IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කළමනාකරණ සහකාර සේවයේ පත්වීම් ප්‍රදානය අගමැති සුරතින්

රාජ්‍ය  කළමනාකරණ සහකාර සේවයේ  පත්වීම්  ප්‍රධානෝත්සවය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (14) පැවැත්විණි.

එම අවස්ථාවට  රාජ්‍ය පරිපාලන හා  කළමනාකරණ  සහ  නීතිය  හා සාමය  පිළිබඳ  අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර , අමාත්‍ය දයා  ගමගේ  යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.

ඡායාරූප   - චතුර එස් .කොඩිකාර


 

              

 



අදහස් (8)

කළමනාකරණ සහකාර සේවයේ පත්වීම් ප්‍රදානය අගමැති සුරතින්

THILINA Monday, 14 May 2018 11:49 AM

පියුන් රාලහාමිගේ රාජකාරියත් අමාත්‍යාංශ බලතල බෙදනකොට අගමැතිතුමාට පවරලාද?

:       191       304

MaheeMonday, 14 May 2018 02:38 PM

මටත් පේන්නෙ ඒ වගෙයි. තිලින.

:       26       101

ප්‍රසාද් Monday, 14 May 2018 01:19 PM

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, වෙනත් රජයේ තැන්වල බාහිර උපාධි (කලා) කට්ටිය පිරිලා ඉන්නවා. කරන්න වැඩක් නැහැ. ගුරුවරු හිඟ ඉස්කෝල කොච්චර තියෙනවද දුර පළාත්වල. ඒවායේ පහළ පන්තිවලට උගන්නන්නවත් යැව්ව නම් මොකද? අපරාදේ රජයේ මුදල්... ඡන්ද ගොඩ වැඩිවෙන එක විතරයි වෙන්නේ...

:       3       316

රාජේශ් ඛන්නාMonday, 14 May 2018 11:23 PM

උපාධියක් ලැබුවත් නැතත් මිනිසුන් ලෙස හැමටම සැලකිය යුතුය. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ජනසවිය ලැබීම ම ගුරු වෘත්තියට සුදුසු කමක් කළා. එහි ආදිනව ගුරු වෘත්තියේ යෙදෙන සමහර අයගේ වර්තමාන ක්‍රියාවලියන්ගෙන් වරින් වර දිස්වන බව රහසක් නොවේ. හිත පිත් නැති කොන්ක්‍රීට් ගොඩනැගිලි වැනි දේ නිර්මාණයට ඉදිකිරීමට හා පවත්වාගෙන යාමට ඉහළම සුදුසුකම් හා පළපුරුදු සහිත අය බඳවා ගන්නේ හේතු සහිතවය. හිත පිත් ඇති අපේ පුංචි දු දරුවනට රටේ අනාගතය වැදගත් ලෙස නිර්මාණයට ගොඩනැගීමට හා හැසිරවීමට අවශ්‍ය මුලික අඩිතාලම දැමීමට අවශ්‍ය වන්නේ ඊටත් වඩා සුදුසුකම් හා පළපුරුද්ද සහිත ගැලපෙන චරිතයන් මිස මොනවා හෝ ඉගෙන ගෙන උපාධියක් ලබා ගැලපෙන රැකියාවක් හෝ නොකරන අය ද?

:       1       11

Noyel BalangodaTuesday, 15 May 2018 06:12 AM

පසුගිය රජය කාලේ රාජ්‍ය සේවයට කියලා කිසිම පදනමක් නැතුව උපාධිදාරීන් බදවගත්තා, මේ හේතුවෙන් රජයේ කාර්යාලවල සංවර්ධන නිලධාරින් වගේ අය පිරිලා. කරන්න වැඩකුත් නෑ. ඔවුන් බොහොමයක් බාහිර කලා කරපු අය. එකෙන් වුනේ රාජ්‍ය සේවයේ මුලු පිරිස දෙගුණ වීම පමණයි. පලදායි සේවයක් ලැබෙන්නේ නෑ. මහජනයාගේ බදු මුදලින් නඩත්තු කලයුතු පිරිස තවත් වැඩි කරගත්ත විතරයි. මමත් රාජ්‍ය සේවකයෙක් නිසයි මේ අදහස ප්‍රකාශ කලේ. ඔබගේ අදහස හරියට හරි.

:       145       20

vernon Tuesday, 15 May 2018 05:49 AM

ලංකාවේ ඡන්ද දායකයින්ට ලැබෙන්නේ ඔවුන්ටම හරියන ආකාරයේ දේශපාලනඥයින්. මෙහෙම උත්සව තියලා පත්වීම්ලිපි දුන්නේ නැත්නම්, මෙතන ප්‍රතිචාර දමන සමහරුම අහනවා කෝ මේ අහවල් දේශපාලනඥයා දුන්න ‍රැකියා කියලා. ඒ වගේම අහවල් ඇමතිතුමාගේ අතින් පත්වීම් ගත්තා කියලා ගමේ ලොකුවට කියන උන්දැලත් ඉන්නවා. එවැනි රටක පත්වීම් දෙන්න උත්සව තියෙන එක සාමන්‍ය දෙයක්. අනික කළමනාකාර සහකාර කියන්නේ ඉස්සර ලිපිකරු කියන ‍රැකියාවට සමාන ‍රැකියාවක්. ඒ හැමෝම ගුරු වෘත්තියට ගන්න බෑ. ගුරු වෘත්තියට තරග විභාග සමත් වෙලා එන්න ඕන. ඒකෙන් සමහර උපාධිදාරීන් පවා හැලෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි වගේ විෂයන්ට.

:       19       73

sanj Tuesday, 15 May 2018 07:16 AM

රාජ්‍ය කළමනාකරණ සහකාර තනතුරට බඳවාගන්නේ තරඟ විභාගයකින්. එසේම විභාග ප්‍රතිපලවලට දේශපාලන අතපෙවීම් අවමයි.

:       0       7

thusita Tuesday, 15 May 2018 08:24 AM

64 වතාවක් හෙලිකොප්පරෙන් කොහේදැයි ගියේ?????

:       1       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site