IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කල්පිටියේ වැවකින් අරාබි වැකි සහිත පුවරුවක කැබලි හමුවේ

(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල තාමරම්කුළම් වැවට දමා තිබූ සියුම් කැබැලිවලට කඩා බිද දමන ලද  අරාබි වැකි සහිත පුවරුවක් අද (9)  සොයාගත් බව කල්පිටිය පොලිසිය කියයි.
 
ප්‍රදේශවාසී ජනතාව ලබාදුන් තොරතුරක අනුව මෙම පුවරු සොයාගෙන ඇත.
 
යම් ස්ථානයක සවි කර තබන ලද කළුගලින් නිමවන ලද මෙම පුවරුවේ, ඉංග්‍රීසි බසින් කොටන ලද ශ්‍රී  ලංකා ජම්ම්ත් යන වැකිය පමණක් හඳුනාගෙන ඇති බවද අනෙකුත් අරාබි වැකි හඳුනාගත නොහැකිවන පරිදි ඉතා කුඩා කොටස්වලට කඩා දමා තිබූ බවද පොලිසිය කියයි.

කල්පිටිය නාවුක හමුදා සෙබලු ද මෙම පුවරු පරීක්ෂාවට ලක් කළහ.
 
මෙම ගල් පුවරු පිළිබඳව කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (14)

කල්පිටියේ වැවකින් අරාබි වැකි සහිත පුවරුවක කැබලි හමුවේ

janahitha Thursday, 09 May 2019 12:55 PM

මේවා නෂ්ටාවශේෂ වෙන්න නම් බැහැ. මොකද අපේ ඉතිහාසයේ අපි අහලා නැහැ අරාබි ජාතිකයින් ලංකාවේ උන්නා කියලා. කොහොමටත් අපිට වෙනවා හොද සුද්දයක් දාන්න. තියන තත්වය ඉතාමත්ම අවදානම් වගේම භයානකයි. ඒ වගේම රටට ජාතියට ආදරය කරන පාලකයන් පත් කර ගැනීමට ජනතාව සිහි තබා ගතයුතුයි.

:       2       359

NUwanFriday, 10 May 2019 05:27 AM

හමුදාවෙන් අල්ලනවා - පොලිසියෙන් නඩු දානවා - රජයෙන් නිදහස් කරනවා

:       56       143

nali Thursday, 09 May 2019 06:16 PM

ශ්‍රී ලංකා ජම්ම්ත් කියල ඉංගිරිසියෙන් කොටලා තිබුනානම් කොහොමද මේවා නෂ්ටාවශේෂ වෙන්නේ ?

:       1       112

Vipula Friday, 10 May 2019 02:50 AM

මේවා මේ ලඟදි හදපුව, ඔය ටික දෙන්න රාජ් සෝමදේව මහත්තයට , එතුමා එකතු කරලා හදල දෙයි, ලංකාවේ දැන්වත් පවලට ලමයි 2 පමණක් වෙන විදියට නීතයක් සම්මත කලයුතුයි හැකි ඉක්මනින්,

:       2       131

sharm warn Friday, 10 May 2019 04:17 AM

අපිට අලුත් ඉතිහාසයක් උගන්වන්න හදලානේ මේගොල්ලෝ ... පුදුම අහිංසක කමක් නේ . .

:       1       25

Ahmed Friday, 10 May 2019 05:09 AM

පොලීසියට තොරතුරු දී ත්‍රස්තවාදය වැළැක්වීමට උපරිම සහය දක්වන්න මහජනතාවට ස්තුතියි. ත්‍රස්තවාදයට කැමති, ත්‍රස්තවාදීන් පමණක් හැර අහිංසක මහජනතාව නොවේ ......

:       1       73

Ahmed Friday, 10 May 2019 05:12 AM

මං දන්න තරමින් මේවා විදේෂාධාර වලින් හදපු ගොඩනැගිලිවල තියෙන සමරු ඵලක..........

:       46       88

maraya Friday, 10 May 2019 06:03 AM

මේ ගතවන්නේ ඉතාම අඳුරු යුගයක්ය. නුඹේ වැරදි තීරණය මුළු රටටම හෙනයක් වනු ඇත. රජය වහාම ඉල්ලා අස්විය යුතුය. මෙම හම්බවෙන දේවල් කඩු කිනිසි බෝම්බ සුළුකොට නොතකන්න, ජනතාවගෙන් වසන් නොකරන්න. මෙම රජයට නොහැකි බව මුළු ලෝකෙම දනී. වහාම ගෙදර යන්න. අනාගතය තීරණය වෙන කාලයක් මේ. එකදු මුස්ලිම් අයෙකුටවත් පහරක් නොගසන්න. ඔවුන් දැන් ඔබේ පහර ලැබෙන තුරු බල සිටි.

:       2       56

athuraFriday, 10 May 2019 07:57 AM

මාර කතාවක්නේ ඒක. මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙලා ඊළඟට එන ආණ්ඩුව මෙයාලව හුරතල් නොකර ඉඳීද? අන්න එදාට ඉර අනිත් පැත්තෙන් පායයි.

:       112       45

Indhika Friday, 10 May 2019 07:50 AM

මේක පුරවිද්‍යාත්මක වටිනාකමක් ඇති සෙල් ලිපියක් මේකෙන් පැහැදිලි වෙනවා සුද්දෝ ඉංගිරිසි ලියන්න පටන් ගන්නත් කලින් ඒ වගේම විජය රජු ලංකාවට එන්න කලිනුත්, ලංකාවේ මුස්ලිම් මිනිස්සු හිටිය බවත්,

:       19       60

naliFriday, 10 May 2019 06:09 PM

එතකොට ඔය තාලන්කුලම වැව හදපු සිංහලයෝ ඊටත් කලින් ඉන්න ඇතිනේ...?

:       0       0

sena Friday, 10 May 2019 05:40 PM

අපේ රටේ රාජ්‍ය පාලකයන් මොන තරම් මුස්ලිම්වරුන්ට ඕනෑ විදිහට වැඩ කරන්න දීලද? ඔවුන්ට ඕනෑ ඡන්ද ලබාගැනීම පමණයි.

:       1       9

jeewa Friday, 10 May 2019 06:32 PM

මේ ආණ්ඩුවට ඡන්දය නොදුන්න කෙනෙක් හැටියට ගොඩක් ආඩම්බර වෙනවා .

:       0       0

padmasiri,sugathapala Saturday, 11 May 2019 02:17 PM

ඔක්කොම බොරු කියන්නේ... නිකන් මුස්ලිම් මිනිස්සුන්ව සැක කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site