හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ කල්පිටිය පද්මා කුමාරි කංකානම්ගේ
කල්පිටිය අර්ධද්විපයේ ඉදිකළ දෙතිස් රියන් උස හිටි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවර්ණය කිරිම මහා සංඝරත්තයේ හා විශාල පිරිසගේ සහභාගිත්වයෙන් අද සිදු විය.
මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ කල්පිටිය නගර මැද විජය නාවුක හමුදා කඳවුර ආසන්යේ ඉදි කර තිබේ. එය ඉදි කර ඇත්තේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දෙතිස්පල බෝධින් වහන්සෙගෙන් එක් බෝධින් වහන්සේ නමක් රෝපනය කර ඇති ස්ථානයට නුදුරිනි.
කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතාගේ සංකල්පයෙන් අක්ෂී රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මුල්‍ය පරිත්‍යාගයෙන් පිළිමය ඉදි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම උපතින් කතෝලික. බුද්ධාගමට කැමතියි. පසුගිය මාසේ ඇමෙරිකාවට ගිය වෙලාවේ දැක්කා බුද්ධාගමට එහෙ තියෙන තැන. සතුටුයි අපේ කල්පිටියට මේ වගේ බුද්ධ ප්‍රතිමාවක් ලැබීම ගැන.
මිනිස්සුන්ගේ අත්වලින් හදාලා ඒවාටම පෙරලි පෙරලි වැඳලා මොන සහනයක්ද මේ මිනිස්සු බලාපොරෝත්තුවෙන්නේ. මමත් අවුරුදු 43ක් මේවාට වැඳලා සත්‍ය දැනගත්දා සිට මේවායේ පුහු බව වටහා ගත්තා.
කුමාර, බුදුන් වහන්සේ ඉදිරියේ යදින්න එපා. බුද්ධ ධර්මය තුළින් අපට කන්න බොන්න, යානවාහන, සල්ලි, ලෙඩ රෝග සුවකරනවා වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ... මොකද බුදුන් ලෝකය සහ මිනිසුන් මැවූ සර්වබලධාරී නොපෙනෙන දෙවියන් නොවේ.