(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටියේ මා දැල් සිය වාර්ෂික මා දැල් වාරය නිමවා ඉදිරි මාස හය සදහා සිය සුපුරුදු ප්‍රදේශයන් කරා සංක්‍රමණය වීම ආරම්හ කර ඇතැයි පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි.
මේ වන විට සියයකට වැඩි පිරිසක් අදාළ ලිඛිත අවසර පත් ලබා ගෙන නික්ම ගොස් ඇති බව
කල්පිටියේ මා දැල් 82 ක් පවතින අතර, මැයි මාසයේ අග භාගය වන විට ඒවායේ වාර්ශික මා දැල් වාරය නිමා වේ.මීට හේතුවන්නේ මුහුදේ රළු බව ඉහළ ගොස් මා දැල් කර්මාන්තයේ නිරත වීම අසීරු වීමය.
මෙම අයහපත් කාළගුණය මගහැර, සිය මා දැල් රැකියාවේ නිරත වීම පිණිස ඔවුහූයාපනය, කල්ලරාව, මුලතිවු, ත්‍රිකුණාමළය ආදී ප්‍රදේශයන් කරා සංක්‍රමණය වෙති.
මාස හයක කාලයක් එම ප්‍රදේශවල මා දැල් රැකියාවේ නිරතවන ඔවුහූ වාරකන් කාලය ඉක්ම යාමත් සමග යළි කල්පිටියට පැමින සිය රැකියා මෙහි අරඹති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළු උයලා කනකොට රසයි... කරවල බැදලා කනකොට රසයි... නමුත් ඒවා අපිට සපයන්න. මේ ධීවරයින් රළු මුහුදත් සමග මොන තරම් සටනක් කරනවාද? සංක්‍රමනික ජීවිත ගෙවමින් ඔවුන් ගතකරන කටුක ජීවිතය... අපි කන මාළුතරම් රසවත් නැහැ නේද?