
(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)
කොළඹ නගරයට ඇතුළු වන ස්ථාන ගණනාවක දැඩි රථවාහන තද බදයක් පවතී.
අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ, සේවක සේවිකාවන්ගේ වාහන, සහ අත්‍යාවශ්‍ය ප්‍රවාහන කටයුතු වල නිරත වාහන, වෙන්කර හඳුනාගැනීම සඳහා අද (7) සිට විශේෂ ස්ටිකරයක් ඇලවීමට පොලීසිය පියවර ගෙන ඇති අතර එම කටයුතු සිදුවන ස්ථානවල මෙම තදබදය පවතී.
අත්‍යවශ්‍ය සේවා සහ මානුෂීය සේවා වශයෙන් වෙන්කර වර්ණ 11 ක් යටතේ මෙම ස්ටිකර් අලවන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සෞඛ්‍ය සේවා, රාජ්‍ය අංශය, පුද්ගලික අංශ, මාධ්‍ය හා සන්නිවේදන අංශය, රාජ්‍ය සේවා අවශ්‍ය ප්‍රවාහන, පුද්ගලික සේවා අත්‍යවශ්‍ය ප්‍රවාහන, මානුෂීය සේවා, පිසු ආහාර ප්‍රවාහන සේවා, විදේශගතවීම්, ආදී වශයෙන් එහෙම වෙන් කිරීම් සිදුකර ඇති බවද හෙතෙම කීය.
මෙම ස්ටිකර් ලබන 14 දින දක්වා වලංගු වන බවත් ඒවා ඇලවූ වාහනවලට මාර්ග බාධක වලින් ප්‍රමාධයකින් තොරව ගමන් කළ ඇති බවත් හෙතෙම කියා සිටියේය.
එම අවස්ථාව අවභාවිතා කරමින් වෙනත් පුද්ගලයන් අතට එය පත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පොලිසිය විසින් අලවන ලද එම ස්ටිකරයේ වාහනය ගමන් ගතයුතු ප්‍රමාණය සඳහන් කරන බවත් එම ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ම ප්‍රවාහනය කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව ද හෙතෙම කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)












(ඡායාරූප: බිමල් ශ්‍යාමන්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය සේවා ලේබල් ගහගන්න තියෙන උනන්දුව, රැකියා කරන කොට තිබ්බා නම් අපි සිංගප්පූරුවලට ඉහළින්...
ඔය ලේබලේ හදන්න කාටද කොන්ත්‍රාත්තුව දුන්නේ?
මෙතන තියන තදබදය තවත් කොරෝනා පොකුරක් නිර්මාණය කරන්න යන්නේ
අප්‍රේල් 05 සංචරණ සීමා දැම්මා නම් ප්‍රශ්නේ ඉවරයිනේ... කොහොමද ඒවා කරන්න බැහැනේ... මුදලාලිව සනසන එක ලොකුයිනේ...!!!
මලකෝලම්... ලෝකෙ කොහේවත් නීති.. හොඳ ආදර්ශයක්..!!!