IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ගංගාරාම විහාරස්ථානයේ සති පිරිත් දේශනය ඇරඹේ

කොරෝනා වෛරසය ලොවින් තුරන් කිරීම සඳහා සෙත් ප්‍රාර්ථනා කරමින් කොළඹ  හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ සති පිරිත් දේශනාවක් අද (30) රාත්‍රීයේ ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා  අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත  කොටුගොඩ ධම්මාවාස නාහිමියන්, නාරාහේන්පිට අභයාරාමාධිපති  මරුත්තෙට්ටුවේ  ආනන්ද  හිමි  ,බලංගොඩ සෝභිත හිමි , කිරින්දේ  අස්සජි  හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය  අමාත්‍ය  තිලංග සුමතිපාල  යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර) 

 

 

 



අදහස් (9)

ගංගාරාම විහාරස්ථානයේ සති පිරිත් දේශනය ඇරඹේ

Daham Thursday, 30 January 2020 07:45 PM

පිරිත් දේශනාකර ලෝකයෙන් ලෙඩ තුරන් කිරීමට හැකි නම් සිරි ලංකාව ලෙඩරෝග නැති රටක් විය යුතුය.

:       0       0

attygalle Thursday, 30 January 2020 08:39 PM

ඇයි කොරෝනා විතරක්. අපි සියලු ලෙඩ රෝග මේ ක්‍රමයට තුරන් කරමු.

:       0       0

Chathuri Friday, 31 January 2020 01:13 AM

අපේ හාමුදුරුවනේ මේ ලෙඩේ අපේ 225 ට හැදුනොත් මොකද වෙන්නේ? මේ කට්ටියට පිරිත් නුල් ගැට ගහන්න. පොඩි ලෙඩේටත් යන්නේ සිංගප්පුරු. ඉතින් කොරෝනා හැදුනොත් ඒ රට බාර ගන්නේ නැහැ. ලංකාවේ මහා රෝහලට ගිහින් පුරුදුත් නැහැනේ. කොහොමහරි ආරක්ෂා කරලා දෙන්න. චීනයත් බෞද්ධ රටක්. නමුත් කන්නෙම සත්තු. ඒ කරපු පවට දෙවියන්ගෙන් දඩුවම් ලැබුනා. අපේ රටත් බෞද්ධ රටක්. නමුත් මස් මාළු කන්න බයයි. අපේ ලොක්කෝ කන්නේ දුප්පත් ජනතාවගේ මුදල්. ඒවාට තවම දෙවියන්ගෙන් දඩුවම් ලැබුනේ නැහැ එදාට කට්ටියට. දියවන්නාවට පනින්න වෙන්නේ. ඇග පුරා කුෂ්ට දාපුවම ඒකනම් බෝවෙන එකක් නැහැ. හොරුන්ට පමණයි.

:       0       0

Nimal Friday, 31 January 2020 01:34 PM

පිරිත්වලින් සියලු ලෙඩ සුව කරන්න පුළුවන්නම් හොඳයි..

:       1       65

binkunndaa Friday, 31 January 2020 03:26 PM

කුඩු කාරයින්ට, මිනීමරුවන්ට, රට හා ජනතාව කොල්ලකන්නන්ට පිරිත් නූල් බඳින මෙවැන්නන්ගේ පිරිත්වලින් කොරෝනා වෛරසය සුවවෙයිද?

:       20       25

chandima Friday, 31 January 2020 02:10 PM

අපි බෞද්ධයන් හැටියට ඇති විශ්වාසය අනුව මේක ඉතාම වැදගත් පියවරක් හාමුදුරුවනේ... රටපුරාම පන්සල්වල මේ කටයුත්ත කරනවා නම් කියලා හිතෙනවා. අන්‍ය ආගම්වලටත් මේ වැඩපිළිවෙල තවදුරටත් ව්‍යාප්ත කළ හැකියි. අපේ හාමුදුරුවනේ පිටරට ඉන්න අපටත් මුදල් ගෙවා පිරිත් නූල් ඉක්මණින් කෙලින්ම පන්සලෙන් ගෙන්වාගැනීමට වෙබ් අඩවියක් හෝ වෙබ් පිටුවක් හරහා ඉක්මණින් පහසුකම් සලසනවා නම් අපටත් පේපෑල් වැනි ක්‍රමයකට මුදල් ගෙවා මේ මහඟු කාර්යයට දායක වීමටත් අපේ චිත්ත භීතිය තුරන් කරගෙන පහන් සිත් ඇතිකර ගැනීමටත් පුළුවනි. එය අද විදේශ විනිමය හිඟවී ඇති අපේ රටේ ආර්ථිකයටත් යන්තමින් හෝ රුකුලක් වනු ඇති...

:       566       201

chandimaFriday, 31 January 2020 03:35 PM

මේ තරම් ඩිස්ලයික් කරලා තියෙන්නේ නම් පිටරට පන්සල්වල උන්නාන්සේලා වගේ... අපේ හාමුදුරුවනේ මෙහෙ පන්සල් වලටත් අපි කියකියා හරි දෙනවා.. අතාරින්නේ නැහැ. බයවෙන්න එපා ලංකාවෙන් පිරිත් නුල් ගෙන්නනවා කීවාට...

:       40       0

binkunndaa Friday, 31 January 2020 03:16 PM

කොරෝනා වෛරසය මිනිසුන්ගේ පාපය මෝරායාමේ ප්‍රතිඵලයක් ලෙස මෙලොවට විනකරමින් සිටියි. මේ වෛරසය මර්ධනයට තවත් පිරිසක් සිවුරු දමාගෙන පිරිත් කීවාට හරියයිද?

:       2       14

kamal Friday, 31 January 2020 11:35 PM

කොරෝනා ආවයින් දේශපාලකයින්ගේ වැඩ කිරීමට බාදාවක් උනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 749 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site