IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කාසල්රී-මාවුස්සාකැලේ ජල මට්ටම තවත් පහළට

(රංජිත් රාජපක්ෂ )

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල ධාරිතාව අඩි 155 වන අතර  අද (21) දින උදෑසන  6 වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 18 කින් පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩි 157 වන අතර අද (21) අලුයම වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 34 කින් පහල බැස ඇති බවත්  ජලාශ භාර ඉංජිනේරුවන් කීහ.

මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩු විමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යට වු නටබුන් රැසක් මේ දිනවල යලි මතු වෙමින් පවති.

මවුස්සාකැලේ ජලාශයෙන් ජලය ලබාගෙන මෙගාවොර්ට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව දැනට මාසයක පමණ කාලයක් නතර කර ඇති තිබේ.

එම විදුලි බලාගාරය හැර ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ජලය ලබා ගැනිමට කැනියොන් ජලාශයේ සොරොව්ව මාසයක පමණ කාලයක් දිවා රාත්‍රි දෙකේම විවෘත කර ඇති අතර , එම නඩත්තු කටයුත්ත අවසන් විමට තවත් මාස කිහිපයක් ගත වන බවද  විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු කියා සිටියේය.



අදහස් (3)

කාසල්රී-මාවුස්සාකැලේ ජල මට්ටම තවත් පහළට

Hafeel Friday, 21 January 2022 11:19 AM

පවිත්‍රා අද විදුලිබල ඇමැති නම්, මුට්ටි හරි හලන්න තිබුණා වහින්න කියලා...

:       60       22

kamal Friday, 21 January 2022 12:18 PM

ඩොලර් මට්ටමත් වඩා පල්ලෙහාට බැහැලා...?

:       40       12

sharm warn Friday, 21 January 2022 04:47 PM

ජල විදුලිය නිපදවීම අඩුකරන එකත් මෙයාලගේ හොඳ ව්‍යාපාරයක්... එතකොට පෞද්ගලික පොඩි බලාගාරවලින් වැඩිමිලට විදුලිය ගන්න පුළුවන්.. විදුලි බල මණ්ඩලයේ ජලවිදුලි බලාගාරවල කරන්නේ මොනවද කියලා මිනිස්සු දන්නේ නැහැ. හැමෝම ඩීසල් බලාගාරවල වෙන දේවල් බලාගෙන හූල්ලනවා. මෙච්චර වියදමක් කරලා හදපු ජලවිදුලි බලාගාරවලින් හොඳට වැඩේ ගෙනියනවා.

:       22       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site