
මහා ගංවතුර අසුව කළු ගඟ දිගේ ගලා ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත ලන අප ද්‍රව්‍යවලින් කළුගං කලපුවේ මෝය අවහිර වන සේ තැන්පත්ව ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි,
මිනිස් ක්‍රියාකාරකම්වලින් ඉවත ලද ද්‍රව්‍ය මෙන්ම දිරාගිය අතුරිකිලිවලින් කලපුව සම්පූර්ණයෙන්ම පාහේ වැසිගොස් ඇතැයි ධීවරයෝ පවසති.
මේ ආකාරයෙන් දින ගණනක් මෙම අපද්‍රව්‍ය කලපුවේ තිබුණහොත් කලපුව අපවිත්‍ර විමේ අවදානමක් ඇතැයි ද ධීවරයෝ පෙන්වා දෙති.
(සුනිල් එස් තන්ත්‍රිආරච්චි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිගත් නැවෙන් මුහුදට එකතු වූ ප්ලාස්ටික් මෙන් සිය දහස් ගුණයක් අහිතකර ප්ලාස්ටික් සහ විෂ රසායනික අපේ ගංගා වලින් මුහුදට එකතු වෙනවා...
ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවතලන අපද්‍රව්‍ය ගෙදරටම ගෙනත් දීලා තිබෙන නිසා දැන් තියෙන්නේ ඉක්මනින් නගර සභාවට දමලා ඉවත් කරන්න. සියල්ලම එකතැනකට ඇවිත් තිබෙන නිසා වැඩේ පහසුවේවි..
කිව්වාට අමනාප වෙන්න එපා... බොරුවට මානයෙන් ඔලුව උදුම්මාගෙන හිටියාට අපි සංවර කමින් තොර අසංවර මිනිසුන් කොට්ඨාසයක්... බලන්න අපේ රටේ බස් නැවතුම් පොළක හැටි. මාතර එකේ හැම තැනම බුලත් කෙළ ගහලා. රුපියල් 10ක් ගෙවා සුළුදිය වක්කරන්න ගියත්, ඒ වැඩේ හරියට කරගන්නත් බැහැ. පවතින දුර්ගන්ධය නිසා. අලුත්ගම බස් නැවතුම්පොළේ ඒ පහසුකම් හරිහැටි නැහැ. බස් රථවල රියැදුරු කොන්දොස්තරලා හා මගීන් දැඩි අපහසුතා විඳිනවා. අපි පොඩි කාලේ මේ කළුතර වෙරළ තීරයේ අන් ළමයින් සමග ඇවිදිනවා පාසල් අවසන් වීමෙන් පසු... දැන් කෝ ඒ සුන්දර පරිසරය? මිනිසා විසින්ම විනාශකොට දමලා. නොයෙකුත් අපද්‍රව්‍ය ගංගා ජලයට මුසුවීම නිසා ඒවා පරිසර දූෂණයට ලක්වෙලා. ඒත්, පරිසරය ගැන උගත්, එයට ආදරය කරන දේශපාලකයින් අද නැහැ. සියළු වරප්‍රසාද ලබා ඔවුන් කරන්නෙත්, රට වනසන එකයි. අනේ.. රටකට ගිය කල...
මෙන්න ඇති තරම් කාබනික පොහොර