබිය යුතු බලපත්‍රයක් නෙවෙයි. බහුතරයක් උපාධිදාරින්ට විනීතව පාරිභෝගිකයාට කතාකරන රැකියා කුසලතාව තිබෙනවාද ? කොටින්ම කිව්වොත් ඇත්තේ අති මහත් හීනමානයක් පමණයි. මම සේවාලාභීන්ට කතා කරන්නේ මෙහෙමයි කියා ලිවූ කෙනාගේ ආකලප්යෙන්ම තේරෙනවා , මුන්දලා රාජ්‍ය සේවයට බඳවා ගත්තොත් කොහොම හිටීද යන්න තමයි අපි අහන්නේ .
දැන් එතකොට මේ පක්ෂව අදහස් දක්වපු අය සහ ඉල්ලීම් අනුව පැමිණීමේ ප්‍රතිශතය කීයක්ද බලාපොරොත්තු වෙන්නේ? එන්නේ නැතුව ඒ දවස් වල මොනවද කරන්නේ? සම්පුර්ණයෙන් එන ළමයින්ට මොකද වෙන්නේ? ඒක අසාධාරණ නැත්ද? එහෙමනම් මුළු සතියටම උගන්නන දවස් ගණන අඩු කරලා දාන්න. ඒකත් විසඳුමක් නේ. එහෙමමත් නැත්නම් 75% ආවොත් ඇති නම් ඒ කියන්නේ සම්පුර්ණ පාඨමාලාවෙන් 3/4 නේ. එතකොට අවුරුදු 4 එක 3න් කරන්න පුළුවන් එකදිගටම කලොත්. එහෙම අඩු කරලා දැන් කැම්පස් වල තියෙන තදබදය අඩු කරන්නත් පුළුවන්.
තමා පීඩිත පන්තියේ අනෙකාට අතමිට සාරයි යන හීනමානය බොහොම නරකයි. මගේ ඥාතියෙකු දුප්පත් සරසවි සිසුවෙකුට, අතරමැදියෙකු මාර්ගයෙන් මාස්පතා නිර්නාමිකව උදව් කළා. ඒ සිසුවා අවසන් වසරේ සිටිද්දී පළමු වසරට සිසුවෙකු සේ පැමිණි ඥාතියාගේ. පුතාට අමානුෂිකව නවක වදය දුන්නා. පසුව සියල්ල එළිවූ පසු ගෙදර ඇවිත් සමාව ඉල්ලු පසු මගේ මාමා කිව්වේ ඔහුගේ දෙමව්පියන්ගෙන් පළමුව සමාව ගන්න කියායි. මොකද උගතෙකුගේ වේශයෙන් සිටින නරුමයෙකු සමාජයට දායාද කළ නිසා...
අපොයි ඔව්... රාජ්‍ය සේවයේ සේවා සපයන්නන්ගේ අපූරු ඡායාරූපයක් මේ දවස්වල මුහුණු පොතේ සැරිසරනවා. බලවතුන් දෙන්නෙක් රාජකාරි වෙලාවේ මේස උඩනිදි... ඊට පස්සේ බැරියැ මහජනයාට ගොරවාගෙන නැගිටින්න! නේද ආර්.එන්.ජී...?
හොඳ වෙලාවට ලංකාවේ ආර්ථික අපහසුතා ඇති එහෙත් සරසවි සිසුන් නොවන උදවියට විචාර බුද්ධියක් ඇත. නැතිනම් ලංකාවේ හැමෝම මට අතමිට අඩු පාඩු ඇත කියා ලඟම සිටි කෙනාගේ හෝ අහළින් පහළින් ගිය කෙනාගේ ඇඟට ගොඩ වෙන්න ගියා නම් කොහොමද? අපි හැමෝටම විවිධ මට්ටමින් ආර්ථික අමාරුකම් තිබෙනවා. එ්ත් ඒවාට මුළු රටේම මිනිස්සු පලි නැහැ . ආර්.එන්.ජී. කියන්නේ රුස්සන්නේ නැති ගතිය! හරි නේ නම හොඳට ගැලපෙනවා.!