රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පත්වීම් ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (14) පැවැත්විණි.
එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , අමාත්‍ය දයා ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියුන් රාලහාමිගේ රාජකාරියත් අමාත්‍යාංශ බලතල බෙදනකොට අගමැතිතුමාට පවරලාද?
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, වෙනත් රජයේ තැන්වල බාහිර උපාධි (කලා) කට්ටිය පිරිලා ඉන්නවා. කරන්න වැඩක් නැහැ. ගුරුවරු හිඟ ඉස්කෝල කොච්චර තියෙනවද දුර පළාත්වල. ඒවායේ පහළ පන්තිවලට උගන්නන්නවත් යැව්ව නම් මොකද? අපරාදේ රජයේ මුදල්... ඡන්ද ගොඩ වැඩිවෙන එක විතරයි වෙන්නේ...
ලංකාවේ ඡන්ද දායකයින්ට ලැබෙන්නේ ඔවුන්ටම හරියන ආකාරයේ දේශපාලනඥයින්. මෙහෙම උත්සව තියලා පත්වීම්ලිපි දුන්නේ නැත්නම්, මෙතන ප්‍රතිචාර දමන සමහරුම අහනවා කෝ මේ අහවල් දේශපාලනඥයා දුන්න රැකියා කියලා. ඒ වගේම අහවල් ඇමතිතුමාගේ අතින් පත්වීම් ගත්තා කියලා ගමේ ලොකුවට කියන උන්දැලත් ඉන්නවා. එවැනි රටක පත්වීම් දෙන්න උත්සව තියෙන එක සාමන්‍ය දෙයක්. අනික කළමනාකාර සහකාර කියන්නේ ඉස්සර ලිපිකරු කියන රැකියාවට සමාන රැකියාවක්. ඒ හැමෝම ගුරු වෘත්තියට ගන්න බෑ. ගුරු වෘත්තියට තරග විභාග සමත් වෙලා එන්න ඕන. ඒකෙන් සමහර උපාධිදාරීන් පවා හැලෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි වගේ විෂයන්ට.
රාජ්‍ය කළමනාකරණ සහකාර තනතුරට බඳවාගන්නේ තරඟ විභාගයකින්. එසේම විභාග ප්‍රතිපලවලට දේශපාලන අතපෙවීම් අවමයි.
64 වතාවක් හෙලිකොප්පරෙන් කොහේදැයි ගියේ?????