(රොමේෂ් මධුෂංඛ)
පවතින අධික වර්ෂාපතනයත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයන් අද(06) උදැසන ජලයෙන් යට වීමෙන් විපතට පත් වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.
කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ පිහිටා තිබූ විභාග මධ්‍යස්ථානයේ පහළ තට්ටුවල පංති කාමර ජලයෙන් යට වීමෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුදහමුදා නිලධාරීන් විසින් පහල තට්ටුවල තිබූ මේස පුටු ඉහල තට්ටු වෙතට රැගෙන ගොස් විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන්ද ඉහළ තට්ටුවට රැගෙන යාමට කටයුතු යොදා ඇත.
එමෙන්ම විභාගයට පෙනී සිටින දරුවන්ට ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙතට පැමිණීමට නොහැකි වීමෙන් යුද හමුදා සෙබලුන් විසින් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටීමටද පියවර ගෙන ඇත.
මේ අතර පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ද අද උදෑසන ජලයෙන් යට වී ඇති අතර විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදාගෙන විභාග ශාලාව වෙත රැගෙන යාමටද යුද හමුදා නිලධාරීන් පියවර ගෙන ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩි දුරටත් පවසියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ... අමාරුවේ වැටෙනකොට හමුදාව හොඳයි... වැඩේ කරගෙන සේරම ගොඩගියාට පස්සේ තමයි ආපහු තලගොයා කබරගොයා වෙන්නේ.. එතකොට ඩයස්පෝරාවේ ඉන්න කාලකන්නි කොඩි වනවන උඩ පනිනකොට මේවා මතක නැහැ...
කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්.............අපේ රණවිරුවන්ට සියලු දෙවි රැකවරණයි.
කොච්චර කලත් වැඩක් නැහැ. බලන්න සුමන්තිරන්, සම්බන්ධන්, විග්නේශ්වරන්, සිවාජිලිංගම්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මනෝ ගනේෂන් වැන්නන් කියන ඒවා. කිසි කෙලෙහි ගුණයක් නැහැ.
ඔන්න ඕවා ලොකුවට දාන්නකෝ ඩයස්පෝරාවට පේන්න.