
(කාංචන කුමාර ආරියදාස)
කලා වැව දියවර ගම්මානයේ බොහෝ දරුවන්ට අන්තර්ජාල පහසුකම් නිසි ලෙස නොලැබීම නිසා අධ්‍යාපන කටයුතු සිදුකර සිදුකර ගැනීමට කලාවැව ඉස්මත්තේ ඇති වන අලි ගැවසෙන වන ලැහැබ්කට යාමට සිදුවී ඇතැයි මාපියෝ පවසති .
නිවෙස් වල සිට විශාල දුර බැහැරක් ගෙවා මෙම දරුවන් මෙන්ම එම ප්‍රදේශයේ සිට පාසල් දරුවන්ට අන්තර්ජාල හරහා ඉගැන්වීම් කරන ගුරුවරුන්ට ද මෙම වන ලැහැබ්ට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරන බව ද මව්පියෝ කියති.
එමෙන්ම දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන පවුල්වල දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි දුරකථන නොමැති නිසා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාවූ පිරිස් ද මෙම ප්‍රදේශවල සිටින බව ජනතාව පවසති.
එක දුරකථනයකින් කුඩා දුවා දරුවන් තුන් හතර දෙනා එකට එක් වී සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරයද දැක ගැනීමට හැකි විය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔය රටේ ණයට වඩා උසට කොමිස් කුළුණු ගහලා දීලා තියෙන්නේ. ඒවාට නැගලා බලන්න.
මේකේ හොඳ පැත්ත තමයි.., පන්තියේදී තනියෙන් ඉගෙන ගන්නවාට වඩා මෙහෙම කට්ටිය සෙට් වෙලා කරනකොට හැමෝම උනන්දුවෙන් ඉගෙන ගන්නවා. දන්නා අය නොදන්නා අයට කියලා දෙනවා...
අනේ මන්දා කාට පිස්සුද කියලා.. දැන් ළමයි මෙහෙම එක්රැස් වෙනවා නම් පාසලට ගිහින් ඉගෙන ගන්න බැරි ඇයි..? හරියට පාසැල්වල ඩෙස් බංකු වලින් කොරෝනා බෝවෙනවා වගේනේ...
ලැජ්ජයි නන්දසේන..!!!
සිසු දරුවන්ගේ පහසුකම් කෙසේවෙතත් රට විකුණලා හරි දේශපාලුවන්ගේ සියලුම ඕනෑ එපාකම් ඉෂ්ඨ වෙන එක මදිද?.
කතාවේ යම් ඇත්තක් තියෙන්න හැකියි. ඒත් අර එක් තැනක ලැප්ටොප් එක පැත්තක තියලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. තව තැනක ඇඳගෙන ඉන්නා ඇඳුම් හා ආම්පන්න අනුව සල්ලි නෑ කියන්නත් බෑ. අනෙක ගුරුවරුත් කැලයට එනවා නම් ළමයිනුත් එතනට එනවා නම් ඉතින් එතන ඔන් ලයින් එකක් නොවෙයිනේ තිබෙන්නේ...
වී8, මොන්ටේරෝ, ප්‍රාඩෝ, ලෑන්ඩ් කෘෘසර්, ... තමයි අඩු..
මේක රජය අපහසුතාවයට පත් කරන්න කරන වැඩ. කෝ අපේ අජිත් රෝහණ මහත්තයා..? වහාම සංචරණ සීමා කඩ කිරීමේ නීතිය යටතේ අත්අඩංගුවට ගන්න .. නැතිනම් චමුදිත පෙන්නලා දෙනකම් ඉන්නවද?
ළමයි පත්තරේට කියලද යන්නේ? වෙන බයිලා නැද්ද?
බොරු වැඩ, ඉගෙන ගන්න ඔය මුකුත් ඕනැ නැහැ. අපි ඇමෙරිකාවට ආවෙ ඔහොම ඉගෙන ගෙනද?
මේ ළමයි විඳින දුක ගැනත් දේශපාලන වාද කරන කාලකන්නි අපේ රටේ ඉන්නේ.... මේක දාපු එකට ස්තුති කරන්නේ නැතුව පත්තරේට කියලද ගියේ කියලා අහන්න පුළුවන් ළමයි නැති කෙනෙක්ටම තමයි.
පාර්ලිමේන්තුවේ ඉන්න අයට තව වාහන ගන්න කියන්න ඕනේ...!!!