IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කිලිනොච්චියේ කුඹුරකින් හමුදා ඇඳුම් හා අස්ථි කොටස්

(සිතුම් චතුරංග)

කිලිනොච්චිය,විලාවෝට්ටෙයි ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබි අස්ථි කොටස් කිහිපයක් හා ආරක්ෂක අංශ නිළ ඇදුමකට සමාන ඇදුම් කොටස් කිහිපයක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කුඹුරු ඉඩම් හිමියකු සිය වගා කටයුතු සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ඉඩම සකස් කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් මතුව ඇතැයි පොලිසිය පැවසීය.

ආරක්ෂක හමුදා භාවිතා කරන හිස්වැසුම් දෙකක් , යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් , මැගසින් රඳවන ඇතුළු හමුදා නිල ඇඳුම් කොටස් කිහිපයක්ද සොයාගත් බවද පොලිසිය පැවසීය.

අස්ථි කොටස් පිළිබඳ කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසූයේ අදාල ස්ථානය මීට පෙර ආරක්ෂක බංකරයක් තිබී ඇති බවට සාධක හමුවී ඇති බවත් මියගිය පුද්ගලයා ආරක්ෂක අංශ සෙබළකුද නැතිනම් එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය නොවූ බවයි.



අදහස් (2)

කිලිනොච්චියේ කුඹුරකින් හමුදා ඇඳුම් හා අස්ථි කොටස්

saman Thursday, 05 August 2021 04:20 PM

දැන් මේවා මහජනයාට අමතකයි, නමුත් දෙමවුපියන්, දූ දරුවන්?

:       0       0

fairoos Thursday, 05 August 2021 06:07 PM

මේවා පෙන්නලා අනිත් ඒවා අමතක කරන්න බැ දැන්... සර් ෆේල්...!!! 

:       106       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17795 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site