(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය අද (12) අලුයම සිට වාන් දැමීමට පටන්ගෙන ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.
අක්කර අඩි 60000ක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වසරකට පමණ පසුව වාන් දමන බව විදුලි බල මණ්ඩලය කියා සිටියි.
කාසල්රි ජලාශය වාන් දැමීමත් සමග ඊට පහළින් වූ විමලසුරේන්ද්‍ර ජලාශයද වාන් දැමීමට පටන්ගෙන ඇති අතර එම ජලාශ දෙකම වාන් දැමීම නිසා කැළණි ගඟේ ජල මට්ටමද තරමක් ඉහළ ගොස් ඇති බව විදුලි බලාගාර ඉංජිනේරුවරු කියා සිටියහ.
මවුස්සාකැලේ ජලාශයද පිටාර මට්ටමට ආසන්න වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කාසල්රි ජලාශය වාන් දමයි
විජිත් Saturday, 12 October 2019 09:28 AM
"බටගොඩගේ " සිහිනය මියයයි.
Sujeewa Silva Saturday, 12 October 2019 11:17 AM
රටේ සෞභාග්‍යමත් කාලය එළෙඹෙන බවක් තමා ජනතාවට තේරෙන්නේ. මදිද පරිප්පු කෑව අවුරුදු හතටක්ම
ජෝන් සිල්වා Tuesday, 15 October 2019 01:05 AM
කලට වැසි වැටෙන්නේ පවතින රජයේ දැහැමි බව නිසා මිස අනාගතයේ ඇතිවන රජයේ බලපෑමට නොවෙයි කියා තේරුම් ගැන්න සුජීව සිල්වා
ජෝන් සිල්වාWednesday, 16 October 2019 01:07 AM
මම අදහස ඉදිරිපත්කලේ දේවෝ වස්සතු කාලේන යන බුදු දහමේ දැක්වෙන ගාථාවට අනුවයි. එම අදහසට විරුද්ධව ඩිස්ලයික් දැමීම බුදුදහමට හානිකිරීමක් නොවේයැයි කිවහැකිද
මරිසිපාල Wednesday, 16 October 2019 10:42 AM
ස්වභාව ධර්මයටත් දේශපාලනය ගාවගන්න රටක් මේක. 225 ගැන කවර කතාද ඉතින්?